SMPS වල යොදා ගන්නා ඉලෙක්රොනික උපකරණ 04

116)      SMT සුවිචිකරන ට්‍රාන්ස්ෆෝමරය
       මෙය පරිපථ පුවරුවේ T හෝ TR ලෙස නම්කර තිබෙයි, මෙහි කාර්යය නම් අධිසංඛ්යාත  DC වෝල්ටීයතාවය එම සංඛ්යාතයෙම DC වෙනස් වෝල්ටීයතාවයක් බවට පත් කිරීමයි.
    මෙම ට්‍රාන්ස්ෆොර්ම ලුහු පරිපථ වූ විට ප්‍රදාන විලායකය දැවීයයි, සමහර විට ප්‍රාථමිකයේ ඇති වෙනත් උපකරණද Power IC වැනි දේද පිලිස්සී තිබිය හැකිය.
     මෙවැනි ට්‍රාන්ස්ෆොර්මරයක තරමක් වැඩි විෂ්කම්බයක තඹ කම්ම්බි යොදා ගන්නා නිසා සමාන්‍යයෙන් මල්ටිමිටරයකින් මෙහි ඇති ලුහු පරිපථ වීම හදුනා ගත නොහැකිය.
ඒ සදහා BULE RING ටෙස්ටෙර් නොහොත්  Coil Tester යොදාගත යුතු වේ,SMPS අලුත් වැඩියාවට නම් මෙම විශේෂ උපරණ බාවිතා කිරීම ඉතා සුදුසු වේ.


117)      දිවිතික දයෝඩ් ulatra FST RECOVERY DIODE

   මෙම ඩයෝඩ ද D වලින් අංකනය කර තිබෙයි, නමුත් ද්විතිකයේ යොදා ගන්නා ඩයෝඩ සියල්ලම Shottkey ඩයෝඩ ගණයට වැටෙයි එනම් ඒවා SMPS වල ඇති අධිසංඛ්යාත  වලට ඔරොතු දෙයි ද්විතිකයෙන් DC වෝල්ටීයතාවයක් ලබා දෙන්නේ මෙම ඩයෝඩ මගිනි.
    සමහර අවස්ථා වල අධික ධාරා ප්‍රතිධානය කරන SMPS වල මෙම ඩයෝඩ IC එකක් ලෙස දැකිය හැක එම IC යේ ඉහත වර්ගයේ ඩයෝඩ දෙකක් හෝ වැඩි ගණනක් අන්තර්ගතව ඇත.
මේවාද මල්ටිමිටර් ඩයෝඩ පරිෂාවෙන් පරිෂා කරත හැකිය.



118)      දිවිතික ධාරිත්‍රක 
ඉහත ප්‍රාථමිකයේ සකච්චා කළ අකාරයේම නමුත් වෝල්ටීයතාවය 16V සිට 50 v දක්කවා වන ධ්‍රැවීය ධාරිත්‍රක SMPS වල යොදා ගනී 







119)     ප්‍රේරක 

ප්‍රේරක L වලින් PCB පුවරුවේ අංකනය කර තිබෙයි,මේවා මගින් DC ධාරාවේ ඇති AC කොටස් කපා හරි පිරිසිදු DC ධාරාවක් ලබා ගැනීමට බාවිතා කරයි, මෙවැනි ප්‍රේරක දගර වල DRY පොඉන්ට් සැදීම නිසා බොහෝ විට SMPS ප්‍රතිදාන වෝල්ටීයතා නොලැබෙයි.


19

120)  OPTO ISOLATER IC

ම        මෙයද  IC ලෙස නම් කර තිබෙයි,මෙහි කාර්‍යය නම් ප්‍රතිධාන වොල්ටියතයේ අඩු වැඩි වීම Light Signal මගින් Power IC වලට දැනුම් දීමයි මෙම IC පිලිස්සුනොත්  SMPS ක්‍රියා නොකරයි,සමහර SMPS වලදී අඩු ප්‍රතිධාන වෝල්ටීයතාවයක් ලැබෙයි.




221) Shunt Regulator IC



SMPSවල OPTO IC යොදා ගන්නා සැම අවස්ථාවකම මෙම ට්‍රාන්සිස්ටරයක් වැනි IC උපකරණය දිවිතිකයේ දක්නට ලැබෙයි ,TL 491ලෙස මෙහි අංකනය කර තිබෙයි,මෙම ICය ඉතා විරල වන අතර OPTO බාවිතා වන SMPS වල පමණක්ම දක්කනට ලැබෙයි.
මෙම උපකරණය ලුහුපරිපත වුවහොත් SMPS ක්‍රියා නොකරයි.


22) Pre Set




PCB පුවරුවේ VR ලෙස නම් කර ඇති මෙයින් ප්‍රතිධාන වෝල්ටියතාවය පාලනය කර ගත හැකිය.බොහෝ විට මේවා Shunt IC ලගින් පිහිටුවා තිබෙයි,වෝල්ටීයතාව වෙනස් කර ගැනීමට අවශ්‍ය නොවන නවින SMPS වල මේ වෙනුවට ප්‍රතිරෝදකයක් යොදා ගනී,පෙර සැකසුම් ප්‍රතිරෝදක වල යාන්ත්‍රික කොටස් ගෙවී යාමෙන් ජව සැපයුම ක්‍රියා නොකරන අවස්ථා දක්නට ලැබෙයි 



123)      වෝල්ටීයතා යමක (VOLTAGE REGULATORS) 




මෙවාද PCB පුවරුවේ IC ලෙස අංකනය කර තිබෙයි.
මෙමගින් ප්‍රතිදාන වොටියතාවය යාමනයකරයි මෙම උපකරණයෙන් ලබා ගත හැකි වෝල්ටීයතාවය වඩා 2 v වත් වැඩි වෝල්ටීයතාවයක් මෙයට ප්‍රදානය කිරීමට වග බලා ගත යුතුය.
උදා - 7805 රේගියුලේටරයට 7 v වත් ලබා දුන් විට එයින් 5 v ලබා ගත හැකි වෙයි.

සටහන් 

නවීනම SMPS වලදී ඉහත උපකරණ වලම SMD උපාංග බොහෝ විට බාවිතා වෙයි ඒවගේ ක්‍රියාකාරිත්වයත් ඉහත උපකරණ වලින් වෙනස් නොවෙයි,
එම නිසා නවීන SMPS අලුත්වැඩියවේදී SMD Data BOOK බාවිතා කරන්න.
මොන යම් උපකරණ යොදා ගතටත් SMPS මුලධර්මය කිසි විටක වෙනස් කර නැත..............


No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...