DC to DC Converter

 

    INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.

 

ප්‍රතිධානය DC

ප්‍රතිධානය AC

ආදානය AC

රේකිය ජවසපයුම

රේකිය බැටරි ආරෝපකය

 

Isolation පරිනාමකය

Auto ට්‍රාන්ස්ෆෝමරය

VFD (Variable Frequency Drive)

ආදානය  DC

DC-DC Converter

Inverter

UPS

මෙම වගුවේ ඇති රේඛීය ජව සැපයුමේ හැර අනෙක් සැම අවස්ථාවකම ස්ව්චීකරණය වන උපාංග හා PWM ක්‍රමවේදයන් බාවිතා කර තිබේ.මේ උපකරණ පොදුවේ සුව්චීකරන උපකරන ලෙස හැදින්විය හැකිය. මෙම පාඩමේදී සාකච්චා කරන්නේ DC–to-DC Converter කොටස පිලිබදවයි.

1.1

 

    DC වෝල්ටීයතාවයක් වෙනත් DC වෝල්ටීයතාවයක් බවට පරිවර්තනය කරගැනීමට DC–to-DC Converterයොදා ගනී එහි ක්‍රියාවලිය අනුව විවිද වර්ගවලට මේවා වෙන් කලහැකිය.ඒ වර්ග සියල්ලම පහත වගුවේ දක්වා තිබේ. මෙම පරිපථ සදහා සිංහල නම් සොයාගැනීමට අපහසු නිසා ඉංග්‍රීසි නම් පමණක් බාවිතා කර තිබේ.

Ioslated

Non Ioslated

·         Flyback Converter

 

·         Buck Converter

 

·         Fly Buck Converter

·         Boost Converter

 

·         Forward Converter

·         Inverting Buck Converter

 

·         Push-pull Converter

·         Non-Inverting Buck-Boost Converter

 

·         Half-Bridge Converter

·         Cuk Converter

 

·         Full Bridge Converter

·         SEPIC Converter

 

 

·         ZETA Converter

 

 

·         Split Converter

 


    කුඩා කුඩා වෙනස් කම් තිබුනත් මේ සියල්ලගේම ක්‍රියාකාරීත්වය එකම මුලධර්මයක් පදනම් කරගෙන සිදුවන බව පාඩම් මාලාව අවසානයේදී ඔබට තේරුම් ගත හැකිය.
මේ පාඩමේදී ප්‍රධාන වශයෙන් සාකච්චා කරන්නේ Buck,Boost හා Buck & Boost Conveters පිලිබදවයි.

 


PWM(Puls Width Modulation)

    කලාප පළල මුර්ජන්ය යන ක්‍රියාවලිය DC to DC පරිපථ ක්‍රියා කරන මුලධර්මයයි. ඕනෑම වෝල්ටීයතා තරංගයක් සැලකුවහොත් අපට එයින් බාවිතයට ගත හැකි වන්නේ එම තරංගයේ වර්ග  මධ්යන්ය අගයයි PWM ක්‍රමය ක්‍රියා කරන්නේ මෙම මුලධර්මය පදනම් කරගෙනයි. පහත රූපසටහන් දෙක සලකන්න.

 

 






පළමු රූපයේදී බල්බයට සැපයෙන වෝල්ටීයතාවය අඩු කිරීමට විචල්‍ය ප්‍රතිරෝධකයක් යොදා ඇත.මේ අවස්ථාවේදී විචල්‍ය ප්‍රතිරෝධකයෙන් තාපය ලෙස ශක්තිය හානි වී අඩු වෝල්ටීයතාවයක් බල්බයට ලැබෙයි.

දෙවැනි රූපයේදී විචල්‍ය ප්‍රතිරෝධකය වෙනුවට යොදාගෙන ඇත්තේ වේගයෙන් ක්‍රියාකරන ස්විචයකි මෙම ස්විචය පහත ප්‍රස්ථාරයේ දැක්වෙන පරිදි ON / OFF කළා යයි සලකන්න,මෙහිදී ON වී තිබෙන කාල සීමා දෙකකට OFF කාලසීමා තුනක් ඇති බව ඔබට පැහැදිලිය. මෙයින් ලැබෙන වෝල්ටීයතාවය ලබාගැනීමට නම් එම අගයන්ගේ මධ්‍යනය  අගය ලබා ගත යුතුය. මෙහි මධ්‍යනය අගය පහත පරිදි ලබාගත හැකිය.

