SMPS වල ඇති ප්‍රධාන ගැටළු 6 හදුනා ගැනීම

කුමන වර්ගයක smps උපකරණයක් උවත් මෙම පොදු  ගැටළු කිහිපය අනිවාර්යෙන්ම දැකිය හැකිය ,ඒවා හදුනාගෙන තිබීම අලුත්වැඩියා කටයුතු පහසු කරනු ඇත

1. No power
2
. Low output voltage
3
. High output voltage
4
. Power Cycling/Blinking
5
. Power Shutdown and
6
. Intermittent Power Problem

            අපේ රටේ ඉන්නවා ගොඩාක් හොද ප්‍රායෝගික දැනුමක් තියන ඉලෙක්රෝකින කාර්මිකයින් නමුත් මෙයාලත් SMPS හදන්න තමාගේ  කාලය වැය කරනවා අඩුයි , ඊට හේතුව තමයි ,SMPS එකේ ගැටලුව තියෙන්නේ කොහෙද කියල අදුර ගන්නත් කාලයක් ගත වීම.

   මෙන්න මේ රන් හා වටිනා කාලය ඉතුරු කරගන්න හැටි තමයි දැන් කියල දෙන්න හදන්නේ , මම මේ නිසා SMPS  වල එන ගැටළු ප්‍රදාන අවස්ථා හයකට වෙන් කරා,ඊට සම්බන්ද පරිපත වල දෝෂ හොයාගත්හාම පහසුවෙන් smps අලුත්වැඩියා කරගත හැකයි .

  1.        No power (බලය නොමැති වීම)

මෙම දෝෂයත් පහත ආකාරයට කොටස් දෙකකට බෙදා වෙන් කල හැකිය
  • a.       ප්‍රධාන විලයකය පිළිස්සීම නිසා දෝෂය ඇති වීම
  • b.     ප්‍රධාන විලායකය හොදින් තිබියදී දෝෂය ඇති වීම
ප්‍ර

මෙම දෝෂය හොයා ගන්න හරිම පහසුයි , මුලින්ම ජව සැපයුම් වයරය නිවැරදිව සම්බන්ද තිබේ දැයි බලන්න ,දැන් SMPS වලට ජවය ලබා දෙන්න ,එතකොට POWER LED පත්තු වෙන්න ඕනා ,නැත්නම් අඩුම ගන්නේ ,STANDBY led වත් පත්තු වෙන්න ඕනෑ ,එහෙම වන්නේ නැත්නම් ,NO POWER දෝෂය ලෙස තමයි එක හදුන්වන්නේ
මෙවැනි අවස්ථාවකදී මුලින්ම කරන්න ඕනා SMPS කවරය ගලවල බලන්න ප්‍රදාන විලායකය පිලිසිලාද කියල ,මේක මල්ටිමෙටරයෙන් පහසුවෙන් පරික්ෂා කර ගන්න පුළුවනි 

  • a.      ප්‍රධාන විලයකය පිලිස්සිලා නම් ඊළගට කරන්න තියෙනේ පහත උපකරණ හොදයි ද කියල පරික්ෂා කරලා බැලීම ,පිළිවලින් ,ප්‍රථමික දයෝද ,ජව ට්‍රාන්සිසිටර ,දිවිතික දයෝද ,සමහර විට මේවා ලුහු පරිපථ වෙලා තියෙන්න පුළුවන් එහෙම උනොත් අනිවාර්යයෙන්ම විලායක පිළිස්සෙනවා,

සමහර අවස්ථා වල ස්ර්ජයකින් විලායකය පිලිස්සෙනන පුළුවනි ,එතකොට නම් ඉහත උපකරණ කිසිම දෙ යක් ප්‍රතිස්ථාපනය කරන්න ඕනා නැ ,විලායකය විතරක් දන්මහම හරි .


  • b.       ප්‍රධාන විලායකය පිලිස්සිලා නැත්නම් සමහර විට දෝෂය power Switch එකේ වෙන්න පුළුවනි ඒ වගේ අවස්තාවක මල්ටිමෙටරයෙන් ඒ බව පසුවෙන් පරිෂා කරන්න පුළුවන් ,ඉහත කරනා එකක් වත් නොවයි නම් , ඉදිරියට කියල දෙන වෙනත් පරීක්ෂාවක් කරන්න වෙනවා.

