ආරක්ෂාව පළමුව


සෑම ඉලෙක්ට්‍රොනික කාර්මික ශිල්පියකුම තම ආරක්ෂාව පිලිබදව පළමු සැලකිල්ල යොමු කල යුතුය , ඉලෙක්ට්‍රෝනික කාර්මික ශිල්පියකුට අනතුරු බහුලවම සිදු විය හැක්කේ මෙම ජව සැපයුම් අළුත්වැඩියාවේදීය ,අනෙකුත් ඉලෙක්රොනික පරිපථ වල වෝල්ටීයතා අඩු නිසා අනතුරු අවමය
            තමාගේ ආරක්ෂාව මෙන්ම උපකරණයේ ආරක්ෂාව හා අවුද හා උපකරණ වල ආරක්ෂාව මෙහෙදි සැලකිල්ලට ගත යුතු වේ.

1      විදුලි සැර වැදීම්

ඔබ smps ආවරණය ඉවත් කරනවානම් විදුලි සැර වැදීමේ අවදානමක් අනිවාර්යයෙන්ම ඇති වේ මේ නිසා පහත උපදෙස් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන්න
  •     ඔබ වැඩ කරන්න යන සැම අවස්ත්වකම smps ප්‍රස්දාන ජව සැපයුමෙන් ඉවත් කරන්න

  •        වෝල්ටීයතා ධාරා පරිෂා කිරීමට ඔබට ජව සැපයුම පන ගනිවිය යුතුමය ,එම නිසා එවැනි අවස්ථා වලදී පරීක්ෂාකාරී වන්න ,නැවත පස්සිම කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම ජව සැපයුම විසඳි කරන්න

  •        රබර් පාවහන් පළදින්න

  •        හැම විටම එක අතකින් වැඩ කටයුතු කරන්න පුරුදු වන්න , අනෙක් අත සාක්කුවේ දමා ගතත් කමක් නෑ ,කිසිම විටට පපුව ප්‍රදේශයට විදුලි සැර වැදීමට ඉඩ නොතබන්න

  •        ඔබට මහන්සි  නම් අලුත්වැඩියා කටයුතු මදකට නවතන්න

  • .      සැම විටම පරිවරණය කරන ලද උපකරණ බාවිතා කරන්න


1.      ධාරිත්‍රක විසර්ජනය කිරීම

නවතම smps වල දී මෙම කටයුත් කිරීම අවශ්‍ය නොවේ ,ඒ සදහා පරිපථයේ ප්‍රතිරෝදකයක් යොදා තිබෙයි
නමුත් අපි බාවිතා කරන බොහෝ smps වල විශාල ධාරිත්‍රකයක් තිබෙනවා 300 v පමණ විදුලියක් ගබඩා කරගෙන ඉන්න, මෙම ධාරිත්‍රක අලුත් වැඩියාවට පෙර  අනිවාර්යන්ම විසර්ජනය කල යුතු වෙනවා
මේ සදහා 1.8 k ohm 10 w පමණ ප්‍රතිරෝදකයක් ලග තබන්න , කිසිම විටක .වෙනත් උපකරණ යොදාගෙන ධාරිතරක විසර්ජනය කරන්න එපා , එයින් ධාරිත්කය හා ඔබේ ආරක්ෂාවට  හානියක් වෙනවා .විශේෂයෙන් ඔබගේ ඇසට හානි වෙන්න පුළුවන්.



2.      HOT GROUND භුගතයේ ගැටළු



smps පරිපත වල ප්‍රධාන භූගත දෙකත් පවතිනවා ,ප්‍රතමිකය භුගත්ය hot Ground ලෙසත් ,දිවිතිකයේ භුගතය cold Ground ලෙසත් හදුන්වනවා



කවමදාක වත් මෙම භූගත දෙක පටල ගන්න ඒවා , විශේහයෙන්ම වෝල්ටීයතා පරික්ෂාවේදී ,Cold Ground වල මීටරය තබාගෙන ,ප්‍රදානයේ වෝල්ටීයතා මනින්න යන්න එපා ,ඔබගේ මල්ටිමෙටරයෙන් වෙන වැඩක් ගන්න වෙන්නේ නෑ ,අනිවාර්යයෙන්ම පිලිස්සී යනවා ,හැබැයි ISOLATION ට්‍රාන්ස්ෆොර්මරයක් යොදා ගතහොත් නම් එහෙම වන්නේ නෑ.


3.       ස්ථිති විද්‍යුතයට සංවේදී උපකරණ (ESD)



සමහර IC වර්ග තියනවා ස්ථිති විද්‍යුතයට ඉතා සංවේදී ,මෙම උපකරණ අතින් ඇල්ලුවොත් ,සමහර අවස්ථා වල හානි වෙනවා අපිට පුළුවන් රුපයේ පෙනෙන පරිදි භුගතයක් පාවිච්චි කරලා වෙන හානිය අවම කර ගන්න .
ඒ වගේම මෙම උපකරණ පස්සනය උනොත් භුගතයක් සහිත පැසසුම් උපකරණයක් භාවිතා කරන්න , නැත්නම් බැටරි වලින් වැඩ කරන උපකරණයක් භාවිතා කරන්න


 4.       ගිනිගැනීම්

smps වල යොදා ගන්න විලායක නිවැරදි අගයෙන් යොදා නොගත හොත් උපකරණ රත් වී ගිනි ගැනීමක් උවද සිදු විය හැකිය ,එවැනි අවස්ථාවක දී ,විදුලි ගින්නක් සදහා අවශ්‍ය ගිනි නිවීම් උපකරණ භාවිතා කරන්න 

No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...