අරම්බක හා ක්‍රියාත්මක පරිපථය (Start up and Run DC Circuit)

 අරම්බක හා ක්‍රියාත්මක පරිපථය (Start up and Run DC Circuit)


           මෙම පරිපථය අධි ඕම්  ගණනකින් යුත් ප්‍රතිරෝධක කිහිපයකින් සමන්විත වෙයි R804 ,මේවා 300 V DC වෝල්ටීයතාවය POWER IC යේ Vcc වෝල්ටීයතාවය දක්වා අඩු කිරීමට යොදා ගනී.

SMPS ජවසැපයුම් වර්ගය අනුව මෙම ප්‍රතිරෝධකයෙන් පාථනය කරන වෝල්ටීයතාවය වනස් වෙයි, පහත පරිපථයෙදී නම් 16 V දක්වා අඩු කරගැනී.මෙය ප්‍රථම අවස්ථාවේ  දෝලක පරිපථය ආරම්භ කිරීමට යොදා ගනී (KIK ON THE OSCILLATOR


C808 ධාරිත්‍රකය මගින් අරම්කභ ප්‍රතිරෝධයෙන් ලබා ගන්නා ධාරාව සුමට කර Vcc නියතව තබාගනී 


පරිපථය අරභ වූ පසු අරම්කභ ප්‍රතිරෝධය ගලවා ඉවත් කලත් ජවසැපයුම වෙනත් පරිපථයක් මගින් ක්‍රියාත්මකව පවතී.
SMT ට්‍රාන්ස්ෆොර්මරයේ ප්‍රථමිකයේ දිවිතික දගරයෙන් RUN DC පරිපථයට විදුලිය නොකඩවා ලබා දීම මෙයට හේතුවයි.
POWER IC සදහා අවශ්‍ය මුලික DC ජවය ලබා ගන්නේ මෙම පරිපථයෙනි,අරම්භක ප්‍රතිරෝධයෙන් මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීම පමණක් සිදු කරයි, 
R816 ප්‍රතිරෝධකය මගින් Vcc වෝල්ටීයතාවය පාලනය කරනු ලබන අතර අධික ධාරාවක් power IC වෙත යාම වලක්වාලයි. 
D803 ඩයෝඩය අධි සංඛ්‍යත වලට ඔරොත්තු දෙන ඩයෝඩයකි,
එමගින් ද්විතිකයේ වෝල්ටීයතාවය ඍජුකරණය කරන අතර C809  ධරිතාරකය මගින් ධාරාව  සුමටනය කරයි.
සටහන - සමහර ජව සැපයුම් වලදී අරම්භක ධාරාව 300 V dc වලින් ලබා නොගන්නා අතර AC සැපයුමෙන්ම ලබා ගන්න්නා අවස්ථා දක්නට ලැබෙයි .පහත රුප සටහන බලන්න මෙහිදී ප්‍රතිරෝධක 2ක්ම යොදාගෙන තිබෙයි 

මෙම ප්‍රතිරෝධකය  විවෘත පරිපථ හෝ අධික ඕම ගණනක් වුනොත්  SMPS ජව සැපයුම ක්‍රියා නොකරයි. 
එමෙන්ම INTERMITTENT දෝෂ ඇති විය හැකියි ඒ කියන්නේ වරින් වර ජවසැපයුම ON OFF වීමයි.
පළමුව ජවසැපයුම ON කල විට එය ක්‍රියා කරයි,
නැවත OFF කර ON කිරීමට උත්සාහ කලත් ON නොවෙයි ,නැවත ටික වෙලාවකින් ON කරගත හැකි වෙයි.

මෙම එක් එක් දෝෂ වලට යොදන පිළියම් ඉදිරියේදී සාකච්චා කරනු ලැබේ 


වැඩි දුර ඉගැනීමට




No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...