ජව සාධක නිවැරදි කිරීමේ පරිපථය (Power Factor Correction(PFC)Circuit

ජව සාධකය යනු කුමක් ද ?

ජව සාධකය යනු Real Power අගයට apparent power අගය දරන අනුපාතයයි,තවත් වචනයකින් කියනවා නම් sine ආකාරයේ ප්‍රත්‍යාවර්ථ තරංගයක ධාරාව හා වෝල්ටීයතාවය අතර පවතින කළා වෙනසේ cosඅගයයි ,මෙය cosඅගයක් බැවින් (1) හා (-1) අතර අගයක් වෙයි,මෙහි අගය ප්‍රේරකමය (lagging) හා ධාරිත්‍රකමය (leading)ලෙස වෙන් කර හැකිය. ජවය හානි නොවී පවත්වා ගැනීමට නම් cos(0 )=1 හි අගය පවත්වා ගත යුතු වේ ,ඒ සදහා ධාරාව හා වෝල්ටීයතාවය එකම කලාවේ පිහිටවා ගත යුතුය,මෙම පොතේ දී මෙම ගැබුරු සිද්දාන්ත කතා නොකරන අතර මෙවැනි පරිපථ අලුත් වැඩියාව පිළිබදව වැඩි අවදානයක් යොමු කර තිබෙයි.
ජවසාධක නිවැරදි කිරීමේ යනු  කුමක්ද ? wath is PFC

ජව සාධය ගෘහස්ථ විදුලි බිලට බලපෑමක් නොකලද, ජවසාදකය නිවැරදි නොකළහොත් ජාතික විදුලි බලයෙන් විශාල ප්‍රමාණය නාස්ති වෙයි.අප බාවිතා කරන ජව සැපයුම් වල ප්‍රේරක හා ධාරිත්‍රක අන්තර්ගත  බැවින් ඒවායින් ජව සාධක හානියක්  ඇති වෙයි,මෙම අගය 1 හෝ ඊට ආසන්නය ගෙන ඒම මෙම පරිපථයේ කාර්යයයි ,එවිට හොද කාර්යක්ෂමතාවකින් ජවය පරිහරණය කල හැකි වේ
SMPS උපකරණ වල ක්‍රියාකාරිත්වයේ දී Haromonic ඇති වීම සාමාන්‍ය දෙයකි.ඒ යනු AC ප්‍රධාන විදුලියේ  50 Hz අමතරව වෙනත් සංක්‍යතත් ඇති වීමයි,විවිද කරනා නිසා ජව සාදක අගය අඩු විය හැක නුතන විදුලි රෙගුලාසීන් අනුව SMPS වල PFC පරිපථයක් යෙදීම අනිවාර්ය කර ඇත.
ප්‍රධාන ජවසැපයුම් ජවසාධකය නිවැරදි කිරිමේ පරිපථ දෙකක් පවතී ඒවා Active PFC හා Passive PFC ලෙස හදුන්වනු ලබයි.
Passive PFC

  බොහොමයක් SMPS වල දක්නට ලැබෙන්නේ මෙම PASSIVE PFC පරිපථයි ,PASSIVE උපකරණ වන ධාරිත්‍රක,හා ප්‍රේරක මේ පරිපථ සදහා යොදාගෙන තිබෙයි.අඩු වියදම,නිර්මාණය කිරීමේ පහසුව ,තනි පෙරහන් පරිපථයක් මගින් ක්‍රියා කරවා ගත හැකි වීම යන වාසි මෙම පරිපථය සතු වන අතර ,විශාල ප්‍රමාණයේ ප්‍රේරකයක් යොදා ගත යුතු බැවින් අඩු කර්යක්ෂමතාවය හා  වෝල්ටීයතා බැස්ම වැනි අවාසිද තිබෙයි
ඉහත පරිපත්ය දෙස බලන්න ,මෙවැනි අවස්ථා වලදී Band PASS හෝ High PASS පෙරහන් පරිපථයක් යොදා ගැනෙන අතර එමගින් 50 hZ  තරංග පමණක් ගමන් කිරීමට සලස්වා අනෙකුත් සියලුම තරංග කපා හරි ප්රිපතයේන් හෝ පරිපථයට HARMONIC ඇතුල් වීම වලක්වාලයි, මෙය ජව සාධකය ඉහල දැමීමට හොද විසදුමකි 


