SMPS දෝෂ සොයා ගත හැකි විශේෂ ආකාර කිහිපයක්

smps එකක ඇසට පෙනෙන මෙන්ම නොපෙනෙන දෝෂ ද බොහොමයක් ඇත ,කළු පාටට පිලිස්සී ගිය ප්‍රතිරෝදක ,වෙරිස්ටර් ,විලායක ,පුපුරා ගිය ධාරිතරක නම් පහසුවෙන් අපිට හදුනා ගන්න පුළුවන් , නමුත් ඊට වඩා වෙනස් විදියට , අපිට පිටතට නොපෙනෙන ලෙස පිලිස්සී ගිය උපකරණද smps වල බහුලව දක්නට ලැබෙනවා , ඉතින් මෙහෙම උනාම දෝෂ නිරාකරණය කර ගත හැකි ක්‍රම කිහිපයක් තම දැන් විස්තර කරන්න යන්නේ .
  1.            BLUE RING පරීක්ෂකයා යොදා ගැනීම

smps කියන්නේ ඉතා සංකීර්ණ පරිපථයක් , ප්‍රථමික හෝ දිවිතික පරිපථයක කුඩා දෝෂයක් නිසා මුළු ජව සපයුමම අඩාල වන අවස්ථා ඕනා තරම් දක්නට ලැබෙනවා ,smps එකක් අලුත්වැඩියාවට කලින් එම උපකරණෙ පරිපථ සටහන් හොයා ගන්න තියනවා නම් තමා ගොඩාක් හොද , මොකද අපි කොචර කතා කරතැහැ ,smps නිෂ්පාදනය කරන සමාගම අනුව එකම බලය තියන smps එක උනත් විවිද පරිපත වලින් දක්නට ලැබෙනවා

සමාන්‍යයෙන් අපි දයෝදයක් පරික්ෂා කරනවා නම් කරන්නේ දයෝදයේ එක අග්‍රයක් ගලවලා සමනය දයෝද පරික්ෂාව සිදු කිරීම, නමුත් මේක දයෝදය pcb එකෙන් ගලවන්නේ නැතිව කරන්න තියනවා නම් කොචර ලේසි ද ,අන්න ඒ වගේ වැඩකට තමා මේ උපකරණය යොදා ගන්නේ 

මෙම පරික්ෂාවට පෙර ජවය විසඳි කර ,ධාරිත්‍රක විසර්ජනය කල යුතුය ,ඒ වගේම නැවත ජවය නොලැබෙන බවට තහවරු කරගත යුතුමය
දැන් කරන්න තියෙන්නේ ,SMT ට්‍රාන්ස්ෆොර්මරයේ ප්‍රථමික දගරය දෙකෙලවරට මෙම ටෙස්ටරය සම්බන්ද කිරීමයි , ටෙස්ටරයේ සියලුම led දැල්වෙයි නම් ,smps ප්‍රතමිකයේ කිසිදු ලුහු පරිපථ වීමක් නොමැත .ඒ වගේම led 2ක් 3ක් පමණක් දැල්වෙයි නම් ,ප්ර්තමිකයට සම්බන්ද දගරය ,හෝ ධාරිහ්රක හා fet ලුහු පරිපත වී තිබිය යුතුමය
මේක හොදටම බලාගන්න පුළුවන් මේ පරික්ෂාව කරනකොට පොඩි උල් අඩුවක් අරගෙන දයෝදය ලුහු පරිපථ කරන්න led 2ක් පමණක් දැල්වෙනවා බලාගන්න පුළුවන්
ඒ වගේම ප්‍රථමික දගර සම්බන්ද වන තැන් හොයාගන්න ත් අමාරු නෑ .fet 1ක් drain අග්රයත් ,පෙරහන් ධාරිත්රකයේ ධන අග්‍රයත් මෙම උපකරණය සම්බන්ද කලා නම් හරි

