SMPS අලුත්වැඩියාව සදහා නිවැරදිම හා ආසන්න උපකරණ තෝරා ගැනීම

ඉලේක්රෝනික උපාංග වල දෝෂ සෙවීම ඉතා විනෝදාත්මක වැඩක්, නමුත් දෝෂ සහිත උපාංග වලට සමාන IC, ට්‍රාන්ස්සිටර හොයන එක නම් විනෝදාත්මක  නෑ ,සමහර වෙලාවට පිටකොටුවට ගියත් Parts හොයා ගන්න නැති වෙන්න පුළුවන් ,ඔබ SMPS අලුත්වැඩියා කරන්න හිතනවා නම් මුලින්ම පරන SMPS කිහිපයක්  එකතු කරලා තියගතා නම් හරි ,අඩුම ගැනේ ඒවයෙන් හරි උපාංග හොයාගන්න පුළුවන් වෙයි.
මෙම එක එක් උපකරණය වලට ඉතා සමාන උපාංග සොයා ගන්නේ කෙසේද යන්න සොයා බලමු ,හැබැයි මේ තියන දේවල් 100% ම සාර්ථක වෙයි කයන්න බෑ ,හේතුව මේවා ඉලෙක්රොනික උපාංගනේ
ඒ නිසා ON YOUR OWN RISK තමා මේ වැඩ කරන්න ඕනෑ...

·         ප්‍රධාන විලායකය

ප්‍රදාන විලායක ලෙස SMPS වලදී SLOW BLOW FUSE එකක බොහෝ විට යොදා ගනී ඒ කියන්නේ දැවී යන්න ගතවන කාලය මදක් වැඩි විලායකයක් ,ඒ වගේම SMPS ධාරාවෙන් දෙගුණයක් තුන්ගුණයක් වගේ ධාරාවකට මෙය ඔරොතු දෙනවා ,මේ වගේ විලායකයක් වෙනුවට කවදාවත් වයර් කැබැල්ලක් නම් යොදා ගන්න එපා ,ඒ වගේම වෙළද පොළේ තියන Farst Blow FUSE  එකක් යොදා ගන්නත් එපා , 3 A වගේ ලේසියෙන් හොයා ගන්න පුළුවන් විලායකයක් මේ සදහා යොදා ගන්න

 වෙරිස්ටර්

වෙරිස්ටර් හොයන එක නම් හරිම අමාරු වැඩක් ,පරිපථයට හරියන වෙරිස්ටරයක් හොයාගෙන කඩේට ගියාම සමහර වෙලාවට ධාරිත්‍රක ලබා දෙන වෙලාවලුත් තියනවා ,හැබැයි මේ උපකරණය ඉවත් කරලා SMPS  පන ගන්නන පුළුවන් ,හැබැයි SMPS එක Surge වලින් ආරක්ෂා වෙන්නේ නම් නෑ.

·         RFI පෙරහනය

මේ පරිපථයේ තියන ධාරිත්‍රක නම් අපිට ලේසියෙන් හොයා ගන්න පුළුවන් , නමුත් Coil එක තමා ගැටලුව Coil එක පිලිස්සිල තිබුනොත් එක පාස්සා ගන්න එක තමා හොදම වැඩේ ,නමුත් පාස්ස ගන්න බැරි තරමටම හානි වෙලා නම් කරන්න තියෙන්නේ ,අර මුලින් එකතු කරගතා පරණ SMPS  එකකින් මේ coil එක ගලවා ගන්න එක ,Coil ඔතන්නත් නම් පුළුවන් එක ගොඩාක් වෙලා යන වැඩක්  ඉක්මනින් වැඩේ කරගන්න ඕනා නම් මේ පරිපථය By Pass කරලා SMPS  ක්‍රියාකරගත හැකියි.

NTC
·   
       හැම SMPS එකකම මෙම උපකරණය දක්නට ලැබෙන්නේ නෑ ,මෙම උපකරන්යත් සොයාගත නොහැකි වුනොත්
       ඒවෙනුවට Jumper වයර් එකක් යොදා ගත හැකියි,නමුත් INRUSH CURRENT වලින් තවදුරටත් උපකරණය ආරක්ෂා වන්නේ නැත.

