නියදුම් පරිපථය (Sampling Circuit)

භාරයේ වෙනස්කම් වලට අනුව SMPS ජවසැපයුමේ ප්‍රතිධාන වෝල්ටීයතාවය පාතන වුනොත් එය  අවාසියකි, මෙම ගැටළුව මගහරවා ගැනීමට ජවසැපුමේ ප්‍රධානම වෝල්ටීයතා ප්‍රතිධානයෙන් (B+ voltage) වලින් කොටසක් නියදුමක් ලෙස ලබා ගනී. මෙය (SENSING) පරිපථය ලෙසද හදුන්වනු ලබයි.




නියදුම් පරිපථයේ ප්‍රදාන කාර්යය නම් දෝෂ හදුනා ගැනීමේ හා ප්‍රතිපෝෂණ පරිපථයට අවශ්‍ය වෝල්ටීයතා සංඥා ලබා ගැනීමයි.

සාමාන්‍යයෙන් මෙම පරිපථය ප්‍රතිරෝධක කිහිපයකින් සමන්විත වන අතර,සමහරක් ජවසැපයුම් වල පෙර සැකසුම් ප්‍රතිරෝදකයක් (per - set) දක්නට ලැබෙයි.
මෙම පරිපථයේ ප්‍රතිරෝධකයකට හානි උනොත් අධික ප්‍රතිධාන වෝල්ටීයතාවක් නිසා ජව සැපයුම ස්වයංක්‍රියව ක්‍රියාවිරහිත වේ.


සටහන- සමහරක් SMPS වල මෙම නියදුම් වෝල්ටීයතාවය ප්‍රාතමිකයෙන්ම ලබාගෙන තිබෙයි ඒ සදහා ප්‍රතිපෝෂණ දගරයක් SMT ට්‍රාන්ස්ෆොර්මරයේ ඔතා තිබෙයි,පහත පරිපථය බලන්න 



මෙහි POWER IC (IC901) එකේ,පින් අංක 7 දෙස බලන්න  එහි F/B ලෙස සදහන්ව ඇත, ඒ යනු ප්‍රතිපොෂණයයි,මෙම අග්‍රයේ සිට පහලට අනුරෙකනය කරන්න එවිට හමුවන  T901 පින් අංක 7 න් ප්‍රතිපෝෂණ දගරය හදුනාගත හැක.







ද්විතික වෝල්ටීයතා ප්‍රතිදාන පරිපථය(Secondary output Voltage Circuit)

ද්විතික වෝල්ටීයතා ප්‍රතිදාන පරිපථය(Secondary output Voltage Circuit)






මෙම පරිපථය  මගින් ජවසැපයුමෙන් ලබාදිය යුතු විවිද  (+ )හා (- ) වෝල්ටීයතාවයන් බැර පරිපථ වෙත බෙදා දීම සිදු කරයි.

මෙහිදී අධිසංඛ්‍යත වලට ඔරොත්තු දෙන ඩයෝඩ (Ultra-fast Recovery Diode)යොදාගැනෙන අතර ප්‍රේරක හා පෙරහන් ධාරිත්‍රක යෙදු පරිපතයක් මගින් හොද සුමට DC ධාරාවක් ලබා ගනී.
සෑම DC පරිපථයකටම වෙන් වෙන් වශයෙන් මෙම මුලික ඉලෙක්රොනික උපක්‍රමය යොදා තිබේ,

නිපදවන DC වෝල්ටීයතා ප්‍රමාණය ද්විතික දගරයේ වට ගණන මත රදා පවතින අතර,ගලා යා හැකි ධාරාව,SMT ට්‍රාන්ස්ෆොර්මරයේ ජව අගය(VA) මත රදා පවතී.
අධික ප්‍රතිධාන ධාරා ලබාගන්නා සමහර අවස්ථා වලදී පහත පරිපථයේ පරිදි D804, D805 විශේෂ දයෝද (schottky Diode)වර්ග යොදා ගනී මෙහි අරමුණ ජව සැපයුමේ කාර්යක්ෂමතව වැඩි කරගැනීමයි 



මෙම පරිපථයේ දී D804 මගින් වෝල්ටීයතාව ඍජුකරණය  කරගන්නා අතර,C813 , L804 ,C816 පෙරහන් ලෙස ක්‍රියා කරයි,දිවිතිකයේ ඇති වන වෝල්ටීයතා ස්ර්ජනයන් අවම කිරිමට C822 ,හා C809 පරිපථයට යොදා ගෙන තිබේ . 
මෙවන් පරිපථයක ඩයෝඩයක් හානි උනොත් හෝ ධාරිත්‍රකයක අධික ESR අගයක් ඈති වුනොත් එය ජවසැපයුම ක්‍රියා නොකිරීමට හේතුවක් වේ ,සමරවිට ස්ථාවර නොවන ප්‍රතිදාන වෝල්ටීයතාවක් ලැබේ. 

