SMPS කැටි සටහන

SMPS කැටි සටහන(Block Diagram)


     අනෙකුත් ඉලෙක්ට්‍රෝණික පරිපථ මෙන්ම SMPS පිලිබදවද,හොද අවබෝදයක් ලබාගැනීමට නම්, එහි ක්‍රියාවලිය අවබෝධ කරගත යුතු වේ. සදහා සුදුසුම ක්‍රමය SMPS කැටි සටහන අවබෝධ කර ගැනීමයි



SMPS මුලධර්මය රේඛිය ජවසැපයුම්(Linear power supply) මුලධර්මයෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙයි
                මෙහිදී මුලින්ම ආරක්ෂක හා පෙරහන් පරිපථයක් දක්නට ලැබෙයි මෙමගින් ජවසැපයුමේ ආරක්ෂාව හා විදුලි සැපයුමට EMI (electromagnetic interference) ඇතුල් වීම වැලක්වීමත් සිදු කරයි. ඉන් පසු AC විදුලිය සේතු ඍජුකාරකයක් (diode bridge) හා පෙරහන් ධාරිත්රක (Filter Capacitor) මගින් DC විදුලිය බවට පත් කරගනී.මෙම විශාල ධාරිත්‍රක සාමාන්යෙන්(2200MF 400V) පමණ අගයක වේ.
                මෙම පිරිසිදු DC වෝල්ටීයතාවය SMT ට්‍රාන්ස්ෆෝමරය හා අරම්භක ප්‍රතිරෝධකය (START UP RESISTOR) වෙත යොමු වෙයි,මෙම ප්‍රතිරෝධකය වැඩි ඕම් ගණනකින් යුත් ප්‍රතිරෝධකයකි ,PWM IC පණගැන්වීමට අවශ්‍ය VCC වෝල්ටීයතාවය මෙමගින් ලබාගනී, එක් වරක් පණගැන්වූ පසු ,Run dc circuit මගින් මෙම වෝල්ටීයතාවය දිගටම පවත්වා ගනී මේ සදහා එම පරිපථයේ ප්‍රතිරෝධකයක් හා ඩයෝඩයක් යොදා ඇත
 පහත පරිපථ සටහන් ඉහත කැටි සටන් මගින් සසදා බලන්න









ලිපිය ලියන විට ඇති වන ගැටළු නිසා ෆොටෝ ලෙස පල කරමි


වැඩි දුර අවධානයට පහත සලරුව නරබන්න
https://www.youtube.com/watch?v=mj2uoTztDl8



No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...