පොරොත්තු මාදිලි පරිපථය (Standby Circuit)

මෙම පරිපථය TV,DVD,මොනිටර්,UPS වැනි බොහෝ උපකරණ වල දක්නට ලැබෙයි. 

මෙම පරිපථය AC සැපයුම ලැබුන සැණින් ක්‍රියාකිරීමට පටන් ගනී ,මේ සදහා 5v වෝල්ටීයතාවයක් සැමවිටම පවත්වා ගත යුතු වේ ,එමගින් මයික්රෝකොන්ට්‍රොලෙර් IC (MCU) ක්‍රියාත්මක කරගැනී, මෙය ඉතා කුඩා පරිගනයකි ,එමගින් මුළු උපකරණයම පාලනය කරනු ලබයි, ප්‍රදාන ජවය නොලැබුනත් මෙම 5වV වෝල්ටීයතාවය ලැබීම ඉතා වැදගත් වේ ,EEPROM IC වෙතද මෙම 5V තිබිය යුතුය,එවිට තමයි දුරස්ථ පාලකයකින් උපකරණය on කරගන්න පුළුවන් වෙන්නේ .
පහත සටහන් අද්‍යනය කරන්න දුරස්ථ පාලකයක් මගින් උපකරණය ක්‍රියාකරව ගන්න අකාරය පැහැදිළි කර ගන්න 




දුරස්ථ පාලක Signal මගින් MCU වෙත ගමන් කරයි,එමගින් 5v වොල්ටියවයක් නිකුඋත් කර එමගින් Q 1 Transistor on කරයි .එමගින් relay පරිපථයක් ක්‍රියාකරව ගනී

සටහන -සමහර අවස්ථා වල මෙන Santby ජවයද කුඩා SMPS පරිපතයකින් සපයා තිබේ

මෙවැනි පරිපථ වල ප්‍රදාන SMPS වලට වඩා වැඩි ඉලෙක්ට්‍රොනික උපක්‍රම යොදාගෙන තිබෙන අතර සේවා කිරීමද පහසු වෙයි,අපහසුම කාර්යය නම් මෙම පරිපථය PCB පුවරුවෙන් වෙන් වෙන්කර  හදුනා ගැනීමයි ,ඒ සදහා පරිපථ සටහන් අද්‍යනය කිරීම සුසුසුම ක්‍රමයයි.
මෙම පරිපථය ක්‍රියා නොකරයි නම් ඔබට කිසිසේත්ම ප්‍රදාන ජව සපැයුම ක්‍රියාත්මක කර ගත නොහැක ,මෙහි වෝල්ටීයතාව 5වV වලට වඩා අඩු හෝ වැඩි නම් එය STANDBY ජව සැපයුමේ දෝෂයකි .
Standby ජව සැපයුමෙන් හොද වෝල්ටීයතාවක ලැබී තිබියදීද ප්‍රධාන ජවසපයුම ක්‍රියා නොකරයි නම් MCU IC ය පරික්ෂා කලයුතු වේ .MCU වලින් relay උපකරණය වෙත Signal ලැබෙයි ද,එම Signal මගින් ට්‍රාන්සිස්ටර ක්‍රියා කරයිද යන්නද පරිකෂා කල යුතු වේ ,මේ සියල්ලම හොද තත්වයේ පවතී නම් Standby පරිපථයේ දෝෂ නොමැති අතර බල පරිපථය පරික්ෂා කලයුතු වේ.

සමහරක් smps වල relay උපකරණ නොමැති අතර ඒ සදහාද බාවිතා කර ඇත්තේ Opto lsolater IC එකකි ,එවැනි පරිපත වල Opto IC දෙකක් පවතී.