·     ඩයෝඩ සේතුව

සේතුවේ Part Number එකම සහිත ඩයෝඩ සේතුවක් සොයාගත නොහැකි වීමට පුළුවන් නමුත් පසුවෙන් 1 N 4007 හෝ 1 N 5408 යොදාගෙන ඩයෝඩ සේතුවක් නිර්මාණය කරගෙන ඒ වෙනුවට යොදා ගත හැකි,මේක කරන්න පුළුවන් වෙන්නේ කුඩා ප්‍රමාණයේ SMPS වලට තමා වැඩි ධාරාවක් ලබනන්නා උපකරණයක් නම් එම ධාරාවට අනුව ඩයෝඩ තෝරා ගන්නා එක තමා හොද.

·         පෙරහන් ධාරිත්‍රක

පෙරහන් ධාරිත්‍රක සෑම පරිපථයකම දක්නට ලැබෙයි,මේවා 68 MFD වල සිට 1000,2000 MFD අගයන්ගෙන් හා 350 v ,400 v වෝල්ටීයතා වලින් යුතු වේ,ධාරිත්‍රක ප්‍රතිස්ථාපනය කිරීමේදී සමාන MFD අගයක් තිබීම අත්‍යවශ්‍යය නොවේ නමුත් වෝල්ටීයතාවය නම් එම අගයම හෝ එයට වැඩි අගයක් විය යුතුමය එසේ නොමැති වුනොත් ධාරිත්රකය පුපුරා යාමටද ඉඩ ඇත .

·         ප්‍රතිරෝධක

ප්‍රතිරෝධක නම් හොයා ගන්න එච්චර අමාරු නෑ නේ ගොඩාක් කඩවල් වල තියනවා ,SMPS වලදී යොදා ගන්නා ප්‍රතිරෝධක  නම් සමාන අගයම යොදන එක තමා වඩා සුදුසු, උදාහරණයක් ලෙස CRT මොනිටරයක ඇති CURRENT SENCE  ප්‍රතිරෝධක .33 ohm වේ මෙය වෙනුවට .47 ohm ප්‍රතිරෝදකයක් යොදා ගතද CRT මොනිටරය ක්‍රියා කරන්නේ නැත .ප්‍රතිධාන වෝල්ටීයතාව හරි අඩකින් අඩු වෙයි.
            ඉතින් හොදම වැඩේ තමයි නිවැරදිම ප්‍රතිරෝධකය යොදා ගැනීම ,ඒ වගේම සමහර අවස්ථා වල ¼ w ප්‍රතිරෝධක වෙනුවට 1 w වගේ  ප්‍රතිරෝධකයක් නම් යොදා ගත හැකි , නමුත් ඊට වඩා වැඩි වොට් ගණනක එකක් යොදන්න එපා ,මොකද වැඩි වොට් ගණනක  ප්‍රතිරෝධක මිලෙන් වැඩි .

·         ධ්‍රැවීයනොවන ධාරිත්‍රක

මෙම ධාරිත්‍රක නම් නිවැරදිම අගය යොදන එක තමා හොදම විසදුම,ඒ මොකද මේවා යොදා ගන්නේ පෙරහන් පරිපත වල හරි දෝලක පරිපථ වල හරි නේ ඒවගේ ක්‍රියාකාරිත්වයට නිවැරදිම ධාරිතා අගය ඕනා වෙනවා
           ධාරිත්‍රක වර්ගය ගැනත් මෙහිදී සලකලා බලන්නම වෙනවා ,ඒ වර්ගයේම ධාරිත්‍රක හොයා ගන්න නැත්නම් කරන්න තියෙන්නේ සමාන අගය තියන සෙරමික්  ධාරිත්‍රකයක් යොදා ගන්න එක තමා සෙරමික් තමා 400 v වොල්ටියතාවයකට උනත් ගැලපෙන්නේ.

·         සෙනර් ඩයෝඩ

සෙනර් ඩයෝඩයේ වෝල්ටීයතාවය V හා වොට් W අගය යන දෙකම සැලකිල්ලටගත යුතුමයි ,සමාන වොලොටියතා සහිත මුත් අඩු වොට් අගයක සෙනරයක් ප්‍රතිස්ථාපනය නොකළ යුතුය ඒ වගේම අවශ්‍ය නම් වැඩි වොට් ගණනක සෙනරයක් යොදා ගත හැකිය උදා - 18 v ¼ w සෙනරය වෙනුවට 18 v 1 w සෙනරය යොදා ගත හැකිය ,නමුත් 18ව් 1W වෙනුවට 18ව් ¼ w යොදා ගත නොහැකිය.

