SMPS වල වෝල්ටීයතා පරික්ෂා ලෙහෙසියෙන්ම සිදු කර ගැනීම

අළුත්වැඩියාවේදී වෝල්ටීයතා පරීක්ෂා යනු අවශ්‍යම අංගයකි ,එමගින් බොහෝ දෝෂ පහසුවෙන් සොයාගතැහැ හැකි වෙයි ,මේ සදහා මල්ටිමිටරයක් යොදා ගතැහැ හැකියි


ගොඩාක් ඉලෙක්රෝකින දෝෂ වෝල්ටීයතා පරීක්ෂාව මගින් සොයා ගත හැකි,දෝෂ සහිත උපකරණද හදුනාගත  හැකයි ,හැබැයි මේක ටිකක් ආරක්ෂාකාරීව සිදු කල යුතු දෙයක් ,මොකද වෝල්ටීයතා පරික්ෂාවට ජව සැපයුමට ජවය ලබා දෙන්නම ඕනා .පුළුවන් නම් Isolation ට්‍රාන්ස්ෆොර්මරයක් මගින් ජවය ලබා දෙන්න එක ගොඩාක් ආරක්ෂාකාරී වෙනවා , මෙසේ පරික්ෂා කල හැකි ප්‍රධාන වෝල්ටීයතා හතරක් හදුනාගෙන තියනවා .

1.      The AC input

මෙම වෝල්ටීයතාවය මැනීමට ලේසිම තැන තමා ,සේතු ඍජු කාරකය , එයට AC INPUT වන අග්‍ර දෙකට මල්ටිමිටරයේ AC V  වලට දමා මෙම වෝල්ටීයතාවය මැන ගැනී. 

හැබැයි හොදට මතක තියාගන්න මෙම මල්ටිමිටර් අග්‍ර ලුහු පරිපථ වෙන්න නම් දෙන්න එපා ,හොදට තද කරලා අල්ල ගන්න ,ඒ වගේම පරිවාරක කොටසින් පමණක් අල්ලා ගන්න මතක තබා ගන්න
ඒ වගේම දයෝද සේතුවක් නැතිව ඉහත රුපයේ පරිදි දයෝද හතරක් උවද යොදා ගෙන තියෙන්නේ එහි වෝල්ටීයතා පරික්ෂා රුපයේ ලෙසට සිදු කරගත හැකයි ,එතකොට නම් ලුහු පරිපත වෙන්න තියන අවස්තාව ඉතා වැඩි කලබල නැතිව මේ වගේ වැඩ කරන්න ඕනා

මෙම වෝල්ටීයතාවය 230 v වලට ඉතා අසන්න අගයක් විය යුතුයි ,හරියටම 230 v නම් වෙන්නේ නෑ මේක ලංකාව නේ ,සමහර phase වල වෝල්ටීයතා අඩුයි, සමහරක වැඩියි
 හැබැයි අඩුයි කියල මේක 110 v ,60 v ,2 v වගේ අඩුම අගයක් ගන්නවා නම් ඔන්න අපිට වෙනවා දයෝද සේතුවට කලින් තියන පරිපත කොටස් පරික්ෂා කරලා බලන්න
පහත පරිපත පරීක්ෂාවෙන් දෝෂ පහසුවෙන් සොයා ගත හැකයි 
a) The Main AC outlet Switch is not On.”(ප්‍රදාන වෝල්ටීයතාව on දැයි බැලීම )
b) The On/Off switch of the SMPS is not Onor have problem.(smps on /off ස්විචය ක්‍රියා  කරනවා දැයි )
c) The AC power cable has broken internally.(ac ජව සැපයුම් වයරයේ දෝෂ )
d) Main fuse open circuit or loosen.( ප්‍රධාන විලායකය  හා පෙරන පරිපථ වල දෝෂ )
e) Circuit track opens or have dry joints.( pcb පුවරුවේ ඉරිතලා යම් යෝ dry joint ඇතිවීම )
ඉතින් ඉහත පරිෂා මගින් ac වෝල්ටීයතාවය ලැබෙනවා නම් අනිවාර්යෙන්ම දයෝදයේ ac input වෙත වෝල්ටීයතාවය එන්නම ඕනා .