2.       Low output voltage (අඩු ප්‍රතිධාන වෝල්ටීයතාවය)

අඩු ප්‍රතිධාන වෝල්ටීයතාවයක් ඇති විට ,power led වැඩ නොකරන්නත් ඉඩ තියනවා ,රුපයේ පරිදි ප්‍රතිදාන වෝල්ටීයතාව මැනීමෙන් මෙම දෝෂය ඇත්දැයි දන ගන්න පුළුවනි ,මතක තබා ගන්න දිවිතිකයේ දයෝදයට කලින් නම් කිසිම වොල්ටියතාවකක් පේනවනේ නැති වෙයි ,මොකද අපේ මලිටියෙන් අධි ස්නාක්යත ac වෝල්ටීයතා මැනීමට නොහැකි නිසයි
 ඒ වගේම මේ පරිශාව සදහා නම් අපි දැනගෙන ඉන්න ඕනා අපේ smps එකේ ප්‍රතිධාන වෝල්ටීයතාවය කොචරක්ද කියන එකත් ,එක සමහර smps වල නම් pcb පුවරුවේම සදහන් කර තියනවා ,එසේ නොමැති වන අවස්ථා වලදී නම් පරිපථ සටහන් වල පිහිට තමයි
කෙසේ වෙතත් සාදන වොල්ටියතාවයට ගොඩක් අඩු වෝල්ටීයතාවක් නම් පේනවනේ එක දෝෂ සහිත උපකරණයක්



උදාහරණයක් විදියට අපි හිතමු ,CRT මොනිටරයක heter දගරයේ වෝල්ටීයතාවය 6,3 v කියල ,එක 2.4 v වගේ පෙන්නනවා නම් එතන අඩු වෝල්ටීයතා ගැටළුවක් තමා තියෙන්නේ ,
ඒ වගේම ප්‍රතිදානයක් කිහිපයක් සහිත උපකරණයක් සලකමු ,මෙහි හැම ප්‍රතිධානයේම වෝල්ටීයතාවය බාගෙට බාගයක් අඩුයි නම් ,smps පරිපථයේ දෝෂයක් නිසා තමා වෝල්ටීයතාවය අඩු වෙලා තියෙන්නේ
ඒ වගේම මෙහෙම දේ කුත් තියනවා මෙවැනි ජව සැපයුමක එක ප්‍රතිධානයක විතරක් වෝල්ටීයතාවය අඩුයි නම් එය ගොඩාක් වෙලාවට පෙරහන් ධාරිත්රකයේ ගැටලුවන් වෙන්න ඉඩකඩ බොහෝ වැඩි
අපි කොහොම හරි අදුර ගතහොත් මේක අඩු වෝල්ටීයතා ගැටළුවක් කියල .ඊළගට කරන්න තියෙන්න 14 වෙනි පරිචේදයේ සදහන් ආකාරයට දෝෂය නිරාකරණය කර ගන්න එක
ගොඩාක් වෙලාවට මෙම ගැටලුව ඇති වෙන්නේ ජව සැපයුම් දිවිතිකයේ ඇති වන ගැටළු නිසයි

3.       High output voltage ( අධික ප්‍රතිධාන වෝල්ටියතාව)

ගොඩාක් වෙලාවට smps වල එක ප්‍රතිදාන වෝල්ටීයතාවක හරි වැඩි උනොතින් වෙන්නේ අනික් සියලුම වෝල්ටීයතාවයන් වැඩි වෙන එක ,මෙම දෝෂයත් මලිටිමෙටරයෙන් පහසුවෙන් අදුර ගන්න පුළුවනි ,ඒ වගේම දෝෂය නිරාකරණය කරගන්න හැටි ඉදිරියේදී විස්තර කරනවා 