ඒ වගේම හදිස්සි අවස්ථාවකදී මෙහෙම දෙයක් කරන්න පුළුවන් ඔබ ලග තියනවා නම් සෙනර් ඩයොඩ කිහිපයයක් ඒවා එකතු කරලා අපිට ඕනා සෙනර් වෝල්ටීයතාව ලබා ගන්න පුළුවන් උදා -5.1 v සෙනරය වෙනුවට ශේණි ගතව සම්බන්ද කල 2.4 v හා 2.7V සෙනර් යොදා ගත හැකිය.

·         ඩයෝඩ

ඩයෝඩ ප්‍රතිස්ථාපනයෙදී සමාන පෙර නැබුරු වෝල්ටීයතා සහිත, ඒ වගේම පසු නැබුරු වොටියතාවය සමාන හෝ වැඩි වන ලෙස ද ,සමාන ධාරාවන් ගලන ඕනෑම ඩයෝඩයක් යොදා ගත හැකිය.
            1 N  4004 වෙනුවට 1 N 4007 යොදා ගනී ,හැබැයි මේක දවිතිකයට බලපාන විදියක් තියනවා අධිසංක්‍යථ  වලට ඔරොත්තු දෙන ඩයෝඩ වෙනුවට සාමාන්‍ය ඩයොඩ යොදා ගත නොහැකි .SMPS වලදී මේ කාරණාව ඉතා විශේෂ වෙනවා ,මෙනිසා ATX නැතනොත් COMPUTER POWER SUPPLY වලදී නම් Shotkey ඩයෝඩ යොදා ගන්නවා ඒවා වෙනුවට එම ඩයෝඩයම යොදා ගත යුතුම වෙනවා.

·         ට්‍රාන්සිස්ටර

ට්‍රාන්සිස්ටර  වැඩේ නම් ගොඩාක් ලේසියි මොකද හැම ඉලෙක්රෝනික කඩේකම වගේ තියනව Data BOOKS මේවගෙන් අපේ තියන ට්‍රාන්ස්සිටරයට සමාන එකක් පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් ,එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් පහසුවෙන් සමාන ඒවා හොයා ගන්න පුළුවන්.

SCR ,IGBT ගැනත් මෙම පොත් වල Data තියන නිසා බය වෙන්නම දෙයක් නෑ.....




 FET වලටත් මේකම තමයි හොදම වැඩේ ,SMPS එකේ තියන ජාතියේම FET එකක් නම් හොයා ගන්න එක අමාරුයි ,එක ඕනෑම නම් E BAY එකෙන් තමා ගෙන්නා ගන්න වෙන්නේ....


·         Power ic

ඔන්න අමාරුවේ වැටෙන ඊලග වැඩේ power IC හොයා ගන්න බැරි උනොත් නම් SMPS එක හදනවා බොරු
නමුත් එම power IC එකේ ක්‍රියාකරිත්වයම තියන ඒ පින්ම තියන IC එකක් IC Data Book එකෙන් හොයා ගතහොත් එක නම් බය නැතුව දාන්න පුළුවන්
උදා - DP 104 C වෙනුවට DP704 c යොදා ගන්න පුළුවන් ,UC 3844 වෙනුවට UC 3842 යොදා ගන්න පුළුවන්
            ඒ වගේම ඔහොම යොදා ගන්න බැරි අසනම Part Number තියන IC ත් ඕනා තරම් තියනවා TDA 1504 හා TDA 1504 AP යන IC දෙක සලකමු AP අකුරු දෙක විතරයි වෙනස් වෙන්නේ නමුත් ක්‍රියාකාරිත්වය සම්පුර්නයේම වෙනස් නිසා 1 වෙනුවට 2 යොදා ගන්න කොහොමත් බෑ....





·         SMT ට්‍රාන්ස්ෆොර්මෙර්

මේකෙදි නම් කරන්න තියන එකම වැඩේ සමාන SMPS එකකින් ගලවලා දාන එක තමා ,කඩෙන් නම් ඕවා හොයන්න යන්න එපා ,බැරිම උනොත් ඕක ඔතන එකට වඩා ලබයි අලුතෙන් Smps එකකක් ගන්න එක ,SMT වලට හානි වෙනවා නම් බොහෝ අඩුයි .
මිට අමතරව තියන ඕනම ඉලෙක්ටොනික උපකරණයකට සමාන ක්‍රියාකාරිත්වයක් ඇති ,සමාන ධාරා ගලන ,සමාන වෝල්ටීයතා වලට ඔරොතු දෙන ඔනීම උපාංගයක් භාවිතා කල හැකිය .
 ඒවා නම් Opto IC ,Shunt IC , වෝල්ටීයතා යාමන IC වගේ දේවල්....



No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...