පොරොත්තු මාදිලි පරිපථය (Standby Circuit)

මෙම පරිපථය TV,DVD,මොනිටර්,UPS වැනි බොහෝ උපකරණ වල දක්නට ලැබෙයි. 

මෙම පරිපථය AC සැපයුම ලැබුන සැණින් ක්‍රියාකිරීමට පටන් ගනී ,මේ සදහා 5v වෝල්ටීයතාවයක් සැමවිටම පවත්වා ගත යුතු වේ ,එමගින් මයික්රෝකොන්ට්‍රොලෙර් IC (MCU) ක්‍රියාත්මක කරගැනී, මෙය ඉතා කුඩා පරිගනයකි ,එමගින් මුළු උපකරණයම පාලනය කරනු ලබයි, ප්‍රදාන ජවය නොලැබුනත් මෙම 5වV වෝල්ටීයතාවය ලැබීම ඉතා වැදගත් වේ ,EEPROM IC වෙතද මෙම 5V තිබිය යුතුය,එවිට තමයි දුරස්ථ පාලකයකින් උපකරණය on කරගන්න පුළුවන් වෙන්නේ .
පහත සටහන් අද්‍යනය කරන්න දුරස්ථ පාලකයක් මගින් උපකරණය ක්‍රියාකරව ගන්න අකාරය පැහැදිළි කර ගන්න 




දුරස්ථ පාලක Signal මගින් MCU වෙත ගමන් කරයි,එමගින් 5v වොල්ටියවයක් නිකුඋත් කර එමගින් Q 1 Transistor on කරයි .එමගින් relay පරිපථයක් ක්‍රියාකරව ගනී

සටහන -සමහර අවස්ථා වල මෙන Santby ජවයද කුඩා SMPS පරිපතයකින් සපයා තිබේ

මෙවැනි පරිපථ වල ප්‍රදාන SMPS වලට වඩා වැඩි ඉලෙක්ට්‍රොනික උපක්‍රම යොදාගෙන තිබෙන අතර සේවා කිරීමද පහසු වෙයි,අපහසුම කාර්යය නම් මෙම පරිපථය PCB පුවරුවෙන් වෙන් වෙන්කර  හදුනා ගැනීමයි ,ඒ සදහා පරිපථ සටහන් අද්‍යනය කිරීම සුසුසුම ක්‍රමයයි.
මෙම පරිපථය ක්‍රියා නොකරයි නම් ඔබට කිසිසේත්ම ප්‍රදාන ජව සපැයුම ක්‍රියාත්මක කර ගත නොහැක ,මෙහි වෝල්ටීයතාව 5වV වලට වඩා අඩු හෝ වැඩි නම් එය STANDBY ජව සැපයුමේ දෝෂයකි .
Standby ජව සැපයුමෙන් හොද වෝල්ටීයතාවක ලැබී තිබියදීද ප්‍රධාන ජවසපයුම ක්‍රියා නොකරයි නම් MCU IC ය පරික්ෂා කලයුතු වේ .MCU වලින් relay උපකරණය වෙත Signal ලැබෙයි ද,එම Signal මගින් ට්‍රාන්සිස්ටර ක්‍රියා කරයිද යන්නද පරිකෂා කල යුතු වේ ,මේ සියල්ලම හොද තත්වයේ පවතී නම් Standby පරිපථයේ දෝෂ නොමැති අතර බල පරිපථය පරික්ෂා කලයුතු වේ.

සමහරක් smps වල relay උපකරණ නොමැති අතර ඒ සදහාද බාවිතා කර ඇත්තේ Opto lsolater IC එකකි ,එවැනි පරිපත වල Opto IC දෙකක් පවතී.



No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...