බොහෝ විට වෝල්ටීයතාවය අඩු වෙයි ,CRT TV එකක හීටර කොයිලයට සම්බන්ද ධාරිත්‍රකයට  හානි සිදු වූ විට එහි වෝල්ටීයතාව 12 V වල සිට 2.3 V දක්වා අඩු වෙයි , මෙය රුප නොපෙනී යාම අඩු ආලෝකයෙන් රුප පෙනිඉම DIM PICTURE වැනි ධෝෂ ඇති කරයි.

CRT TV විතරක් නෙමයි SMPS යොදාගන්නා ඕනෑම අවස්ථාවක මෙම දෝෂ ඇතිවිය හැකියි ලංකාවේ අපි වැඩිපුර දන්නේ CRT TV ගැන නිසා එකෙන් මේ දේවල් විස්තර කරනවා 



SMPS දෝලක පරිපථය (oscillator Circuit)

SMPS දෝලක පරිපථය (oscillator Circuit)

මෙම පරිථය POWER IC U101 සහ POWER FET Q101  (සමහර අවස්ථා වල POWER BJT) වලින් සමන්විත වෙයි.

SMT ට්‍රාන්ස්ෆොර්මරයේ ප්‍රාථමික දගරය FET වලට සම්බන්ද වන්නේ මෙම පරිපථයෙනි.

OPTO ISOLATER IC මගින් POWER IC වෙත ලබා දෙන ප්‍රතිපෝෂණ කොටසද අයත් වන්නේ මෙම පරිපථයටයි, 
ප්‍රතිධාන වෝල්ටීයතාවය පාලනය කරන ප්‍රධානම සාධකය POWER IC වෙයි.POWER IC මගින් අධිසංඛ්‍යත වෝල්ටීයතා ස්පන්දන(High Frequency Voltage Spikes) ඇති කරයි.මේවා DRIVE SIGNAL ලෙස ද හදුන්වයි.
මෙමෙ වෝල්ටීයතා ස්පන්දන මගින් POWER FET  ක්‍රියාත්මක කරගන හැකිය.POWER FET ON වන විට ප්‍රාථමික දගරය ශක්තිය ගබඩා කර ගන්නා අතර POWER FET OFF වන විට ද්විතිකයෙන් එම ශක්තිය පිට කරනු ලබයි.ප්‍රථමික දගරය ස්විචීකරණය වන විට ද්විතිකයේ වෝල්ටීයතාවක් ප්‍රේරණය වෙයි .


මෙම ස්විචීකණය වන DUTY CYCLE වෙනස් කිරීම මගින්  ද්විතිකයේ ප්‍රේරණය වන වොල්ටියතාවය පහසුවෙන් වෙනස් කරගත හැකිය.
Power IC  මගින් මෙම On හා OFF වන කාලයන් වෙනස් කරනු ලබයි මෙම ස්පන්දනයේ පළල වෙනස් කිරීම මගින් ද්විතිකයේ වෝල්ටීයතාවය වෙනස් කර ගත හැකි බැවින්,මෙම ක්‍රමය කලාප පළල මුර්ජනය PWM (PLUS WIDTH MODULATION ) ලෙස හදුන්වයි


මෙහිදී අදාළ FET ට ලැබෙන සංඥාවේ සංඛ්‍යතය අනුව ප්‍රතිධානයේ වෝල්ටීයතාවය වෙනස් කල හැකිය.
 මේ ආකාරය වෝල්ටීයතා ජනනය කිරිමෙදී FET ය OFF වන අවස්ථවෙදී ප්‍රාථමික දගරයෙන් වෝල්ටීයතා සර්ජන්යක්  ඇති වෙයි (VOLTAGE SPIKE) මෙම ස්ර්ජනයෙන් Power FET ආරක්ෂා කර ගැනීමට R 108, C115 ,D 111 යන උපකරණ යොදා ගනී .මෙමගින් වෝල්ටීයතා සර්ජනයේ විස්තාරය සිමා කරන අතර මෙය RCD පරිපථය ලෙස සදුන්වනු ලබයි.



POWER FET ය POWER IC තුලම අන්තර්ගත ඉහත  පරිපථය දෙස බලන්න එහි ක්‍රියාවලියද වෙනසක් නොවන අතර පෙරට වඩා පරිපථය සරල වී ඇත .මෙම වර්ගයේ Power  IC ලුහු පරිපථ හෝ විවෘත පරිපථ   වුවහොත් ජවසැපයුම ක්‍රියා නොකරයි.
 එපමණක් නොව දෝලක පරිපථයට සම්බන්ද ඕනෑම උපකරණයක් ක්‍රියා නොකරයි නම් SMPS ජවසැපයුම ක්‍රියා නොකරයි.සමහර අවස්ථා වලදී ප්‍රදාන විලායකය (MAIN FUSE) පිලිස්සී යයි


වැඩිදුර ඉගැනුමට පහත සලරූ නරබන්න ..................