ආරක්ෂක පරිපථය(Protection Circuit)

සෑම ජවසැපයුමකම එක් ආරක්ෂක පරිපථයක් හෝ වැඩි ගණනක් දක්නට ලැබෙයි, මේවයි උපකරණයේ ආරක්ෂාව ,ජව සැපයුමේ ආරක්ෂාව යන කරනා දෙකම  ඉටු කර ගනී.මෙම පරිපථය මගින් ජව සැපයුමේ කොටසක් හෝ එය සම්පුර්ණයෙන්ම ක්‍රියාවිරහිත කරනු ලබයි .මෙම ජව සැපයුම් වල ප්‍රදාන ආරක්ෂක පරිපත වර්ග 4ක් දක්නට ලැබෙයි
a.      Surge Protection (SP)



මේ කොටස සදහා විලායක (FUSE), වෙරිස්ටර්ස්{ධන + තාප සංගුණක සහිත ප්‍රතිරෝදක } ( Varistor), රින - තාප සංගුණක සහිත ප්‍රතිරෝදක   (NTC ) ඉහත පරිපථයේ පරිදි යොදාගෙන තිබෙයි,මෙම උපකරණ ගැන ඉදිරයට වෙන වෙනම විස්තර කර දෙනු ලැබේ 


a.      Over Voltage Protection (OVP)



මෙම පරිපථයේ අරමුණ වන්නේ DC ප්‍රතිදානයේ වෝල්ටීයතාවය වැඩි වුනොත්, POWER IC වෙත සංඥාවක් ලබා දී එමගින් ජවසැපයුම ක්‍රියාවිරහිත කිරීමයි,  සාමාන්‍යයෙන් මෙවැනි OVP සංවේදක ජව සැපයුමේ ප්‍රාථමික පරිපථයේ පිහිටවා ඇත.(සමහර අවස්ථා වලදී ද්විතිකයේ OVP අන්තර්ගත කොට ඇති අවස්ථාද දක්නට ලැබෙයි) ,මෙවැනි OVP ක්‍රියාවිරහිත වීමකදී(OVP SHUTDOWN), නැවත ජව සැපයුම ක්‍රියා කරවා ගැනීමට නම් AC සැපයුම ඉවත් කර නැවත  සවිකළ යුතු වේ .

මෙම OVP පරිපථය power IC ට අන්තර්ගතව(BULLET-IN) හෝ පිටතින්ද පිහිටවා තිබිය හැකිය




ඉහත කැටි සටහනට අවදානය යොමු කරන්න OVP පරිපථය  LATCH හා START පරිපථ වලට ඍජුවම සම්බන්දව පවතී ,මා පැහැදිලි කරීමට යොදා ගත් ජව සැපයුම් පරිපථයේ  Power IC වෙත 16 V, 20 V අතර වෝල්ටීයතාවයක් අවශ්‍ය වේ,ප්‍රථම අවස්ථාවේදී මෙය 300 V DC වොල්ටියතාවයෙන් R861 හරහා ලබා ගනී ,ඉන් පසු Run DC Circuit හරහා නොකඩවා සැපයුම තබාගත හැකිය ,IC පින් අටේ (8) වෝල්ටීයතාවය 25 v වලට වඩා වැඩි වූ සැනින් OVP පරිපතය ක්‍රියා කොට එමගින් LATCH වෙත සංඥාවක් ලබා දී ජවසපයුම ක්‍රියාවිරහිත කරයි,දැන් ජව සැපයුම නැවත ON කර ගැනීමට නම් AC විසනදී කොට නැවත ON කල යුතුම වේ.


ඉහත පරිපථයේ ZD 876 සෙනර් ඩයෝඩය ඉතා වැදගත් කාර්යක්  ඉටු කරයි, යම් හෙයකින් Run DC වෝල්ටීයතාවය 27 V වලටත් වඩා වැඩි වුනොත් සෙනර් ඩයෝඩය ක්‍රියා කර Power IC ආරක්ෂා කරගැනී, ඒ මොහොතේම OVP ක්‍රියාකළ යුතුය,මෙම වෝල්ටීයතාවය යම් හේතුවක් නිසා දිගු වෙලාවක් පැවතුන හොත් සෙනර්  ඩයෝඩය ලුහු පරිපථ වී ,අධික ධාරා නිසා Power පරිපථයේ උපකරණ පුපුරා යාමටද ඉඩ කඩ තිබෙයි.