 මෙම පරිශාවෙන් ජව සැපයුම් ප්‍රතමිකයේ ඇති ලුහු පරිපථ වීම පහසුවෙන් සොයාගන්න පුළුවනි ,ඉතින් කොචර ලේසිද බලන්න කාලය ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන් මේ උපකරණය හදාගතොත් පොතේ අවසානයේ මේක හදා ගන්න ඕනා උපකරණ හා පරිපථ සටහන දක්වලා තියනවා
ඒ වගේම මෙම උපකරණය CRT tv වල fly BAck ට්‍රාන්ස්ෆොර්මාරය පිරික්ෂා කරගැනීමටත් යොදා ගන්න පුළුවන්
  • 2.      Flickering Method

මේ පරීක්ෂාවෙන් කරන්නේ දෝෂය තියෙන්නේ ප්‍රතමිකයේද නැත්නම් දිවිතිකයේද කියල හොයාගන්න එකයි  බලන්න එහෙම හොයාගතේ නැත්නම් උපකරණ කියක් පරික්ෂා කරන්න වෙයිද දෝෂය තියන පරිපථය සොයාගන්න .මෙම ක්‍රමයෙන් එක පහසු කරන එක තමා කරන්නේ
මේකට පහත සදහන් කෙටි පියවරවල් ටික අනුගමනය කරන්න වෙනවා ,සහ analog මල්ටිමිටරයක් ඕනා වෙනවා මේක පහසු කරගන්න 


මුලින්ම smt ට්‍රාන්ස්ෆොර්මාරය ගලවන්න ඕනා ,analog මීටරයේ 50 v කලාපයට දමා රතු අග්‍රය cold ground වලටත් අනෙක power fet එකේ drain පින් එකටත් තබා ගන්න ඕනා power ic එකක් නම් තියෙන්නේ එකේ drain පින් එකට තම කළු අග්‍රය සම්බන්ද වෙන්නේ
            දැන් power on කරලා බලන්න මල්ටිමිටරය flicker වෙනවද කියල flicker වෙනවා නම් 95 % වගේ කියන්න පුළුවන් ,ජව සැපයුම් ප්‍රතමිකයේ කිසිදු දෝෂයක් නොමැති බව
එහම flicker වෙන්නේ නැත්නම් ප්‍රතමිකය නැවත පරික්ෂා කරලා බලන්න වෙනවා
මෙම flicker වීමේ වේගය smps වර්ගය මත රදා පවතින අතර එම වේග ගැන අදහසක් මෙම පරීක්ෂාවන් කිහිපයක් ප්‍රයෝගිකව සිදු කරන විට අවබෝද කරගත හැකිය
ප්‍රථමක දෝෂයක් තියනවා නම් ඒවා හදලා නැවත මෙම පරික්ෂාව කරන්න හැබැයි smt සම්බන්ද කරලා power on කරන්න කලින් හොදට මතක තියාගන්න දිවිතිකයේ දෝෂ පරික්සා කර බලන්න නැතනම් නැවතත් ප්‍රථමික උපකරණ දැවී යන්න පුළුවනි

 3.       ප්‍රතිරෝධක පරික්ෂාව

සමහර අවස්ථා වල ගොඩාක් smps වල කිසිම දෝෂයක් නෑ , නමුත් smps එකෙන් ජවය ලබා දෙන උපකරණයේ තියන කුඩා ධාරිත්රකයක් ලුහු පරිපත වීම නිසා smps over loard අවස්ථාවට පත් වෙන්න පුළුවනි මේ වගේ දෝෂ smps එක කොචර පරික්ෂා කරත් හොයාගන්න බෑ

