SMPS වල යොදා ගන්නා ඉලෙක්රොනික උපකරණ 01

විවිද smps වර්ග වෙළදපලේ දක්නට ලැබුනත් මේ සෑම ජවසැපයුමක්ම සාදා ඇත්තේ එකම ඉලෙක්රෝනික උපකරණ වලිනි,මේවගේ නිෂ්පාදන තත්වය්යේ හා නිෂ්පාදන සමාගම වෙනස් වුනත් ක්‍රියාකාරිත්වය වෙනස් නොවේ ,සමහර අවස්ථා වලදී යොදා ගන්නා උපකරණ ප්‍රමණය වෙනස් විය හැකිය, නමුත් කිසිම විටක මුලික සිද්දාන්ත ඉක්ක්මවා යන ක්‍රියාවලියක් මෙම උපකරණ වලින් සිදු නොකරයි .

11)      FUSE විලායකය 

මෙම උපකරණ පරිපථ පුවරුවේ F  අකුරින් හදුනවා තිබෙයි.මෙහි ප්‍රදානම කාර්යය වන්නේ අධික ධාරා වලින් පරිපථය ආරක්ෂා කරගැනීමයි,අධික ධාරාවක් විලයකය තුලින් ගැලු  විට එය පිලිස්සී යයි, විලායකය තුලින් ගලා යා හැකි ධාරා ප්‍රමාණය විලායක සාධකය(FUSING FACTOR ) මගින් බලා ගනී,ඉලෙක්ට්‍රෝනික උපකරණ අධික ධාරා නිසා රත් වීම මෙමගින් පාලනය කරයි කුඩා ප්‍රමාණයේ SURGEයකදී විලායකය පිලිස්සී යා හැකිය එවිට නව විලායකයක් යොදා ගැනීමෙන් ගැටලුව සරලම විසදවා ගතහැකිය .
            සමහර අවස්ථා වල විදුරු විලායකය සම්පුර්ණයෙන් කළු පාට වී පිළිස්සී තිබිය හැකිය මෙවැනි අවස්ථා වල නව විලායකයක් යොදාගැනීමට පෙර පරිපථයේ ප්‍රධාන ගනයේ ලුහු පරිපථ වීමක් ඇත්දයි පරික්ෂා කල යුතුම වේ ,ඒ සදහා කුඩා කාලයක් ගත වුනත් උපකරණ වලට වන හානි අවම කර ගත හැකි වේ .මෙවැනි අවස්ථා වල විදුලි බුබුලක් හරහා ජවය ලබා දෙන ක්‍රමයක් ගැන ඉදිරියදී සාකච්චා කරනු ලැබේ .



12)      VARISTOR 

මෙය පරිපථ පුවරුවේ (Z ,RVහෝ ZNR) ලෙස නම් කර තිබෙයි, ලෝහ ඔක්සයිඩ වෙරියෙස්ටර් MOV විවිද වරණ වලින් දක්නට ලැබෙයි,බැලූ බැල්මට ධාරිත්‍රකයක හැඩය ගන්නා මෙය අකුණු ගැසීමක් වැනි ක්‍රියාවලියකදී  ඇතිවන ක්ෂණික වෝල්ටීයතා වැඩි වීම් සදහා ක්‍රියාකරයි මෙය ඩයෝඩ සේතුවට  කලින් හා AC Input වලට පසුව පරිපථයේ දී යොදා ගනී ,වෝල්ටීයතා වැඩි වීම වලදී විලායකය දැවී යාම පහසු කිරිමටත් මෙය යොදා ගත හැකිය.
මෙම උපකරණයකට හානි සිදු වී ඇත්නම් එය දුබුරු හෝ කළු පැහැයට පත්ව තිබිය හැකිය. එමෙන්ම අකුණුසැරකදී  නම් උපකරණය පුපුරා ගොස් තිබීමටද පුළුවන් ,මල්ටිමිටරයේ ඕම පරාසයේ  X10 k වලින් මෙය පරික්ෂා කරගැනී
1)  ohm අගයක් පෙන්වයි නම් උපකරණය ලුහු පරිපථ වී ඇත
2)  අනන්ත ohm ගණනක් පෙන්වයි නම් උපකරන්නය විසන්දි වී තිබෙයි
3)  අදික ohm ගණනක් පෙන්වයි නම් උපකරණය හොද තත්වයේ පවතී 



