SMPS අලුත්වදියාවේදී සැලකිලිමත් විය යුතු කරුණු

ඔබට අලුත්වැඩියාවට උපකරණයක් රැගෙන අවාම මුලින්ම කරන්න ඕනා ඒ රැගෙන එන කෙනාගෙන් මොකද්ද ඇති වී තිබෙන දෝෂය කියලා විමසා ගන්න එක එතකොට අපිට අලුත්වැඩියා කරන්න ලෙසයි ,දොස්තර කෙනෙක් උනත් ලෙඩා ගෙන් අහනවානේ මොකද්ද අමාරුව කියලා
එම කරුණු දන ගැනීම ඉතා වැදගත් ඒ වගේම අපේ කාලය බොහෝ ඉතුරු කරනවා ,ඒ වගේම සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග පරික්ෂා කරන අකාරය පිළිබද දැනුමත් ඉතා වටිනවා ,ඒ වගේම අන්තර්ජාල බාවිතා කරමින් දත්ත සොයා ගැනීමට හැකි වීමත් දැන් නම් ඕනෑමයි මොකද විශාල ඉලෙක්රෝක්නික උපකරණ ස්න්ක්යාවක් තියන නිසා ඒවා ඔක්කොම අපිට මතක තියා ගන්න බෑ අන්තර්ජාලයෙන් සොයා ගන්න එක තමා පහසුම වැඩේ

ඔබට අලුත්වැඩියාවට සමු වන උපකරණයේ ඇසට පෙනෙන දෝෂයක් තිබේදැයි මුලින්ම බලන්න එසේ නොමැති නම් smt ට්‍රාන්ස්ෆෝමරය ගලවා ඉඅවත් කරගන්න දැන් ඔබට පහසුවෙන් ප්‍රතමිකය හා දිවිතිකය හදුනාගටැහැ හැකි ,ඒ වගේම අපහසුවකින් තොරවම දයෝද පරික්ශාවන්ද සිදු කල හැකි

 දයෝද පරිසාවේදීත් මතක තබා ගත යුතු කාරනාවක් තියනාවා දයෝද x 1 හා x 10 යන පරාස දෙකේදීම පරික්ෂා කරන්න ඕනා මොකද සමහර දයෝද අඩු ඕම් පරාසයේදී කියා කරන්නේ නෑ ,මෙම දෙකෙන්ම එකම අගය ලැබුනොත් smps දයෝද වල කිසිම අඩුපාඩුවක් නෑ
shotkey දයෝද පරිශාවක් අනිවාර්යෙන්ම කරන්න ඕනා smt ඉවත් කරලයි ඒවා පරික්සාවට x 10 ඕම් පරාසය තමා සුදුසුම වෙන්නේ


 මෙම දයෝද දෙක වෙන වෙන අගයන් පෙන්නුවත් කමක් නෑ හැබැයි දෙපසටම ධාරාව ගලා යනවා නම් වෙන දයෝදයක් යොදා ගන්න වෙනවා
දයෝද වලින් smps වල දෝෂ විශාල ස්න්ක්යාවක් ඇති වෙනවා මෙම පරිෂා කරීමෙන් දෝෂ සහිත දයෝදයක් හදුනා ගටහොත් එය පර්තිස්තාපනය කරන්න පුළුවන් , සමහර විට එම දයෝදයම හොයා ගන්න නැති වෙයි ,නමුත් දයෝද දත්තයට සමාන දත්ත තියන ඕනෑම දයෝදයක් ඒ වෙනුවට යොදා ගන්න පුළුවන්
සමහර උපකරණ හොයා ගන්න පරණ වැඩ නොකරන ජව සැපයුම් කිහිපයක් හොයාගෙන තිබුනා නම් මේ වැඩේ ගොඩාක් ලෙසයි
 දයෝද ඔක්කොම හොදයි නම් ඊලගට දෝෂ එන්න පුළුවන් තැන තමා ධාරිත්කාරක ,මේවගේ දොස ධාරිත්රකය පරිපතයෙන් ගලවන්නේ නැතිවම හොයා ගන්න පුළුවන් උපකරනාවක් තියනවා එක තමා ESR මීටරය 

මම නම් කියන්නේ මම අන්තිමට දෙන පරිපත සටහන් උපයෝගී කරගෙන මෙයින් එකක් හදා ගන්න අලුත්වැඩියාවන් ඉතා පහසු හා ඉක්මන් වෙයි


ඒ වගේම අපේ ඇසටත් පුළුවන් හොද නැති ධාරිත්‍රක හොයා ගන්න ,ධාරිත්රකයක් හානි වෙලා තිබුනොත් ,එක ESR මිටරයෙන් හොදයි කියලාපෙන්නුවත් කමක් නෑ ප්‍රතිස්ථාපනය කරන්න නැතම් පසුවට එම ධාරිත්රකය නිසා සියලු ධාරිත්‍රක හානි වෙන්න පුළුවන්
අනික තමා අපි කවුරුවත් පර්තිපොෂණ පරිපථයේ උපකරණ පරික්ෂා කරන්නේ නෑ මේ පරිපතයේත් දෝෂ ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් opto ic එකේ දෝෂ මේවා නම් පරිපතයෙන් ඉවත් කරලා තමා පරික්ෂා කරන්න වෙන්නේ
මෙම පරිපථයේ ප්‍රතිරෝධකත් හානි වෙන්න පුළුවන් දෙයක් digital මල්ටිමිටරයකින් නිවැරදි පර්තිරෝද අගය පෙන්වනවද කියල බලන්න වෙනවා