ACTIVE PFC

100 w වලට වඩා වැඩි ජවයක් ලබා ගන්නා අවස්ථාවලදී Active PFC පරිපථයක්යෙදීම ඉතා සුදුසු වෙයි වියදම අදික උනත් ජවසාධකය ඉතාමත් හොදින් නිවැරදි කිරීම,ඒ වගේම Harmonics සම්පුර්ණයෙන්ම වාගේ ඉවත් කිරීම නිසා හොද කාර්යක්ෂම පරිපථයක් ලෙස හදුන්වා දිය හැකිය. Automatic වෝල්ටීයතා නිවැරදි කරගැනීමක්ද සහිත මෙම  ක්‍රමය තරමක් සංකීර්ණ වේ. ඉලෙක්ට්‍රෝනික  පරිපථයක්ද යොදා ගනී ,ACTIVE උපකරණ යොදා ගන්නා නිසා ACTIVE PFC පරිපථය යන නම යොදා ගනී.


ඉහත පරිපථයේ BOOST CONVERTER යනු DC -DC බවට පරිවර්තනය කරන පරිපථ කොටසකි  ,මෙහි ප්‍රධාන වොල්ටියතාවයට  වඩා ප්‍රතිදාන වෝල්ටීයතාවය විශාල වෙයි.STEP UP වීමක සිදු වේ සේතු ඍජුකාරකය හා ප්‍රධාන ධාරිත්‍රකය අතර BOOST CONVERTER පරිපථයක් දීමෙන් ජව සාධකය වර්ධනය කරගත හැක.
මෙහිදී ප්‍රේරක දගරය ශේණි ගතව පරිපථයට සම්බන්දව තිබෙයි ,PFC IC ය මගින් MOSFET ට්‍රාන්සිස්ටරය On කල විට ධාරාව ප්‍රේරකය හා ICය හරහා කෙලින්ම ගමන් කරයි ,මෙම ධාරාව මගින් ප්‍රේරක දගරයේ විද්‍යුත් ශක්තියක් ගබඩා කරගැනී, MOSFET Off වන අවස්ථාවේ ප්‍රේරකය තුල වන චුම්බක ක්‍ෂේත්‍රය බිදවැටි,වෝල්ටීයතාවයක් ප්‍රේරණය වෙයි.
මේ අවස්ථාවේ ප්‍රේරකය පොම්පයක් ලෙස ක්‍රියාකරයි, FET Off අවස්ථාවේදී මෙම ශක්තිය ධාරිත්‍රකයට ලබා දෙයි ,FET On අවස්ථාවේදී ධාරිත්‍රකය ඒ හරහා විසර්ජය විම වැලැක්වීමට ඩයෝඩයක් යොදා තිබෙයි.
Boost Converter ය හොද DC BUS වෝල්ටීයතාවක් පවත්වාගෙන යයි ,නමුත් ධාරාව හා වොල්ටියතාවය අතර  කළා වෙනසක් ඇති වීමත් පාලනය කරයි.




මෙහි PFC පාලක ICය හෝ MOSFET ට්‍රාන්සිස්ටරය කෙටිපරිපථ වුනොත් ,ප්‍රධාන විලායකය පිලිස්සී යයි
ඉහත පරිපථයේ දී  Mc 33262 d -X යන ජවසාධක IC ය යොදාගෙන තිබෙයි,එහි තොරතුරු Goole වල Sarah කිරීමෙන් පහසුවෙන් සොයාගත හැකිය

PFC පරිපතයද Power IC තුලම අන්තර්ගතව ඇති ICද සමහර අවස්ථා වලදී යොදා ගනී ඒ පිළිබදවද සොයා ගත හැක්කේ IC Data Sheet  පරිහරණය කිරීම තුලිනි,

                        ඉතත පරිචේදයේදී ඉගනගත් මුලධර්මයන් සෑම SMPS ජවසපයුමකටම වලංගු වන අතර පරිපථ සටහන් හා යොදා ගන්නා උපක්‍රම ප්‍රමාණය නිෂ්පාදකයා අනුව වෙනස් විය හැක LED TV .CRT TV DVD උපකරණ ,පරිගණක LED පුවරු ,LEDබල්බ , හා PLC වලට ජවය ලබා දෙන SMPS යන ආස්ථා වලදී මෙම මුලධර්මය බාවිතා කරන විවිද පරිපථ  දක්නට ලැබෙයි,එවැනි අවස්ථා වලදී එම උපකරණයේ සේවා මැනුවලය පරීක්ෂා කර ජව සැපයුමේ දෝෂ හදුනා ගත හැකිය  ,බොහෝමයක්  සේවා මැනුවල් Goole මගින්  ලබා ගත හැකිය.


No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...