4.        Power Cycling/Blinking


Blink කියන වචනය අපි යොදා ගන්නේ බිල්බ් එකක් නිවෙනවා පතු වෙනවා ,නිවෙනවා පත්තුවෙනවා යන ක්‍රියාව දිගටම සිදු වන අවස්තාවක ,මෙහිදීත් ජව සැපයුම් Blink  වනවා කියන්නේ එකම තමයි ,මේක power led blink වීමෙන් පහසුවෙන් හදුනා ගන්න පුළුවන්
එහෙම අපහසු නම් මල්ටිමෙටරයෙන් උනත් හදුනා ගන්න පුළුවන් , මෙදිගි දිවිතික වෝල්ටීයතාවය පරික්ෂ කරාම දර්ශකය උඩ පලෙහ යමක් පැහැදිලිව දැක ගන්න පුලවන් නම් මේ දෝෂය තම ඇවිත් තෙයෙනේ
මේකට හෙතුව් තම SMPS එක on වෙන්න හදනවා නමුත් මොකක් හෝ උපකරණය දෝෂයක් නිසා නැවත off ඒ නිසා තම වෝල්ටීයතාවයක් පෙන්වල නැවත නැති වෙලා යන්නේ
වැදගත් - සමහර led, lcd TV,මොනිටර්   වල  power led bnik කිරීමේ රටාවක් මගින් අදාළ උපකරණයේ දෝෂ පෙන්වන අවස්ථා ද ඇත , මේ සදහා MCU එකක් භාවිතා කරයි මයික්‍රෝකොන්ට්‍රෝලය මගින් දෝෂ සහිත පරිපත හදුනාගෙන ඊට අදාළ bink code එක led මගින් පෙන්වයි
සමාරක් අවස්ථා වල standby අවතාවද bink මගින් පෙන්වන අවස්ථා ඇත


මෙම දෝෂය ඇති වීම 90 % ම ,දිවිතික පරිපථයේ දෝෂයක් නිසා සිදු වේ ,එහි ඇති දයෝද ,ධාරිත්‍රක ,හා samlaing පරිපථයේ ඇති ic මගින් මෙම දෝෂ ඇති වේ ,දිවිතිකයේ උපකරණ සියල්ලම හොද නම් ,ප්ර්තමිකයේ run dc පරිපථයේ දෝෂයක් නිසා මෙය සිදු වේ ,වෙනත් හේතුන් නිසා මෙම දෝෂය ඇති විය නොහැකිය

5. Power Shutdown
මෙහිදී අදහස් කරනේ ජව සැපයුම් on වී ක්ෂණික ව නැවත off වීමයි ,ජව සැපයුමක අරෂක පරිපථයක් ක්‍රියාත්මක වෙයි නම් ඉහත අපි ඉගන ගත ගැටළු එකක් හෝ මතු උන හොත් අනිවාර්යනෙම ජව සැපයුම සුයන්ක්රියම ක්‍රියාවිරහිත වෙයි .

6. Intermittent Power Problem
මහි අදහස නම් ජව සැපයුම ,විටෙක ක්‍රියා කරන අතර තවත් විටක ක්‍රියා නොකිරීමයි , එසේ නොමැති නම් ජව සැපයුම හොදින් ක්‍රියා කරයි නමුත් ටික වෙලාවක් ගත වූ පසු power Shutdown වෙයි
මෙයට ප්‍රධානම හේතුව loose connection ලිහිල් සබධතා තිබීමයි , මේ උපකාර ක්‍රියා කරන විට රත් වෙයි එවිට මෙම ලිගිල් සබදතා ධාරා ගමන අඩාල කලොත් ජව සැපයුම ක්‍රියා විරහිත වෙයි ,එමෙන්ම pcb එකේ dry joint තිබුනොත් ඒ මගින්ද ලිහිල් සබදතා ඇතිවිය හැක ,
මෙවන් අවස්ථා හදුනා ගන්න ලේසිම විදිය තමා ,smps ක්‍රියාත්මකව පවතින විට එයට කුඩා තට්ටුවක් ලබා දීමයි ,ලිහිල් සභ්දතා තිබුනොත් ජව සැපයුම off වෙයි ,
සමහර අවස්ථා වලදී අරම්බක ප්‍රතිරෝධයේ දෝෂ නිසාත් මෙම  Intermittent ගැටළු ඇති විය හැක 


No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...