අපේ ඊලග අබියෝගය තම පිලිස්සී ගියපු ප්‍රතිරෝදක ප්‍රතිස්ථාපනය කිරිඉම ,ප්‍රතිරෝදක නිවැරදි අගය පෙන්වනවාද කියල නම් මල්ටිමිටරයෙන් පහසුවෙන් හදුනා ගන්න පුළුවනි ,නමුත් නිවැරදි අගය තියන ප්‍රතිරෝදකයක් වෙළදපොලෙන් හොයා ගන්න එක තමා අමාරු .smps වලදී නිවැරදි ප්‍රතිරෝද අගය යොදා ගන්න බැරි උනොත් සමහර විට smps ක්‍රියා නොකරන්නත් ඉඩ තියනවා
ඉහත උපකරණ වලින් opto ic එකත් කුඩා පරිපතයක් මගින් පහසුවෙන් පරික්සා කරගන්න පුළුවන් නමුත් shunt regulater ic පරික්ෂා කිරීමට නම් ජව සැපයුම ක්‍රියා කරවන්නම වෙනවා
 ප්‍රතමිකයේ උපකරණත් පහසුවෙන් පරික්ෂා කරන්න පුළුවන් ,දයෝද පරතිරෝදක පරීක්ෂා කරන කොට පහත රුපයේ පරිදි එක අග්‍රයක් පරිපතයෙන් ඉවත් කරගන්න මතක තියා ගන්න මොකද මෙම උපකරණ පරිපතයේදී සමාන්තරගතව වෙනත් උපකරණයකට සම්බන්දව තිබුනොත් පෙන්වන අගයන් වැරදි වෙන්න පුළුවන් නිසා


 ඉතින් ඔබ දන්නවා smps 1ක් තියන උපකරණ ප්‍රතිරොදක ,දයෝද ,ට්‍රාන්සිටර ,ධාරිත්‍රක , මේ ඔක්කොම පරික්ෂා කරන්න උනත් පලපුරුර්දු කෙනෙකුට ගත වෙන්නේ විනාඩි 20 විතරයි ,මෙහෙම ඔක්කොම පරික්ෂා කරන්න කියනවා නෙමෙයි ,සැක කරන උපකරණ සියල්ල්ලම පරික්ෂා කරන්න ,එසේ සැක කරන එකත් ඉලෙක්රෝකින මුලධර්ම වලට අනුකුලව තර්ක කරලා සිදු කරන්න
එක අවස්තාවක් එයි උපකරණ සියල්ල හොදයි කියල තහුරු කරගන්න පුළුවන් එත් ජව සැපයුම ක්‍රියා කරන්නේ නෑ ,දැන් මොකද කරන්නේ අපිට එක දෙයක් මග අරුනා ඒ තමා ic ,power ic ,සමහරක් උපකරණ වල තියනවා digital power ic ,digital regulater ic ,මේවා පරික්සා කරන්න මල්ටිමිටරයෙන් නම් කරන්න බෑ , අනික් සියලු උපකරණ හොදයි නම් කරන්න තියෙන්නේ මෙමෙ ic ප්‍රතිස්ථාපනය කරන එක තමා
ඒ වගේම අකුණු සැර වදිමකදී වගේ නම් බොහොම අමාරුයි මේ කටයුතු කරන්න මොකද එවැනි අවස්තාවක උපකරණ විශාල ස්නික්යාවක් හානි වෙලා තියෙන්න පුළුවන් ඒවා දානවට වඩා ලේසියෙන් අලුතම ජව සැපයුමක් ගන්න පුළුවන් ,ඒ වගේ අවස්ථා පාරිබෝගිකයාට විස්හතර කරලා දෙන්න පුළුවන් හැකිය්වත් ඔබ සතුව තිබිය යුතුමයි
ඒ වගේම තව හානියක් වෙනවා මේ උපකරණ වලට මේක වෙන්නේ කාලයත් එක්ක කාලයත් එක්ක පස්සපු තනි ඔක්සිකරණය වෙනවා අපි dry point ඇති වෙනවා කියන්නේ මේ වගේ දේවල් ගැනත් සලකලා බල්ලන්න
ඒ වගේ තැනක් නම් නැවත පාස්තපුවහම (RE SOLDER ) කරාම ගැටලුව විසදෙනවා ,තවත් වෙලාවට මෙම pcb පුවරු ඉරිතලා ගන්න පුළුවන් , මට ඕනා තරම් tv board හම්බෙලා තියනව මෙහෙම නැමිලා ඉරිතලා ගියපු එවැනි අවස්ථාවල ඇදලා පරිපත්යම නැවත සකසා ගන්න වෙයි


No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...