අපිට කරන්න පුළුවන් ලේසිම පරිශාව තම දිවිතික දයෝදයේ පරතිරෝධය පරික්ෂාව එක එචර අමාරු නෑ රුපසටහනේ පරිදි මල්ටිමිට්ර අග්‍ර ස්මබන්ද කර ඕම පරාසයේ ඕම අගයක් පෙන්වනවා ෟහස බලන්න ඕම් අගයක් පෙන්වයි නම් දිවිතිකය හොද තත්වයේ පවතිනවා යයි උපකල්පනය කල හැකිය 


මෙහිදී මල්ටිමෙටරයෙන් ද්යෝද පරික්ෂා කිරීම පිළිබද අවබෝදයක් තිබීම ඉතා වැදගත් වේ ,ඉතින් මේ පරීක්ෂාවෙන් දිවිතික දයෝද ලුහු පරිපත වී ඇත්නම් එය සොයා ගත හැකිය
ඒ වගේම මෙමෙ පරිෂා කිරීම් සියල්ලම x 1 පරාසයේ සිදුකිරීමට වගබලා ගත යුතුය



  • 4.       Isolation ක්‍රමය
උපකාරයේ දෝෂයක් නිසා smps ක්‍රියා නොකරයි නම් එය පරික්ෂා කිරීමට හොදම ක්‍රමය smps එක උපකරණයෙන් ස්මපුර්නයෙන්ම ඉවත් කොට පරික්ෂා කර බැලීමයි ,මෙම ක්‍රමයටද සමහර smps ක්‍රියා නොකරයි ,මොකද සමහර smps උපකරණයෙන් ඉවත් කලාම එහි පාලන පරිපත්යත් ඉවත් වන නිසා smps on වන්නේ නෑ එතකොට එම පාලන පරිපත්යට ඕනා වෝල්ටීයතාවය පිටින් ලබා දෙන්න වග බලාගන්න ඔන්න]
ඒ වගේම සමහර smps no loard on කරන්න බෑ ඒ වගේ අවස්තාවක කරන්න තියෙන්නේ වෝල්ටීයතා පිශාව සිදු කිරීමයි ,crt රුපවාහිනියක ජව්ව සැපයුම පරික්ෂා කරන ආකාරය ගැන දැන් සලකා බලමු
මුලින්ම එහි B + වෝල්ටීයතාවය හදුනා ගන්න එය 40 v -110 v  පමණ අගයක් වනු ඇත ,මෙම අගය පරිපත්ය අනුව වෙනස් වෙයි
දැන් b + ලබා දෙන ට්‍රාන්ස්ෆොර්මාරය පරිපතයෙන් ඉවත් කරන්න
දැන් මෙම b + දගරය සම්බන්ද උවූ ස්ථානයට පහත රුපයේ පරිදි 100 w බල්බයක් සම්බන්ද කරන්න 



දැන් fly back ට්‍රාන්ස්ෆොර්මාරය වෙනුවට සම්බන්ද ව ඇත්තේ බුල්බයකි ,දැන් smps ක්‍රියා කරවා බලන්න මොකද වෙන්නේ කියලා  බල්බයේ සිදුවන ප්‍රදාන අවස්ථා පහක් ඔබට දකින්න ලැබෙයි මෙම අවස්ථා පහතින් විස්තර කර තිබෙයි



a.       බල්බය ඉතා හොදින් පත්තු වෙනවා නම් හා ජවසපයුමෙන් ලැබිය යුතු අනෙකුත් වොල්ටියතාවන්ද නිවැරදිවම ලැබෙනවා නම් අපි සලකන්නේ ජව සැපයුමේ කිසිදු දෝෂයක් නොමැති බවයි
ඒ වගේම දෝෂය තිබෙන්නේ භාර පරිපථය තුලයි ,බොහෝවිට H OUT ට්‍රාන්සිස්ටරය ,ෆ්ලය්බක් ට්‍රාන්ස්ෆොර්මාරය ,නැතිනම් yoke coil වලට හානි සිදුවී තිබිය හැකියි