 


 

ඒ අනුව ප්‍රධාන වෝල්ටීයතාවය 5v සැපයුමක් ඉහත රුපසටහනේ දැක්වෙන පරිදි PWM කලොත් 2.5v ලබාගත හැකිය

මේ අවස්ථාවේ ස්විචයක් යොදා ගත් නිසා විචල්‍ය ප්‍රතිරෝදයකයේ මෙන් ශක්ති හානියක් ද  ඇති නොවේ යයි උපකල්පනය කල හැකිය. නමුත් ප්‍රායෝගිකව මේ සදහා සුච්චයක් වෙනුවට යොදා ගත යුත්තේ ට්‍රාන්ස්සිටර් සුව්චයකි,එය අදික වේගයකින් on /off වනවිට යම්කිසි ශක්ති හානියක් ප්‍රායෝගිකව ඇති වන නමුත් එය විචල්‍ය ප්‍රතිරෝදයෙන් සිදුවන ශක්ති හානිය හා සැසදීමේදී ඉතා කුඩා අගයකි.

මෙසේ PWM යොදාගෙන වෝල්ටීයතා යාමනයේදී PWM ස  වේ සංඛ‍‌‌‌‌්‍යයතය නියතව තබාගෙන, හෝ අවර්ථ කාලය [T] නියතව තබාගෙන,ON Plus එකේ කාලය[ t ] වෙනස් කරනු ලබයි ඒ අනුව ප්‍රතිධානයෙන් ලැබෙන වොල්ටීයතාවයට සම්බන්දයක් පහත පරිදි ලබාගත හැකිය.

 

 

 

 

PWM සාදාගත හැකි ආකාර

  • ·         Transistor දෝලකයක් මගින්
  • ·         NE 555 ic මගින්
  • ·         PWM ic එකක් මගින්
  • ·         Microcontoller ic එකක් ක්‍රමලේඛනය කිරීමෙන්

 

Buck Converter

Bulk Convert එකක් යොදා ගන්නේ වැඩි වෝල්ටීයතාවයකින් අඩු වෝල්ටීයතාවයක් ලබා ගැනීමටයි,ඒ සදහා ඉහත සාකච්ඡා කල PWM ක්‍රමවේදය බාවිතයට ගනී.

 



ඉහත පරිපථයේ FET එකට ඉතා වේගයෙන් ON හා OFF වීමට හැකිය (100 KHz) ,FET On අවස්ථාවේ භාරය තුලින් ධාරාවක් ගලා යයි, ඒ ලෙසම L ප්‍රේරක දගරයේ ශක්තියක් ගබඩා කරගනී. මේ අවස්ථාවේදී D shotkey ඩයෝඩය OFF අවස්ථාවේ (OFF ස්විචයක් ලෙස ක්‍රියා කරයි),මෙය Free Wheel Diode ලෙස හදුන්වයි ,FET OFF වන මොහොතේම L ප්‍රේරක දගරය ශක්තිය මුදාහරී,ඒ පසු විද්‍යුත් ගමක බලයක්(Back EMF) ලෙසයි ,එම (Back EMF) එක මගින් D shotkey ඩයෝඩය පෙර නැබුරු කර වොල්ටීයතා යාමනයක් සිදු කරගනී.

මෙම ක්‍රමවේදයයේ දී FET එකට ඉතා වේගයෙන් ON හා OFF වීමට හැකි වර්ගයක් විය යුතුය එමෙන්ම shotkey ඩයෝඩයද එම වේගයෙන්ම සුව්චීකරණය විය යුතුය එවන් ඩයෝඩ වල ආයුකාලය අඩු බැවින් මෙම පරිපථය වැඩිදියුණු කර D ඩයෝඩය වෙනුවට තවත් FET එකක්ම යොදා ගන්නා පරිපථයක් නිර්මාණය කර තිබේ එය synchronous buck converter ලෙස හදුන්වයි.



 වෙළදපලේ LM 5119 IC එක මෙවන් Buck Converter එකකකි.මෙමගින් 75 V දක්කවා වෝල්ටීයතාවයක් 5 V දක්කවා යාමනය කරගත හැකිය.