3)      EMI &RFI FILTERS



මෙම පරිපථය ධාරිත්‍රක කිහිපයකින් හා ප්‍රේරක දගර දෙකකින් සදා තිබෙයි (L ,C) PCB පුවරුවේදී යොදා ගනී ,SMPS ක්රියකරිත්වය් දී ඇති වන EMI නැතනොත් RFI ,අනවශ්‍ය විද්‍යුත් චුම්බක තරංග හෝ රේඩියෝ තරංග ප්‍රදාන සැපයුමෙන් කපා හැරීම මෙම පරිපථයේ කාර්යයි.
ඔබට මතක ඇති LED bulub මුලින්ම හදුනවා දුන් යුගයේ Led බල්බ ඇති විට ගෙදර TV බැලීමේදී දෝෂ ඇති උනා,එයට හේතුව LED  බල්බ සැදීමට ගන්නා කුඩා SMPS වල EMI  යොදා නොගැනීමයි.

මෙහි ඇති Coil හා ධාරිත්‍රක අකුණු ගැසිමකදී ඉතා ඉක්මනින් හානි විය හැකි උපකරණයි මේවා ද මල්ටිමිටරය මගින් පරීක්ෂා කරගත හැක .ධාරිත්‍රක පරික්ෂා කරීමට නම් ධාරිත්‍රක මීටරයක් වඩා සුදුසු වෙයි.



4)      N TC(ඍන උෂ්ණත්ව සංගුණක පර්තිරෝදකය)



මෙම උපකරණය පරිපථ පුවරුවේ TH ,NTC හෝ R වලින් දක්වා තිබෙයි ,SMPS ක්‍රියා කිරීම ආරම්බයේදී ඇති වන ක්ෂණික ධාරා වැඩි වීම වලින් පරිපථය ආරක්ෂා කරීමට මෙම උපකරණ යොදා ගනී.
Ohm X1 පරාසයේදී ඉතා කුඩා Ohm ගණනක් මෙය පෙන්වයි.

සෑම ජවසැපයුමකම මෙය යොදා නොගැනෙන අතර සමහරක් පරිපථ වලදී අඩු ohm ගණනක ප්‍රතිරෝදකයක්ද මේ සදහා යොදා ගනී,මෙය ද මල්ටිමිටර්ය මගින් පහසුවෙන් පරික්ෂා කරගත හැකිය.

5 )      සේතු ඍජු කාරකය 

මෙය ඩයෝඩ හතරකින් හෝ තනි සේතුවක් ලෙස පරිපථයේ දක්නට ලැබෙයි ,PCB පුවරුවේ D ,BR නම් වලින් අංකනය කර තිබෙයි.
ඩයෝඩ හතරකින් සමන්විත පරිපථයේ එක ඩයෝඩයක් පිලිසී ගිය විට සාමන්යෙන් අපි කරන්නේ එය මාරු කිරීමයි ,නමුත් මෙම ක්‍රියාව නිසා අනික් ඩයෝඩ තුනම හානි විය හැකිය ,(ඉලෙක්රෝකින උපකරණ වල නිෂ්පාදන දිනය අනුව එකම Part Number සහිත උපකරණයක් වුනත් ක්ෂයවීම නිසා දත්තයන් වෙනස් විය හැකිය) ,මේ නිසා සේතුවේදී හොදම විසදුම නම් දයෝද 4 ම Replace  කිරීමයි.

මෙහිදී සමාන ධාරා හා සමාන පසු නැබුරු වෝල්ටීයතා සහිත ඕනෑම ඩයෝඩයක් Replace  කිරීමට හැකිය,ඩයෝඩ සේතුවක එක ඩයෝඩයක් හානි වුනොත් එම සේතුවම වෙළදපලේ සොයාගත නොහැකි වනු ඇත,එවැනි අවස්ථාවකදී පරණ උපකරණයකින් සේතුවක් සොයා ගැනීම හෝ 1 N5408 වැනි ඩයෝඩ හතරක යොදා ගත හැකිය.
    විලායකය පිලිස්සී ඇති විටකදී මෙම ඩයොඩ සේතුව ලුහු පරිපත වී ඇත්දැයි පරික්ෂාව ඉතා වැදගත් වෙයි ,එසේ නොමැති නම් කොපමණ විලායක නැවත යොදා ගත්තත් ඒවාද පිලිස්සී යනු ඇත.
මල්ටිමිටරය මගින් ඩයෝඩ පරිෂාවෙන් මෙම උපකරණ වල තත්වය පහසුවෙන් පරීක්‍ෂා කරගත හැකිය. 

No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...