b.       බල්බය පත්තු නොවීම තිබෙනවා නම් දෝෂය තිබෙන්නේ අනිවාර්යෙන්ම ජව සපයුමේය ,ඒ නිසා මුලින්ම ජව සැපයුම අලුත්ව්වදිය කර යුතුය

c.       බල්බය පත්තු වී නිවී යයි නම් දෝෂ කිහිපයක් විය හැකිය ,සමහර විට බල්බයෙන් ලැබෙන භාරය smps වලට ප්‍රමාණවත් නොවීම නිසාත් මෙවැනි අවස්තාවක් ඇති වේ ,නැති නම් ජව සැපයුමේ ආරක්ෂක පරිපථයක බිදවැටීමක් නිසාත් මෙවැන්නක් සිදු වේ

d.       බල්බයේ එලිය ඉතා දීප්තිමත් හා අදික වෝල්ටීයතාවයක් සහිත වීම මෙය බොහෝ විට ප්‍රතිපෝෂණ හෝ වෝල්ටීයතා යමන පරිපථයේ දෝෂ නිසා ඇති වන අවස්ථාවකි ,tl 431 ,opto ic පරික්ෂා කල යුතුය

e.       බල්බය් නිවී නිවී පත්තු වීම මෙය බොහෝ විට mcu වලට අවශ්‍ය සන්නා නොලැබීම නිසා ඇතිවන තතවයකි , ජුන්ගල් ic වෙත ජවය ලැබෙයි පරික්සා කරන්න 5 v නොලැබෙයි නම් මෙවන් අවස්තාවක් ඇති විය හැකිය

පරිගණක ජව සැපයුම් ATX වල නම් මේ කරනවා මිට වැඩ බෙහවින් වෙනස් මොකද සමහර smps තියනව නිවැරදි මව් පුවරුව නොමැතිව කිසිම විටක ඕන කරන්න බැරි ඒ වගේ ඒවා හදන්න යන එක නම් කාලය කා දැමීමක් ,computer ජව සැපයුම් ගැන අපි ඉදිරි පරිචේදයක විස්තර කර තිබෙනවා
අද වන විට ලංකාවේ led light board ගොඩාක් ජනප්‍රියයි ,ඒ වගේම තමා cctv ,මේ වගේ උපකරණ වල යොදා ගන්න smps වල නම් 18 v 24 v තමා උපරිම වෝල්ටීයතාවය වන්නේ ඒ වගේ උපකරණ පරික්ෂා කරනකොට 24 v ඖටෝ බල්බයක් යොදා ගතා නම් හරි






  • 5 .       දිවිතික ඩයෝඩ ඉවත් කිරීමේ ක්‍රමය


ප්‍රතිධාන කිහිපයක් සහිත smps එකක් නම් දයෝද කිහිපයකින් පරිපථ කිහිපයකට වෙන වෙනම සැපයුම් ලබා දී තිබෙයි , මෙවැනි අවස්තාවක එක පරිපථයක හෝ ලුහු පරිපථ වීමක් සිදු වුව හොත් එය smps ක්‍රියාකාරිත්වයට බලපායි ,එවැනි අවස්ථා වලදී ,දයෝද එකින් එක ඉවත් කර කුමන පරිපථයේ දෝෂය තිබේ දැයි හදුනා ගත හැකිය 

මේකට හොද උදාහරණයක් තමා tv තිරස් එලවුම් ic සිදුවන ලුහු පරිපත වීම සොයා ගැනීමට මෙම ක්‍රමය යොදා ගැනීම
ඒ වගේම මතක තබා ගත යුතු වැදගත් කරුණක් මෙහි තියනවා ඒ තමයි කීයටවත් සියලු දයෝද ඉවත කරලා මෙම පරීක්ෂණය කරන්න යන්න ඒවා ජව සැපයුම over voltage වෙලා ප්‍රථමික උපකරණ වලට හානි සිදු වන්න පුළුවනි


No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...