SMPS අළුත්වැඩියාව සදහා ආවූද හා උපකරණ...........

මල්ටි මිටයක් විතරක් යොදා ගෙන නම් smps දෝෂ හොයන්න යන්නේ එක හරි අමාරු වැඩක් , සමහර දෝෂ මල්ටිමිටරයෙන්  බලාගන්න බැ ඒ සදහා විශේෂ උපකරණ බාවිතා කල යුතුම වෙනවා.

            පහත මම කියන උපකරණ ටික ටික එකතු  කරගන්න, එතකන් මල්ටීමිටරය යොදාගන්න ,සමහරක් නම්  අපිටම හදා ගන්නත් පුළුවන් ,ඒ වගේම උපකරණ වල නිවැරදි තාවයක් ඉතා වැදගත වෙනවා දෝෂ සොයනකොට නැතම් අදාළ නැති දෝෂ පවා මතු වෙන්න පුළුවන්.

1)      ISOLATION ට්‍රාන්ස්ෆොර්මාරය



මේක අපිට විදුලියෙන් වෙන හානිය අවම කර ගන්න බාවිතා කරන උපකරණයක් මෙයින් 230 v- 230v වලටම හරවනවා නමුත්,භුගත අග්‍රය සමග සම්බන්ද නැති නිසසා විදුලි සැර වැදීමේ අවදානම් ඉතා අඩුයි,ප්‍රධාන සැපයුමෙන් වෙන් වුන වෝල්ටීයතාවයක් ලැබෙන්නේ.
SMPS එකට මේක වැදගත් වෙන්නේ මේකයි අපිට වෙන අතපසු වීමකින් හරි HOT Ground එක ඇල්ලුවොත් අපිට විදුලි සැර වදිනවා නමුත් මෙම ට්‍රාන්ස්ෆොර්මාරය යොදා ගතහොත් එක වෙන්නේ නෑ ( ට්‍රාන්ස්ෆොර්මර් පාඩම නැවත බලන්න අමතක නම්)

අපට අවශයම් නම් ඉතා රුපයේ ඇති වෝල්ටීයතාවය වෙනස් කරන්න පුළුවන් Isolation T/F උනත් යොදා ගන්න පුළුවන්

2)      AC අමිටරය


ඇමිටර මගින්ද බොහෝ දෝෂ හදුනා ගත හැකිය ,උදාහරණයක් ලෙස අප අලුතින් ඩයෝඩයක් සවිකලා යයි සිතමු මෙම ඩයෝඩය ට හානි වුයේ පරිපථයේ වෙනස් කොටසක ඇති දෝෂයකින් විය හැකිනේ, අපි කෙලින්ම  ප්‍රධාන ජවසැපයුම ලබා දුන්නොත් නැවත එම ඩයෝඩයම පිලිස්සී යාමයි වෙන්නේ ,AC අමිටරයක් අප සතුව තිබුනොත් පරිපථයට අමිටරය හරහා සැපයුම් ලබා දී අදික ධාරාවක් ගලා යන්නේ නම් සැපයුම විසඳි කර ගත හැකියි.


සමහර උපාංග සවි කල මොහොතේම හොදින් ක්‍රියා කරත් ,පැය කිහිපයකට පසුව නැවත එම දෝෂයම මතු වූ අවස්ථා දක්නට ලැබෙයි ,මෙවැනි අවස්තාවක අමිටයක් මගින් සැපයුම ලබා දී ,ජව සැපයුම අධීක්ෂණය කරමින් දෝෂ සොයා ගත හැකි වේ
 ඔබ ලග ඉහත උපකරණ දෙකම තිබෙනවා නම් දෝෂ සෙවීම තවත් පහසුයි ,ඒ මොකද ඔබට පුළුවන් දෝෂ සහිත උපකරණයට ac වෝල්ටීයතාවය කරමක්ක්රමයෙන් වැඩි වන ලෙස ලබා දී (0 – 30 v )අමිටරය නිරීක්ෂණය කරන්න ,ඇමිටර පටංකය එක විටම ඉහල යයි නම් ,smps වල ලුහු පරිපථ වීමක් තිබෙයි ,දැන් අපි ට පුළුවන් ac සැපයුම ඉවත් කරලා අදික ලෙස රත් වෙලා තියන උපකරණ පසුවෙන් හදුනා ගන්න
හැබැයි හොදට මතක තියා ගන්න ac සැපයුම ඉවත කරන්න ,ඒ වගේම ධාරිත්‍රක නම් විසර්ජනය කරන්න ඕනෑම නෑ , මොකද අපි ලබා දෙන්නේ 30 v වගේ වෝල්ටීයතාවයක් නිසා