කොහොම නමුත් හොද(Qulity) ජව සැපයුමක නම් සෙනර් ඩයෝඩ ක්‍රියා කිරීමට කලින් OVP පරිපථය ක්‍රියා කොට ජව සැපයුම ක්‍රියාවිරහිත කරගැනී ,පහත රුපයේ පරිදි සෙනර් ඩයෝඩයඅභ්යන්තරයේම   අන්තර්ගත Power IC සහිත පරිපථ ද හමු වෙයි.
විවිද ආකාර වල SMPS ජව සැපයුම් වල විවිද VOP පරිපථ දක්නට ලැබෙයි,මේ නිසා පරිපථයක් අලුත්වනියාවට පෙර එහි සේවා මැනුවලය කියවා තේරුම් ගැනීම වඩා සුදුසු වෙයි.සමහර අවස්ථා වල OVP පරිපථ කිහිපයක් එකම ජව සැපයුමේ තිබිය හැක 


ඉහත පරිපථයේදී "a"ලෙස හදුන්වා දී ඇති දගරය ප්‍රාථමිකයේ ප්‍රතිපෝෂණ දගරයකි.එයට සම්බන්දව ඇති. R 611 හා D 602 සෙනර් ඩයෝඩ OVP පරිපථ ලෙස ක්‍රියා කරයි. 8.2V සෙනර් වෝල්ටීයතාවය ඉක්මවා ගියවිට ද D 602 තුලින් ධාරාවක් ගලා යයි. මෙම ධාරාවෙන් Q 602 ට්‍රාන්සිස්ටරය ක්‍රියා කරයි.Q 602 ON වූ විටම එහි ධාරාව නිසා Q 604 ක්‍රියාකරයි,Q 604 මගින් Power FET වල ගේට් වෝල්ටීයතාවය ඉවත් කරන බැවින් ජව සැපයුම ක්‍රියා විරහිත වෙයි.


a.     Over Current Protection (OCP)


බොහොමයක් SMPS වල ප්‍රාථමිකය හා සම්බන්ද OCP පරිපථයක් ඇත.එහි ප්‍රදානම උපකරණය වන්නේ ධාරා සංවේදක ප්‍රතිරෝදයයි (Current Sensing Resistor) මෙම ප්‍රතිරෝදකය සෑම විටම POWER FET යට ශේණි ගතව යොදා තිබෙයි. FET තුලින් අධික ධාරාවක් ගමන් කලොත් එය මේ ප්‍රතිරෝදකය හරහාද ගමන් කරයි,මෙම ධාරාව අසාමාන්‍ය ලෙස වැඩි වන අවස්ථාවකදී ජව සැපයුම ස්වයංක්රීයව ක්‍රියාවිරහිත වීමට ජව සැපයුම සැලසුම් කර තිබෙයි.






ඉහත පරිපථයේ Power IC U 101 දෙස බලන්න එහි SD 3842a හා UC 3842 යනු ධාරා සන්වෙදකයි එම අග්‍රය I Sense ලෙස හදුන් වයි

මෙම I Sence ප්‍රතිරෝධකයේ අගය වැඩි උනොත් ප්‍රදාන විලායකය අනිවාර්යයෙන්ම පිලිසී යයි .මෙම ප්‍රතිරෝධකයේ අගය ඉතා කුඩා අගයක් ගනී එය 0.1 ohm 1ohm අතර අගයක් වනු ඇත.

මෙම අගය මැන ගැනීමට සුදුසුම උපකරණය BLUE ESR මිටරයයි.මෙමගින් ඉතා කුඩා ohm අගයන් පහසුවෙන් මැන ගත හැක,සාමාන්‍ය මල්ටි මීටර් මගින් මෙම අගයන් මැන ගත නොහැකිය 
VOP පරිපථයක් මෙන්ම OCP පරිපථයක්ද සමහර POWER IC වල දක්නට ලැබේ මෙහි ක්‍රියාවලියද VOP පරිපථය අනුවම ක්‍රියා කරන අතර ,අධික ධාරවකදී ක්‍රියාකිරීම පමණක් වෙනසක් ලෙස සැලකිය හැකිය.


පහත පරිපථයේ POWER FET, POWERIC තුලම අන්තර්ගව තිබෙයි,FET ON වූ විට R828 හා R827 ධාරා සංවේදක  ප්‍රතිරෝදක තුලින් ධාරාව ගලයි ,PIN 4 හි වෝල්ටීයතාවය .5 V ඉකමවා ගිය හොත් ,IC අබ්යන්තරයේ ඇති OCP සන්සන්දකය මගින් FET ක්‍රියාවිරහිත කරනු ලබයි.


