SMPS මුලික පරිපථ 11 හදුනාගැනීම

පරිපථ සටහන්(Schematic Diagrams)  මගින්  SMPS මුලික පරිපථ 11 හදුනාගැනීම





රේඛීය ජව සැපයුම

 රේඛීය ජව සැපයුම 
බලන්න මෙහි කැටි සටහන ඉතා සරලයි නේද... ඒ වගේම තමා මෙම උපකරණයේ දෝෂ හොයන එකත් ඉතා සරල වැඩක්




රේඛිය ජව සැපයුමක පරිපථ සටහනක් හා රුප සටහන් පහත දක්වා තිබෙයි
තත්වයෙන් උසස් රේඛිය ජවසැපයුමක් 

මෙම පරිපථය මගින් රේඛිය ද්ත්ව ජවසැපයුමක් සාදා ගත හැකිය

නම් කරන ලද රුප සටහන 



වැඩි දුර අද්‍යනය සදහා සබැදුම්


https://www.youtube.com/watch?v=mj2uoTztDl8

https://www.youtube.com/watch?v=V-cSB8GVRkA

https://www.youtube.com/watch?v=M-JgxKUi43Q

SMPS කැටි සටහන

SMPS කැටි සටහන(Block Diagram)


     අනෙකුත් ඉලෙක්ට්‍රෝණික පරිපථ මෙන්ම SMPS පිලිබදවද,හොද අවබෝදයක් ලබාගැනීමට නම්, එහි ක්‍රියාවලිය අවබෝධ කරගත යුතු වේ. සදහා සුදුසුම ක්‍රමය SMPS කැටි සටහන අවබෝධ කර ගැනීමයි



SMPS මුලධර්මය රේඛිය ජවසැපයුම්(Linear power supply) මුලධර්මයෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙයි
                මෙහිදී මුලින්ම ආරක්ෂක හා පෙරහන් පරිපථයක් දක්නට ලැබෙයි මෙමගින් ජවසැපයුමේ ආරක්ෂාව හා විදුලි සැපයුමට EMI (electromagnetic interference) ඇතුල් වීම වැලක්වීමත් සිදු කරයි. ඉන් පසු AC විදුලිය සේතු ඍජුකාරකයක් (diode bridge) හා පෙරහන් ධාරිත්රක (Filter Capacitor) මගින් DC විදුලිය බවට පත් කරගනී.මෙම විශාල ධාරිත්‍රක සාමාන්යෙන්(2200MF 400V) පමණ අගයක වේ.
                මෙම පිරිසිදු DC වෝල්ටීයතාවය SMT ට්‍රාන්ස්ෆෝමරය හා අරම්භක ප්‍රතිරෝධකය (START UP RESISTOR) වෙත යොමු වෙයි,මෙම ප්‍රතිරෝධකය වැඩි ඕම් ගණනකින් යුත් ප්‍රතිරෝධකයකි ,PWM IC පණගැන්වීමට අවශ්‍ය VCC වෝල්ටීයතාවය මෙමගින් ලබාගනී, එක් වරක් පණගැන්වූ පසු ,Run dc circuit මගින් මෙම වෝල්ටීයතාවය දිගටම පවත්වා ගනී මේ සදහා එම පරිපථයේ ප්‍රතිරෝධකයක් හා ඩයෝඩයක් යොදා ඇත
 පහත පරිපථ සටහන් ඉහත කැටි සටන් මගින් සසදා බලන්න









ලිපිය ලියන විට ඇති වන ගැටළු නිසා ෆොටෝ ලෙස පල කරමි


වැඩි දුර අවධානයට පහත සලරුව නරබන්න
https://www.youtube.com/watch?v=mj2uoTztDl8



SMPS හදුන්වාදීම

SMPS අලුත්වැඩියා කිරීම

SMPS ගැන හදුන්වා දීම

SMPS යනු කුමක්ද? SMPS යනු  සුවිචීකරන මාදිලිය් බල සැපයුම යන අර්ථයයි,සාමාන්‍ය බල සැපැයුමක මෙන්ම මෙහි කාර්යත්  වෝල්ටීයතාවය එක් මට්ටමේ සිට වෙනත් මට්ටමකට  වෙනස් කිරීමයි.

සාමාන්යයෙන් එය AC, ප්‍රධාන සැපයුම, ඉලෙක්ට්‍රෝණික පරිපථ හෝ උපකරණ සඳහා අවශ්‍ය නියාමනය කරනු ලැබූ DCවෝල්ටීයතා බවට පරිවර්තනය කරනු ලැබේ.


මෙම උපකරණ ලබා දෙන ප්‍රතිලාභ නිසාම 1980 සිටම බොහෝ ජනප්‍රියවී තිබේ, SMPS ඇති වාසි වන්නේ
  • ·         කුඩා ප්රමාණය හා සැහැල්ලු බර
  • ·         ඉහළ කාර්යක්ෂමතාව හා අඩු තාප පමාණයක් ජනනය කිරීම
  • ·         වඩා හොඳ වෝල්ටීයතා නියාමනයක් තිබීම
  • ·         පුළුල් පරාසයක  AC input ලබාදිය හැකි වීම
  • ·         අඩු වියදම

SMPS වල රේඛීය බල සැපයුම් සමඟ සසඳන කල යම් අවාසි තත්ත්වයන් ඇත
  • ·         ජව සැපයුමේ  ඉලෙක්ට්‍රෝණික උපකරණ බොහෝ බාවිත වන නිසා,දෝෂයක් ඇති වූ විට බොහොමයක් උපකරණ Replace කල යුතු වීම
  • ·         මේවාහි බොහෝඉලෙක්ට්‍රෝණික පරිපථ බාවිතා වන බැවින් (protection cct, feedback cct, oscillator cct  ) දෝෂ හදුනාගැනීමේ අපහසුව
  • ·         සමහර අමතර කොටස් වෙළදපලේ නොමැති වීම හෝ මිල ගණන් අදික වීම(power FET ,Power IC)


පහත චායාරූප මගින් ඔබට SMPS ගැන අවබෝධයක් ලබාගත හැක , බලන්න විවිද බාවිතා සදහා විවිද වර්ගයේ SMPS නිර්මාණයකොට තිබේ 
එම සියලු චායාරූප උනන්දුවෙන් නරඹන්න, ඔබට දකින්න ලැබෙන්න ඇති බොහොමයක් ජව සැපයුම් වල පොදු ඉලෙක්ට්‍රෝණික උපකරණ බාවිත වන බව (fuse, SMT transformers,Diodes, Capacitors,inductors ) මෙම ඉලෙක්ට්‍රෝණික උපකරණ ගැන හොද අවබෝධයක් ඔබට ඇත්නම් මේවා අලුත්වැඩියා කිරීමත් එතරම් අපහසු නොවේ




පහත සලරුන් නරඹන්න



මීළගට SMPS කැටි සටහන විස්තර කිරීම................


DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...