අරම්බක හා ක්‍රියාත්මක පරිපථය (Start up and Run DC Circuit)

 අරම්බක හා ක්‍රියාත්මක පරිපථය (Start up and Run DC Circuit)


           මෙම පරිපථය අධි ඕම්  ගණනකින් යුත් ප්‍රතිරෝධක කිහිපයකින් සමන්විත වෙයි R804 ,මේවා 300 V DC වෝල්ටීයතාවය POWER IC යේ Vcc වෝල්ටීයතාවය දක්වා අඩු කිරීමට යොදා ගනී.

SMPS ජවසැපයුම් වර්ගය අනුව මෙම ප්‍රතිරෝධකයෙන් පාථනය කරන වෝල්ටීයතාවය වනස් වෙයි, පහත පරිපථයෙදී නම් 16 V දක්වා අඩු කරගැනී.මෙය ප්‍රථම අවස්ථාවේ  දෝලක පරිපථය ආරම්භ කිරීමට යොදා ගනී (KIK ON THE OSCILLATOR


C808 ධාරිත්‍රකය මගින් අරම්කභ ප්‍රතිරෝධයෙන් ලබා ගන්නා ධාරාව සුමට කර Vcc නියතව තබාගනී 


පරිපථය අරභ වූ පසු අරම්කභ ප්‍රතිරෝධය ගලවා ඉවත් කලත් ජවසැපයුම වෙනත් පරිපථයක් මගින් ක්‍රියාත්මකව පවතී.
SMT ට්‍රාන්ස්ෆොර්මරයේ ප්‍රථමිකයේ දිවිතික දගරයෙන් RUN DC පරිපථයට විදුලිය නොකඩවා ලබා දීම මෙයට හේතුවයි.
POWER IC සදහා අවශ්‍ය මුලික DC ජවය ලබා ගන්නේ මෙම පරිපථයෙනි,අරම්භක ප්‍රතිරෝධයෙන් මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීම පමණක් සිදු කරයි, 
R816 ප්‍රතිරෝධකය මගින් Vcc වෝල්ටීයතාවය පාලනය කරනු ලබන අතර අධික ධාරාවක් power IC වෙත යාම වලක්වාලයි. 
D803 ඩයෝඩය අධි සංඛ්‍යත වලට ඔරොත්තු දෙන ඩයෝඩයකි,
එමගින් ද්විතිකයේ වෝල්ටීයතාවය ඍජුකරණය කරන අතර C809  ධරිතාරකය මගින් ධාරාව  සුමටනය කරයි.
සටහන - සමහර ජව සැපයුම් වලදී අරම්භක ධාරාව 300 V dc වලින් ලබා නොගන්නා අතර AC සැපයුමෙන්ම ලබා ගන්න්නා අවස්ථා දක්නට ලැබෙයි .පහත රුප සටහන බලන්න මෙහිදී ප්‍රතිරෝධක 2ක්ම යොදාගෙන තිබෙයි 

මෙම ප්‍රතිරෝධකය  විවෘත පරිපථ හෝ අධික ඕම ගණනක් වුනොත්  SMPS ජව සැපයුම ක්‍රියා නොකරයි. 
එමෙන්ම INTERMITTENT දෝෂ ඇති විය හැකියි ඒ කියන්නේ වරින් වර ජවසැපයුම ON OFF වීමයි.
පළමුව ජවසැපයුම ON කල විට එය ක්‍රියා කරයි,
නැවත OFF කර ON කිරීමට උත්සාහ කලත් ON නොවෙයි ,නැවත ටික වෙලාවකින් ON කරගත හැකි වෙයි.

මෙම එක් එක් දෝෂ වලට යොදන පිළියම් ඉදිරියේදී සාකච්චා කරනු ලැබේ 


වැඩි දුර ඉගැනීමට




සේතු ඍජුකාරකය (Bridge Circuit)

සේතු ඍජුකාරකය (Bridge Circuit)


     ඩයෝඩ හතරකින් හෝ තනි ඇසුරුමක් ලෙස මෙම කොටස පරිපථයේ දක්නට ලැබෙයි,AC ධාරාව dc බවට  පත් කරන්නේ මෙමෙ පරිපථ කොටසෙනි