මෙම IC එක SMD ක්‍රමයටද නිෂ්පාදනය කර ඇති නිසා Mobile Phone අභ්‍යන්තර පරිපථයක් ලෙසත් බාවිතයට ගෙන ඇත

වාසි

·         රේඛිය යාමකයට වඩා කාර්යක්‍ෂමතාවයෙන් වැඩිය (රේඛිය යාමකයක් 17 % පමණ කාර්යක්ෂම වනවිට Buck Conveter එක 81% පමණ  කාර්යක්ෂම වේ)

·         IC පරිපථ ලෙස මිලදීගත හැකිය

·         පරිපථයට ඉතා කුඩා ඉඩකඩක් වැය වේ (SMD ලෙස නිපදවූ Buck Converter නිසා)

අවාසි

·         ආදාන, ප්‍රතිධාන අතර Isolation එකක් නැත.

·         ACප්‍රධාන සැපයුම සමග බාවිතය අනතුරු දායකයි,ට්‍රාන්ස්ෆොර්මෙර් මගින් Isolate කල යුතුම වේ.

·         ආදාන වොල්ටියතාවයට වඩා වැඩි වෝල්ටීයතාවයක් ප්‍රතිධානයෙන් ලබාගත නොහැකිය.

·         AC ප්‍රධාන සැපයුමට Noise/EMI/Hamoic ඇති වේ.

 

බාවිතයන්

·         USB On The Go ක්‍රමයට SmartPhone බාවිතා කල හැකිවීම.

·         පරිගනගක හා ලැප්ටොප් වල POL (Point of Load) Conveter යොදාගත හැකිවීම.

·         Mobile Phone Battery Fast Charge කරගත හැකිවීම.

·         Class D වර්ගයේ Audio වර්ධක වල.

·         Brush Less මෝටර  හා DC මෝටර් පාලනයට.


ඉහත රූපසටහනේ දැක්වෙන්නේ LM 2596 බාවිතා කර නිපදවා ඇති Buck Converter උපකරණයකි. 

LM 2576 යොදා ගන්නා Buck Converter උපකරණයක පරිපථ සටහන පහත දක්කවා තිබේ මෙහි ප්‍රතිපෝෂණයක් ඇති අතර එමගින් සිදු කරන්නේ ප්‍රතිධාන වෝල්ටීයතාවය යාමනය කිරීම පහසු කිරීමයි අවශ්‍ය නම් 47 K VR සීරුමාරු කිරීමෙන් ප්‍රතිධාන වෝල්ටීයතාවය වෙනස් කරගත හැකිය.




පරිගණක ජව සැපයුම් අලුත්වැඩියාව

මේවට කියනවා ATX කියලා ATX කියන එකේ තේරුම තමා ADVANCED TECHNOLOGY EXTENDED කියන එක ,මේවගේ තියන වෙනස තමා මෙම ජව සැපයුම සමනය සුවිචයක් මගින් කෙලින්ම පාලනය වෙන්නේ නෑ ,sotware එකක් මගින් උනත් පාලනය කරගන්න පුළුවන් විදියටයි මේවා හදලා තියෙන්නේ ,ජවය ඉතුරු කරගන්න ,ඕනා වෙලාවට විතරක් අදාළ වන ජවය ලබාදිය හැකිවන ලෙස මේවා නිපදවලා තියනවා
            ඒ නිසාම මෙම උපකරණ වල සාමාන්‍ය SMNPS එකකට වඩා වැඩි ic ගනනක් ,පරිපතයක් දකින්න පුළුවනි ,led lcd tv වලත් මේ වෙනස දකින්න පුළුවන් උදා - led lcd tv වල පසු ආලෝකය ලබා දෙන්න වෙනම smps පරිපථයක් යොදා ගන්නවා lcd වල නම් මේකෙන් ආදී වොල්ටියාතා ඇතිකරන අතර ,led tv වලනම් led DRIVE කරන්න සුදුසු වෝල්ටීයතාවයක් තමා ඇති වෙන්නේ
            පරිගණක වලට ජවය ලබා දෙන එක ජවසප්යුම් වර්ගයක් තමා ATX කියන්නේ ,අපේ ගෙවල් වල බාවිතා කරන බොහෝ ජවසපයුම් මේ ගණයට තාමා වැටෙන්නේ ,නමුත් gaming පPC ,server PC වලදී මේක වෙනස් වෙන්න පුළුවනි ,AT ,BTX ,LPX....... වගේ විවිද ජව සැපයුම් දකින්න පුළුවන් හැබැයි මේ හැම එකම මුලික smps සිදාන්ත පදනම් කරගෙන තමා වැඩ කරන්නේ
            ඉලෙක්ට්‍රොනික උපකරණ පරික්ෂා කරන්න දන්නවා නම් මේ ඕනා එකක් පරික්ෂා කරන්න අපහසු නෑ ඒ වගේම දෝෂ හොයනත් අමාරු නෑ හැබැයි මුලින් නම් ටික කාලයක් ගත වෙනවා මේවා ගැන ඉගන ගන්න ,එහෙම නැතුවත් බෑ නේ , මොකද දන් CRT TV යුගය ඉවරයි ,මේවා අලුත්වැඩියා කරන්න දන ගන්න ඕනා
මේවා ගැන පලාවෙනි පාඩම තමා කොහොමද අපේ පරිගණකයට අදාළ ATX එකක් තෝරා ගන්නේ කියන එක ,හොදම වැඩේ තම පරිගණකයේ watt ගන්නට වඩා වැඩි wott ගණනක ජව සැපයුමක් තෝරාගන්න ,උදා - 200ව් පරිගණකයට 250 w වත් ජව සැපයුමක් යොදා ගන්න , බය වෙන්න එපා කොචර වැඩි w ගණනක් යොදා ගතටත් පරිගණකය ලබන්නේ තමන්ට ඕනා w ගණන විතරයි .
ප්‍රදාන ATX වර්ග දෙකක් දකින්න පුළුවනි
1 mosfet technology වර්ගය
2  half bridge technology වර්ගය