2.      The Filter Capacitor

මෙතන තමයි ප්‍රදාන dc වෝල්ටීයතාවය මනින්න පුළුවන් හොදම තැන ඒ වගේම විදුලි සැර වැදුනොත් හොදටම වදින්නේත් මෙතනින් තමා ,ලකවේදී නම් 300 v dc වෝල්ටීයතාවක් මෙතෙන පෙනවන්වා එකත් මල්ටිමීටරේ dc v වලට දමාගෙන පහසුවෙන් මන ගන්න පුළුවනි


    මේ වෙලාවෙත් බොහොම පරිස්සමින් ඉන්න ඕනා මොකද මේ දෙක ලුහු පරිපථ උනොත් පරිපථයේ තියන බොහෝ උපකරණ වලට හානි වෙන්න පුළුවන් ,මෙතැනින් එන වොල්ටීයතවයේ අඩු වීමක් තියනවා නම් එකට ප්‍රදානම හේතුව තමා ධාරිත්රකයේ අධික ESR අගයක් පැවතීම ,අලුත් ධාරිත්රකයන් දන්මහම ගැටලුව පහසුවෙන්ම විසදගන්න පුළුවන්



3.      The Supply Voltage of Power IC


IC එකක වෝල්ටීයතාවය මැනීමට පෙර එම IC දත්ත සටහන සොයාගත යුතුය , එම දත්ත සටහන් අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයා ගත හැකිය ,එම සටහන් අද්‍යනය කර VCC ලෙස සදහන් පින් අග්‍රය හදුනා ගන්න , මල්ටිමිටයයේ රතු අග්‍රය මෙම අග්රයටද , කළු අග්‍රය Hot Ground වලටද තබා වෝල්ටීයතාවය මැන ගන්න
මෙම වෝල්ටීයතාවය යොදා ගන්න Power IC අනුව වෙස වෙයි Power IC දත්ත සටහනේ සදහන් Vcc අගයට අසන්න අගයක් මෙහි පෙන්විය යුතු වේ ,මෙම වොල්ටියාතාවය නිවැරදිව පෙන්වයි නම් ,පෙර පරිපථ සියල්ලම කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියා කරයි.

ප්‍රධාන ධාරිත්‍රකයේ වෝල්ටීයතාවය හොදින් පෙන්වා ,IC එකේ වෝල්ටීයතාවය නොපෙන්වයි නම් ගැටලුව බොහෝ විට ආරම්භක ප්‍රතිරෝදයේ විය හැකිය , සමහර විට Power IC ලුහු පරිපත වීම නිසා මෙසේ 0V පෙන්වයි
මෙම වෝල්ටීයතාවය අඩක් පමණ පෙන්වයි නම් එයද ලුහු පරිපථ වූ Power IC එකක ලක්ෂණයකි ,සමහර අවස්ථා වල Run DC පරිපථයේ දෝෂයක්ද විය හැකිය
ඉතා වැදගත් කරුණ නම් මෙම වොල්තියතා පරික්ෂාවේදී කිසිම විටක Power IC අග්‍ර ලුහු පරිපත වීමට ඉඩ නොතබන්න ,මේක ගොඩාක් වෙලාවට වෙන්නේ SMD IC යොදා ගන්න කුඩා ජව සැපයුම් වල ,එහෙම ලුහු පරිපත වුනොත් IC එක පිචෙන එක තමයි වෙන්නේ.

4. The Secondary Output Voltages

දිවිතික වොල්ටියතා පරික්ෂාව එචරම අමාරු නෑ , නමුත් දිවිතික වෝල්ටීයතා කිහිපයක් ලැබෙන ජව සැපයුමක් නම් ටිකක් සැලකිල්ලෙන් වෝල්ටීයතා පරික්ෂා කලයුතු වෙනවා , වෝල්ටීයතාවය මැනීමට කලින් ප්‍රතිධාන වෝල්ටීයතාවය කුමක්ද යන්න කලින් දැනගෙන හිටිය නම් තමා ලේසි එතකකොට අපිට හරියටම මෙම වොල්ටියටා අඩුද වැඩිද යන්න දාන ගන්න පුළුවන්

cold ground එකට සාපේක්ෂව තමයි මෙම වෝල්ටීයතා මනින්න ඕනා ,ඒ වගේම දිවිතික දයෝඩ වල කතෝදයට තමා මල්ටිමිටර්  රතු අග්‍රය සම්බන්ද කරන්න ඕනා 






ඇනෝඩයට නම් තිබ්බට කිසිම වැඩක් වෙන්නේ නෑ HIGH Frequency අපේ මල්ටිමිටර වලින් මැන ගන්න කොහොමට වත් බැ ,Digital මල්ටිමිටරයක් නම් සමහර විට හානි වෙන්නත් පුළුවන් .
සමහර smps වල මැද සවුණු පරිනාමකයක් යොදාගෙන ඍන වොල්ටියතාද ලබා ගනී,එයට හේතුව  බොහෝ වර්ධක පරිපථ ක්‍රියාකිරීමට මැද 0 V ධන(+) හා ඍන (-) වෝල්ටීයතා අවශ්‍ය වන නිසයි.
මේ අවස්ථාව CRT TV එකෙත් දකින්න ලැබෙනවා ,TV තිරස් එලවුමට ඕනා ඍන වෝල්ටීයතාවයක් ,ඒ වගේම Computer මව් පුවරුවටත් ඕනා ඍන වෝල්ටීයතාවයක් මේ වගේ අවස්ථා මනිනකොට රුපයේ පරිදි මල්ටි මීටර් අග්‍ර මාරු කරගන්න අමතක කරන්න එපා