පෙරහන් ධාරිත්‍රකය මගින් එම DC ධාරාව සුමටනය කරනු ලබයි, මෙම ධාරිත්‍රක 2000 MFD 400 V පමණ වන විශාල ධාරිත්‍රකයි ,මෙසේ සාදාගන්නා සුමට DC ධාරාව SMT ස්විචීකරන ට්‍රාන්ස්ෆෝමරයේ ප්‍රථමික දගරය වෙත යොමු කරේ .අප රටේදී මෙම වෝල්ටීයතාව 300 V DC පමණ වේ.මෙය පහසුවෙන්ම ධාරිත්‍රක අග්‍ර දෙක අතර වෝල්ටීයතාවය මැනීමෙන් ලබාගත හැක .
සමහරක් පරිපථ වල සෑම ඩයෝඩයක් හරහාම ධාරිත්‍රක සම්බන්ද කර තිබෙයි,මෙයට ප්‍රධාන හේතුව නම් සේතුසෘජුකාරකයේ ඇති වන RFI (Radio Frequency Interferingසංඥා කපාහැරිමයි,එමෙන්ම ප්‍රධාන ධාරාවේ සිදුවන අසමමිතික වෙනස්වීම් C823 ධාරිත්‍රකය මගින් කපාහරිනු ලබයි, එය ප්‍රථමික භුගතය (Hot Ground) හා ද්විතික භුගතය  (Cold Ground) අතර පිහිටවා තිබෙයි.
ඩයෝඩසේතුව ලුහු පරිපථ උවහොත් ප්‍රධාන විලායකය අනිවාර්යයෙන්ම පිලිස්සී යයි , සමහර විට POWER FET, POWER IC හා අවට ඇති උපකරණ වලටද හානි සිදුවිය හැක ,එමෙන්ම C812 ධාරිත්‍රකයේ දෝෂයක් හෝ ESR අගයේ අඩු විමක් ජවසැපයුමෙන් ජවය පිට නොකිරිමට හේතුවක් වේ ,CTR TV එකක  නම් මෙය රූප තිරස්ව පෙරලීම මගින් හදුනා ගත හැක .





ඔබගේ ප්‍රතිචාර අගය කොට සළකමි...................

ප්‍රධාන ආරක්ෂක හා පෙරහන් පරිපත

   ප්‍රධාන ආරක්ෂක හා පෙරහන් පරිපත (In put Protection and EMI Filtering Circuit)


මෙහි දක්වා ඇති අංකන සියල්ල පහත පරිපථය හා බැදෙයි
          
    මෙය ජවසපයුමට AC වෝල්ටීයතාවය ඇතුලත් වන කොටසයි, L හා N අකුරු වලින්  සජීවී හා උදාසීන අග්‍ර දක්වා තිබි 

    R802 වෙරිස්ටරය( Varistor) මගින් විදුලි බිදවැටීම් හා අකුණු සැර වැදීම් වලදී ඇතිවන වෝල්ටීයතා  වෙනස්වීම් වලින් පරිපථය ආරක්ෂා කරගනී, 

    F801 විලායකය මගින් අධිධාරා වලින් පරිපථයට සිදුවන හානිය අවම කිරීමට AC සැපයුම මුලුමනිම ඉවත් කරන්නු ලබයි,

   C801,C824  ධාරිත්‍රක X Capacitors ලෙස හදුන්වන අතර ,අවකලනමය විද්‍යුත්චුම්බක බදා ( Differential Mode EMI) ඇති විම වළක්වාලයි.

    පරිපථය විදුලියෙන් විසන්දි කරන විටම R801 ප්‍රතිරෝදකය මගින් C801 හා C824 ධාරිත්‍රක විසර්ජනය කරනු ලබයි.එමගින් අපගේ ආරක්ෂාව සලසා දී තිබයි


   L 805 ප්‍රේරකය පොදු මාදිලි ( Common mode Inductor) ප්‍රේරකයක් වන අතර එමගින් පොදු මාදිලි විද්‍යුත්චුමභක බදා (Common mode EMI)නැවත AC සැපයුම වෙත ගලා යාම වළක්වාලයි,
එය පෙරහන් පරිපථයක් ලෙස ක්‍රියා කරනු ලබයි.

   C802 හා C803 ධාරිතරක Y Capacitors ලෙස හදුන්වන අතර මේවා මගින් EMI ඇති වීම සිමා කරයි.

   R840 (thermistor) ක්ෂණිකව සිදුවන ධාරා වැඩි වීම (Initial Peak Inrush Current) වලින් පරිපථය ආරක්ෂා කරනු ලබයි මේවා බොහෝවිට පරිපථය ON හා OFF කරන අවස්ථා වලදී ඇති වෙයි.

   මෙවන් ආරක්ෂක පරිපථ කිහිපයක් හෝ අඩුම තරමින් එකක් වත් සෑම SMPS ජවසැපයුමකම දක්නට ලැබෙයි


DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...