මේකේ පළමු වර්ගයේදී එක power ic එකක් හා එක FET එකක් යොදා ගන්නවා සුවිචික්රනයට

අනෙක් වර්ගයේදී fet දෙගක්ම යොදාගන්නවා සුවිචිකරණයට  


මේකේ පළමු වර්ගය ගැන තමා අපි දිගටම සාක්චා කරගෙන අවේ ,අපි දෙවැනි වර්ගය ගැන සලකලා බලමු එකට ඒවගේ කැටි සටහන යොදා ගමු

 මේකෙදි power ic එකෙන් ලැබෙනවා වගේ ස්න්නාවක් ලබාගන්නත් බාවිතා කරන්නේ ට්‍රාන්සිස්ටරයක් මයි ,එමගින් ලැබෙන සන්නවවෙන් power ට්‍රාන්සිස්ටරය on off කරනවා ,ඒ මගින් තමා smt එක ක්‍රියාකරවාගන්නේ .ඒ වගේම sense amp එකෙන් ප්‍රතිදාන වෝල්ටීයතාවය හා පරිගණකයෙන් ලැබෙන reference වොල්ටියාතාවය සංසන්දනය කරලා conrol පරිපථයට සන්නාවක් යවනවා ඒ මගින් යාමනය උන සත්රිර ජව සැපයුමක් ලබාගන්න පුළුවන්
මෙම යාමනය උන වොල්ටියටාවය පරිගණකයේ ක්‍රියාකාරිත්වයට ඉතා වැදගත් වෙන දෙයක් PWM ක්‍රමයම තමා මෙහිදීත් යොදා ගන්නේ ,on වෙලා තියන කාලය වැඩි වෙනකොට වැඩි ජවයකුත් ,කාලය අඩු වෙනකොට අඩු ජවයකුත් ලැබෙනවා
ATX ජවසපයුමක පින් වර්ග
මෙම ATX version දෙකක් දකින්න ලැබෙනවා මේ දෙකේ පින් වල කුඩා වෙනසක් තියනවා පරිගණකයට සම්බන්ද කරනකොට මේ ගැන දැනුවත් වී සිටීම ඉතා වැදගත් නිසා ඒ පිලිබදව මම දැනුවත් කරන්නම
මෙම පපින් වර්ග නිවැරදිම හදුනාගතොත් අපිට පිඋලුවනි ATX එකක් පරිගණකයක් නැතිව උනත් on කරලා බලන්න ,හැබැයි සියලු ක්රියාකරිත්වයි වෙනවද කියලා බලන්න නම් විශේහ උපකරණයක් බාවිතා කරන්නම වෙනමා

සමහර අවතාවල අමතර සම්බන්දතා සහිතවද මෙම ජව සැපයුම ලැබෙනවා ,VGA චාර්ඩ් වලට ඕනා power එක දෙන්න තමා මේක යොදා ගන්නේ
ඊලග එකේ වෙනස තම පින් හතරක් වැඩි එක මේක