සමහරක් SMPS වල මෙම පරිපථය SMPS ද්විතිකයේ අන්තර්ගතව තිබෙයි.මෙය 5 VOLT දිවිතික ආරක්ෂක පරිපථය ලෙස ද හදුන්වනු ලබන අතර මෙහි ප්‍රදානම උපකරණය R211 ප්‍රතිරෝදකයි,මම ප්‍රතිරෝදකය තුලින්  0.6 V වෝල්ටීයතාවයක් පාතනය වන විට එමගින් Q 207 NPN ට්‍රාන්ස්සිස්ටරය ON වෙයි,එයින් Q 201 PNP ට්‍රසිස්ටරය ON කරයි,Q 201 මගින් THY 201 තයිරිස්ටරයයේ ගේට් අග්‍රය පෙර නැබුරු කරගැනී,එමගින් ත්යිරිස්ටරය on කරගත හැකිය ,එය T101 ට්‍රාන්ස්ෆොමරයේ  දිවිතියයේ 42v වෝල්ටීයතාවය භූගත කරගැනී ,මෙය ට්‍රස්ෆොරමරයේ මුළු ශක්තියම භූගත කරීමට ප්‍රමාණවත් අතර ,Feedback වෝල්ටීයතාවය ද නොලැබී යයි,PC 101 අවශ්‍ය මෙම වොල්ටියතාවට නොලැබුණු විට Feedback ක්‍රියාවලිය නැවතී SMPS ක්‍රියාවිරහිත කරගැනී
එමෙන්ම SCR Reset වෙන නිසා තවදුරටත් එමගින් ධාරාවක් ගලා යන්නේ නැත,දෝලකය නැවත ක්‍රියා කරනේද නැත ,එයට හේතුව C 108 ආරෝපනය(+150 V DC) වී තිබිමයි ,එමනිසා Q 1 On කරගැනීමට ධාරාවක් pass  නොවේ ,මෙය යතා තත්වයට ගැනීමට නම් AC බලය ක්‍රියා විරහිත කොට නැවත ක්‍රියා කල යුතු වේ 


D.  Thermal Shut down protection (TSD) උෂ්ණත්ව ආරක්ෂණ පරිපථය

FET තුලින් ධාරාවක් ගලන විට එය රත් වෙයි, ඕනෑම ජව ට්‍රාන්ස්සිස්ටරයක් ක්‍රියාකිරිමේදී තාපය උත්සර්ජය වේ ,නමුත් මෙම තාප ප්‍රමාණය FET IC ය ඔරොතු දෙන උපරිම තාප ප්‍රමාණය ඉක්මවා ගියවිට (CENTIGRADE 125 -150 ) power IC තුල අන්තර්ගත පරිපථයක් මගින් SMPS ක්‍රියාවිරහිත කරවයි. 

මෙවැනි අවස්ථාවකදී AC සැපයුම විසඳි කර නැවත පනගැන්වීම සිදුකල යුතුය, සමහරක් අවස්ථාවල මෙම TSD සෙන්සරය Heatsink තුලද අන්තර්ගත කොට තිබෙයි,එහිදී පහත ආකාරයට වෙනස් පරිපථයක් ක්‍රියාත්මක වෙයි.



සටහන්

මෙම TSD අවස්ථාව පහත කරනා නිසා බොහෝ දුරට සිදු විය හැක

a.     a)  power ic වල ඇති තාපන ගැටළු

b.     b)  heat compound නොමැති වීම හෝ ප්‍රමාණවත් නොමැති වීම

c.     c)   heatsink නිවැරදිව සවි වී නොතිබීම

d.      d) පිටාර FAN ක්‍රියා නොකිරීම


ඉතින් ඉහත OVP,OCP,TSD පරිපථ සියල්ළම සෑම SMPS පරිපතයකම අඩංගු නොවේ ,ඒවායින්  එකක්  අන්තර් ගතව තිබිය යුතු වේ ,අප අලුත්වැඩියා කිරීමට යන SMPS ජව සැපයුමේ සටහන් Goole මගින් සොයාගෙන එහි ඇති පරිපථ ගැන පමණක් අවදානය යොමු කරන්න.




DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...