අද වන විට බොහෝ smps වල යොදා ගන්නවා schottky දයෝද මේවගේ වෝල්ටීයතා පරිසාකරන ආකාරය තම ඔය රුපයෙන් දක්වලා තියෙන්නේ
අනික tv මොනිටර වගේ උපකරණ වල සම්ප පරික්ෂා කරන කොට නම් අමුතුවෙන් ජව සැපයුම භාරයකට සම්බන්ද කරන්න ඔනෑ නෑ ,හැබැයි smps එක ගලවල අරන් වෙනම පරික්ෂා කරනවා නම් අනිවාර්යෙන්ම භාරයකට සම්බන්ද කරන්න මතක තියාගන්න නැත්නම් NO LOARD වෝල්ටීයතාවය තමයි ලැබෙන්නේ ,ඒක කොහොමත් LORD වොල්ටියතාවයට වැඩ වැඩි ,එහෙම උනොත් අපිට ද්විතිකයෙන් අදික වෝල්ටීයතාවයක් එනවද කියල නිවැරදිව පරික්ෂා කරගන්න බෑ .

වෝල්ටීයතා පරිශාවෙන් අවස්ථා හයක් ප්‍රධාන වශයෙන් ලබාගන්න පුළුවන් 




 ·         නිවැරදි වෝල්ටීයතාවය ලැබීම
smps එක හදන්න කාලය නාස්ති කරගන්න ඕනා නෑ ,මොකද අනිවාර්යයෙන්ම ගැටලුව smps එකේ නෙමයි ,උපකරණයේ වෙන කොටසක තමා දෝෂය තියෙන්නේ  

  • ·         කිසිදු වෝල්ටීයතාවයක් නොලැබීම

මේක නම් දරුණුයි smps එක මුල ඉදලා ප්රිස්ක්ෂා කරන්න වෙනවා ,සමහර විට භාරය ලුහු පරිපත වුනාමත් මෙහෙම පෙනවනවා  
මේ ගැන අපි ඉදිරියට කතා කරනවා


  • Ø  අඩු වෝල්ටීයතාවයක් පෙන්වීම


මේක ගොඩක් වෙලාවට පෙරහන් ධාරිත්‍රක වල ESR අගය වැඩි වීම නිසා වෙන්න පුළුවන් ගැටළුවක් , සමහර විට CURRENT SENCE ප්‍රතිරෝදකයට හානි වෙලා වෙන්නත් පුළුවනි
  • Ø  අධි වෝල්ටීයතාවයක් පෙන්වීම

මේක එක වෝල්ටීයතා line එකක විතරක් නම් වෙන්නේ ඒ කියන්නේ ඒ පරිපථයේ තියන ප්‍රේරක උපකරණයක් හෝ ප්‍රතොරෝදකයක් හානි වෙලා වෙන්න පුලුවන් ,නැත්නම් වෝල්ටීයතා යමන පරිපථයේ දෝෂයක් වෙන්නත් පුළුවන්
ඔක්කොම වොල්ටෙජයන් වැඩි නම් පර්තිපොෂණ පරිපත්ය පරිෂා කරන්න ,opto ic එකේ දෝෂ නිසාත් මෙහෙම වෙනවා

  • Ø  සුයන්ක්රියව ක්‍රියාවිරහිත වීම

මේකත් මල්ටි මිටරයෙන් පහසුවෙන් බලාගන්න පුළුවන් එක පාරටම dc වෝල්ටීයතාවයක් ඇවිත් නැවත නැති වෙලා යනවා , මේක වෙන්න ආසන්නම හේතුව තමා ,smps ආරක්ෂක පරිපථයක් ක්‍රියා කිරීම ,ඉතින් මුල ඉදලා දෝෂ හොයාගන්න එක තම තියෙන්නේ

  • Ø  වෝල්ටීයතා අඩු වැඩි වීම

මේ දොශයේදී වෙන්නේ වෝල්ටීයතා අඩු  වැඩි වීමක් ,මල්ටිමිටර කටුව එහෙ මෙහා යනවා බලාගන්න පුළුවන් ,භාරයේ ලුහු පරිපත වීමක් හරි ,නැත්නම් ප්‍රතිපෝෂණ පරිපථයේ දෝෂයක් නිසා මෙවැන්නක් සිදු විය හැකි මෙවන් අවස්තාවක දෝෂ හොයන අකාරය ගැන පසුව විස්තර කරනවා


ඉතා වැදගත් - ඉහත මම කියපු පරීක්ෂාවන් කරනකොට ඔබගේ හා උපකරණ වල අරක්ස්සව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න අමතක කරන්න එපා








No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...