                                මේකේ තියන වෙනස තමා - 5 v වෝල්ටීයතාවය යොදා නොගැනීම
දැන් එක මව් පුවරු වලට මෙම වෝල්ටීයතාවය ඕනා නෑ ඒ නිසයි මේ වෙශිඔන් දෙකක් ඇවිත් තියෙන්නේ
නමුත ලකාවේ අපි නම් මේ දෙක ගැනම දන ගන්න ඕනා මොකද අපි පරණ පරිගණක ගොඩඅක භාවිතා කරනවා නේ ,පිටරට වලින් ඉවත් කරන පරණ පරිගණක අපි අඩු මුදලට ගන්නවා එකේ ඇති වැරද්දක් නම් නෑ මොකද සල්ලි නැත්නම් ඒ වගේ එකක් හරි අරන් ඉගන ගන්න එක තමා වැදගත් වෙන්නේ

අලුත්වැඩියාව

මේවා අපිට කොළ පට wire එක හා කලුපාට විරේ එක ලුහු පරිපත කරලා පහසුවෙන් on කරගන්න පුළුවනි ,නමුත් එහෙම on උන පලියට මේක හොදයි කියන්න බෑ ,අපි මේවා අලුත්වැඩියා කරනවා නම් පරණ මව් පුවරුවක් හා හර්ඩ් එකක් මගින් lord කරලා බලන එක තමං හොදම වැඩේ




ඒ වගේම මෙහෙම දෙයකුත් තියනවා උපකරණයක් තියනවා මෙ ATX පරික්ෂා කරන්නම ,ඔබ පරිගණක අලුත්වැඩියා කරන්න බලාපොරොතු වෙනවා නම් මෙවනක් ගන්න එක තමා සුසුසුම වෙන්නේ , සමහර ජව සැපයුම් තියනවා භාරයක් නැතිව on වෙන්නේම නෑ


මේ වගේ උපකරණ වල එන දොශෞඅ තමා ෆිල්ටෙර් ධාරිත්‍රක වල ESR අගය හෝ ප්‍රතිධාන දයෝද ලුහු පරිපත වීම ,ඔය දෝෂ දෙක තමා බහුලමවම මට හම්ඹ වෙලා තියෙන්නේ
ඒ කියන්නේ වෙන දෝෂ ආට්ෂ වල ඇති වෙන්න නෑ කියන එක නමයි ,වෙන්න පුළුවන් දෝෂයක් ගැන තමා අදහස ලබා දුන්නේ
මේවා පරික්ෂා කරනකොටත් අපි ස්ම්ස්ප්ස් වල ඉගනෆ්ගත ආරක්ෂක උපක්‍රම සියල්ලම බාවිතා කල යුතුමයි,ඒ වගේ වෙනසක් වෙන්න නෑ ,ධාරිත්‍රක විසර්ජනය නොකලොත් විදුලිසර වැදෙන්න ඉඅද තිඅනවා
ඒ වගේම අනෙකුත් ආරක්ෂක විදිලිදානත් යොදා ගන්න අමතක කරන්න එපා




ATX ජව සැපයුමක ඇතිවන දෝෂ

  • 1.       ක්‍රියානොකරයි ඒ වගේම විලායකය දැවී තිබේ

මෙවන් ජව සැපයුමක විලායකය දැවී යාමට තරම surge එකක් ඇති උනා කියන්නේ බොහෝ වෙලාවට උපකරණ ගොඩක් හානි වෙලා තියෙන්න පුළුවන් ,ඒ වගේම කාලයක් පාවිචි කරපු ජව සැපයුමක් නම් කුඩා surge එකකින් උනත් පිලිසෙන්න පුළුවන් , මුලින්ම smps එක නිෂ්පදික්ද වර්ෂය බලන්න ic වල code number වලින් මේ ගැන අදහසක් ගන්න පුළුවනි
මේ වගේ දෙයක් වෙන්න පුළුවන් විදිය ගැන කතා කරමු ,වෙරිස්ටර් පිලිසුනාම ,ට්‍රමිස්ට්ටර පිලිසුනාම ,දයෝද සේතුව පිලිසුනාම ,ඒ වගේම ධාරිත්‍රක ESR අගය වැඩි උනාම මෙම්න්ම shotkey දයෝද short උනාමත් මෙවන් විලායක දැවී යමක් වෙන්න පුළුවනි
ලොකු surge එකක් නිසා නම් මේක එලා තියෙන්නේ අලුත් ජව සැපයුමක් යොදාගන්න එක තමා හොදම වැඩේ
  • 2.       ක්‍රියානොකරයි නමුත් විලායකය හොදයි

මෙවන් අවස්තාවක power ic power fet තමා පරික්ෂා කල යුතේ මෙවන් දෙයයක් වෙන්න බොහෝ ඉඩ අතේ එම උපකරණ විවුර්ත පරිපත වීමයි
  • 3.       ක්රිප් ක්රිප් ශබ්ධයක් ඇති වීම

