SMPS වල යොදා ගන්නා ඉලෙක්රොනික උපකරණ 03

11)      BJT (Bi Poler Junction Transistor)ද්වි ධ්‍රැව ට්‍රාන්සිස්ටර

මේවා පරිපථ පුවරුවේ Q අකුරින් අංකනය කර තිබෙයි ,පරණ SMPS මාදිලි වල නම් බොහෝ BJT  දක්නට ලැබෙයි,නමුත් නවීන SMPS වල BJTට වඩා  වැඩි දියුණු FET(Field Effect Transistor) වැනි ක්‍රම බාවිතා කරයි.
බොහෝ විට දෝලක පරිපථය RUN වෙන්නේ මෙම BJT  මගිනි ඒවා Open Circuit ,Short Circuit  විය හැකිය, එමෙන්ම මෙම උපකරණ වල Beta Hfe(ධාරා ලාබය) අගය ද මල්ටිමිටර ට්‍රාන්සිස්ටර් පරිෂාව මගින්කල යුතු වේ, දෝලක පරිපථයට සම්බන්ද ඩයෝඩයක් හානි වුනත් SMPS  ක්‍රියා නොකරයි.




12) IGBT (Insulated gate Bi Polar Transistor) ට්‍රාන්සිස්ටරය

මෙය බේස්තු අග්‍රය තුලින් ධාරාවක් නොගලන ට්‍රාන්ස්සිස්ටරයකි,මේවා ද  Q වලින් අංකයන කර තිබෙයි,මෙය FET හා BJT වල සම්මිශ්‍රණයකි, C හා E  අග්‍ර වල ක්‍රියාව BJT වල ක්රියාවලියටම සමානය, නමුත් Base  අග්‍රය වෙනුවට Gate  අගයක් යොදා ගනී. මෙම Gate අග්‍රය Fet Gate අග්‍රයක් ලෙසම ක්‍රියාකරයි ,මේවා ඉලෙක්ටෝනික් පාලක බලඋපකරණ වල අනිවාර්යයෙන්ම දක්නට ලබෙයි වෙල්ඩින් උපකරණ , Hybrid වාහන ,UPS යන සියල්ලගේම බල පරිපථයේ යොදා ගන්නේ IGBT උපකරණයි.
මේවාද මල්ටිමිටරයෙන් පරීක්‍ෂා කරන විට CE  අග්‍ර ලුහු පරිපථ නම් බාවිතයට සුදුසු නොවේ.




 13) FET (Field Effect Transistor) 

       
ක්ෂේත්‍ර අචරණ ට්‍රාන්සිස්ටරය ලෙස හදුන්වන මෙය Gate අග්‍රයේ වෝල්ටීයතාව වෙනස් කිරීම් වලින් ක්‍රියා කරයි .බොහෝ විට N – Chanel MOSFET ජව සැපයුම් වල යොදා ගනී.

ඉතා කුඩා Surge එකකින් වුවද මේවා ට හානි සිදු විය හැකිය,BJT මෙන්ම මේවගේ ද ලුහු පරිපථ වීම සිදු වේ
සමහර අවස්ථා වල මෙම FET පුපුරා යාමද සිදු වෙයි.
පහත රුපසටහන් දෙස බලන්න පැරණි SMPS වල FET යොදා ගත්තද නවීන SMPS වල Power IC තුලම අන්තර්ගත FET මේ සදහා යොදා ගනී.




14) Power IC බල සංගෘහිත පරිපථය


     ඕනෑම IC යක් PCB පුවරුවේ IC,I හෝ U වලින් අංකනය කර තිබෙයි. මෙමගින් SMPS ට්‍රාන්ස්ෆොර්මාරය
ක්‍රියාකරවීමට අවශය High Frequency තරංග ඇති කරයි,එම තරංග මගින් FET ON OFF කර ගනී,එමෙන්ම
සමහර Power IC වලට ප්‍රතිධානය ලුහු පරිපථ වුවහොත් සුයන්ක්‍රියවම ක්‍රියාවිරහිත වීමක්ද සිදු කල හැකිය.
සමහරක් Power IC වල Power FET ද අන්තර්ගතව තිබෙයි, CRT TV වල යොදා ගනන්නා STR IC ද මෙම
Power IC වලට කදිම උදාහරණයකි , එම IC ය මගින් SMPS ආරක්ෂක පරිපතයත් පාලනය කර ගත හැකිය.


15)   SCR සිලිකන් පාලක ඍජුකාරකය  



මෙම උපකරණද Q මගින් අංකනය කර තිබෙයි.
Smps වලදී FOR3G,MCR 100-6 යන අංක වලින් ඇති SCR බහුලව බාවිතා කරයි ,පරිගණක මොනිටර් වල ජවසැපයුමේ ප්‍රාථමිකයේ මෙවන් SCR යොදා ගනී.
සමහරක් SMPS වල අධි වෝල්ටීයතා ආරක්ෂණ උපක්‍රමයක් ලෙසද SCR යොදා ගනී,මෙම උපකරනයේත් ට්‍රාන්සිස්ටරයේ මෙන්ම අග්‍ර තුනක් තිබුනත් ඒවා නම් කර අතේ Anode Chathode හා Gtate යන නම් වලිනි A ,K හාG අකුරු පරිපථ පුවරුවේ මුද්‍රිතව ඇත්නම් එය SCR උපකරණයකි
මෙම උපරණ වල දත්ත සටහන් අන්තර්ජාලය මගින් පහසුවෙන් ලබා ගත හැකිය 


මෙම ලිපි පෙලට අදාළ උපකරණ පරික්ෂා කරන ආකාරය පහත සලරූ මගින් නරබන්න 










No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...