 3)      මල්ටිමිටරය




මෙම උපකරණයත් බොහොම වැදගත් දෝෂ සොයාගන්න විවිද වර්ග වල මල්ටිමිටර දකින්න ලැබෙනවා මම නම් කියන්නේ තරමක් හොද මීටරයක් තියන එක තමා හොද දෝෂ සොයාගන්න ,මේ ගැන නොදන්නා කෙනෙක් නැති තරම් ඒ නිසා වැඩිය කතා නොකර ඉමු ,Analog වගේම Digital මල්ටිමිටර දකින්න පුළුවන් 




4)      LRC මීටරය



මල්ටිමීටරය වගේම තම මෙම උපකරණෙ තියන් විශේෂත්වය, මෙකෙන් පුළුවන් ධාරිතාවය, හා ප්‍රේරකතාවය  මැන ගන්න, මෙම උපකරණය මිල නම් අදික වෙන්න පුළුවන්, ඒ වගේම ප්‍රයෝජනවත්
 
5)      ESR මීටරය


අධික ESR අගයක් තියන ධාරිත්රකයක් නම් දෝෂම තම ,මේක බලාගන්න තියන එකම උපකරණය තමා මෙම මීටරය , ලංකාවේ වෙළද පලේ නම් හොයා ගන්න අමාරුයි , නමුත් EBAY වලින් හොයාගන්න පුළුවන් ,නැත්නම් අන්තර්ජාලයෙන් පුළුවන් මෙයින් එකක් හදා ගන්න හැටි කියලා දෙන්නම් ඉස්සරහට පොඩි  පරිපථයක් තියෙන්නේ ,ලේසියෙන් එකලස් කරගන්න පුළුවන් 

6)      BLUE RING ටෙස්ටරය



SMPS ට්‍රාන්ස්ෆොර්මර් වල ඇති ප්‍රේරක දගරයක් ලුහු පරිපථ වී ඇත්නම් එය මල්ටිමෙටරයෙන් පරිශාකර ගත නොහැක ,එයට හේතුව Nomal අවස්ථාවේදීත් මෙම උපකරණ ඉතා අඩු ප්‍රතිරෝද පෙන්වීමයි ,අනෙක මෙවැනි උපකරණයක දගර Internal ලුහු පරිපථ වී ඇත්නම් එය LCR මිටරයෙන් වත් සොයා ගත නොහැකි.
මෙම උපකරණ මගින් මෙවැනි දගර ලුහු පරිපථ වීම සොයා ගනී, TV FLYBACK ට්‍රාන්ස්ෆොර්මාරය ,B + දගරය ,වැනි ඕනෑම දගරයක් මෙමගින් පරිෂා කර ගත හැකිය
මෙයද ලංකාවේ වෙළදපලේ දක්නට නොලැබෙයි , නමුත් සරල පරිපතයක් මගින් නිර්මාණය කර ගත හැකිය
මෙහි ඇති වාසිය නම් ට්‍රාන්ස්ෆොර්මර පරිපතයෙන් ඉවත් නොකරම පරිෂා කර ගත හැකි වීමයි. මේකක් හදන හැටිත් කියල දෙන්නම් කෝ ... 

7)      දෝලනේක්ෂය


power ic නිවැරදිව ක්‍රියා කරනවා දැයි පරිෂා කර ගත කින් එකම උපකරණ ය මෙයයි,එමෙන්ම දොලක පරිපථයක් ඇත්නම් එයද මෙමගින් පරිෂා කර ගත හැකි මේ උපකරණයත් Analog හා Digital මාදිලි වලින් මිලදීගන්න පුළුවනි 



පහත සලරූ වලින් මෙම උපකරණය භාවිතය ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි 







No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...