මෙවන් හඩක් ඇති වීමට ආසන්නම හේතුව තමා දිවිතික දයෝද වල short වීම ඒවා නිවැරදි කරන්න ගැටලුව නිරාකරණය වෙයි
  • 4.       power blink වීම

වොල්ටියතාවයේ අඩු වැඩි වීමක් මෙහිදී දකින්න පුළුවනි මේ වහේ වෙලා වක කරන්න ඕනා feed බක් පරිපථයේ තියන දෝෂ නිරාකරණය කරගත නම් හරි


ඉතින් එම පරිපත්යට අදාළ උපකරණ පරික්ෂා කරලා බලන්න මේවා පරණ ජව සපයුමකින් හෝ හොයාගන්න පුළුවන් නම් replace කරගන්න නැත්නම් ටික කාලයක් යනවා ඒ බය එකෙන් ගෙන්නා ගෙන replace කරගන්න
පුළුවනි
  • 5.       fan on වෙන්න හදලා නැවත off වීම 

 මේ වගේ අවස්තාවක් වෙන්න ජවසපයුම on වෙන්න හදලා off වෙන නිසා ,මේ දෝෂය ඇති වෙන්න දිවිතිකයේ උපකරණ වල දෝෂයක් නිසි , බොහෝවිට දිවිතික ධාරිත්‍රක වල ESR අගය වැඩි වෙන්න පුළුවනි මේක බොහෝ පොදු ගැටළුවක්



සමහර විට ජව සපැයුම ක්‍රියා කරත් අමුතු ශබ්ද ඇහෙන්න පුළුවන් මෙම FAN එකේ දෝෂ නිසා ,ඒ වගේම fAn එකේ එන බුලුර් වෙලා තිබුනත් මෙවන් ශබ්ද ඇති වෙන්න පුළුවනි
තව කාරණයක් තියනවා ශබ්ද ඇති වෙන්න පුළුවන් ,ඒ තමා smps ට්‍රාන්ස්ෆොර්මාරය හා අනිකුත් ප්‍රේරක දගර බුරුල් වෙලා තිබීම මෙහෙම උනාම හුම් ශබ්දයක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක් slak ද්‍රවණය මගින් මේ බුරුල් උන දගර තද කරගත නම් හරි




මේ වගේ පොදු දෝෂ වගේම දුහුවිලි නිසාත් මෙවන් ජව සැපයුම් විනාස වෙනවා ,දුහුවිලි වලින් උඅකරන short කරන්න පුළුවන් ,මේවා අලුත්වැඩියා කරනකොට දුහුවිලි ඉවත් කරබ්න අමතක කරන්න එපා


            මෙම උපකරණ වලට සමාන ic ප්‍රතිස්තමපනය කරීම නම් මම අනුමත කරන්නේ නෑ එහෙම කරනවා නම් ඔස්සිලොසේපේ එකක් මගින් අදාළ තරංග රටා නිවැරදිව ලැබෙනවාද කියලා බලලාම replace කරන්න නැත්නම් ගැටළු ඇති වෙයි ඕක ගොඩක් වෙලාවට වෙන්නේ power ic replace කරන්න ගියාම ඒ ගැන උපරිම සැලකිල්ල දක්වන්න



ඒ වගේම පහත රුප වල වගේ ධාරිත්‍රක නිසාත් ගොඩාක් ගැටළු ඇති වෙනවා මේවා නම් ඇසට පහසුවෙන් හදුනා ගන්න පුළුවන් ඔෂ


අනික් වැදගත්ම කාරණාව තම මෙම ජව සැපයුම් වල යොදා ගන්න ඉලෙක්රෝකික උපකරණ වෙළද පලේ දුබලයි , එනිස්ස ඒ බය වැනි අන්තර්ජාල වෙළද පල ක්‍රම බාවිතා කරනවා නම් මෙම උපකරණ අලුත්වැඩියා කරන එක අමාරු වැඩක් නමයි




පුළුවන් තරම් අලුත් තාක්ෂනය පිළිබද දැනුම යාවත්කාලින කරගන්න එකත් වටිනවා ,හවස වැඩ ඉවර වෙලා අන්තර්ජාලය මගින් මේ කාරනාව පහසුවෙන් කරගන්න පුළුවන්

හොද අලුත්වැඩියා කරන්නේන්ක් වන්න ඔබට ජය 

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...