අළුත්වැඩියාවේදී ඇති වූ ගැටළු කිහිපයක් ,අන්තර්ජාලය මගිනි

අන්තර්ජාලයෙන් ලබා ගත ගැටළු හා ඒවා නිරාකරණය කර ගත අකාරය ගැන සටහන් කිහිපයකි මෙය ,මෙමගින් ඔබට පුළුවන් ඔබටද මෙවැනි ගැටළු ඇති උනොත් ඒවාට පිළියම් යොදා ගන්නා ආකාරය ගැන අදහසක් ලබා ගන්න

1 NO power අවස්තාවක්

මේක සිදු වෙලා තියෙන්නේ මොනිටරයක ,ප්‍රතමිකයේ හා දිවිතිකයට අදාළ සියලු උපකරණ පරික්ෂා කලත් කිසිම දෝෂයක් හොයාගන්න බැරි උනා ,නමුත් විය නොවන ධාරිත්‍රක නම් පරික්ෂා කරලා තිබුනේ නෑ ,එතින් අපි පෙර සදහන් කරපු පර්තිරෝද පරික්ෂාව මෙම smps එකට සිදු කළා ,මේකෙන් පුළුවන් උනා short වෙලා තියන උපකරණය හදුනා ගන්න
මෙක තිබුනේ දිවිතිකයේ එක දිවිතික ප්‍රතිධානයක ground



 සම්බන්ද කලාම short එකක් පෙනුවා ,මේ ඔස්සේ පරික්සා කරගෙන යනකොට සෙරමික් ධාරිත්රකයක් short වෙලා තියනවා හදුනා ගතා මේ නිශා තමා ජව සැපයුම ක්‍රියා කරලා නත්හේ ,එම ධාරිත්රකය ප්‍රතිස්ථාපනය කලාම ගටලුව් විසදුනා
දැන් ඉතින් ජව සැපයුමක් ක්‍රියානොකරන හැම වෙලාවකම ඉහත ධාරිත්රකය හොයන්න දගලන්න එපා මම ඒ විස්තර කලේ එක අවස්තාවක් විතරයි
මේ වගේ දේවල් උනත් ජව සපුමක වෙන්න පුළුවන් කියන එක හොදට මතක තියාගන්න ඕනා ,අපි සාමාන්යෙන් කරන්නේ දියෝද ,ට්‍රාන්සිස්රට ,පරික්ෂා කරලා ic 1ක් මාරු කරන එකනේ ,නමුත් ඊට වඩා හොදයි නිවැරදිම දෝෂය හොයාගෙන ඊට පිළියම යෙදිඉම

2.      NO power හා power blink වීමක්

 මේ කාරණයත් CRT මොනිටරයක් සම්බන්දවයි ,මේකත් ඉහත සිදිදිය වගේමයි නමුත් power එක on වෙනවා off වෙනවා ,ඉතින් මේ වගේ වෙලාවක කරන්න තියන හොදම වැඩේ තමා b+ වෝල්ටීයතාවයට සම්බන්ද උපකරණ ඉවත් කරලා ජවය ලබා දීලා බලන එක ,මොකද power බ්බ්ලින්ක් වෙනවා කියන්නේ lord එකේ ලුහුපරිපත වීමක් තියෙන්න පුළුවන් කියන එකයි
මේ සිද්දියට අදාළ කටිසටහනකුත් පහතින් දක්වලා තියනවා b+ ඒවත් කරලා ඒ වෙනුවට 100w බල්බයක් සම්බන්ද කරලයි මෙහිදී අපි ජවය ලබා දුන්නේ ,දැන් ජව සැපයුම කිසි ගැටලුවකින් තොරව on උනා ඒ කියන්නේ b+ වලින් ධාරාව ලබා ගන්න උපකරණයක් තමා ලුහුපරිපත වෙලා තියෙන්න ,ඉදිරියට පරික්ෂා කලාම හොයාගන්න පුළුවන් උනා fly back ට්‍රාන්ස්ෆොර්මාරය තම short එකට අලුත් එකක් දන්මහම ගැටලුව විසදුනා

ඉහත පරික්ෂාව අපිට CRT tv එකකට උනත් යොදාගන්න පුළුවන් ,ඉතින් tv අලුත්වදියාකරන අයටනම් මේක අලුත් දෙයක් නෙමෙයි ,නමුත් කොචර ඇති දක්ෂ කාර්මිකයකු උනත් ,CRT tv වේවා මොනිටර් වේවා ඕනෑම ජව සැපයුමක් පරික්ෂා කරන්න යනකොට ඊට අදාළ වන පරිපථ සටහන හොයාගන්න උත්සහ කරන්න ,මොකද ඔබට අලුත් දෙයක් ඉගනගන්න පුළුවන් වෙයි ,
මෙම ඕනෑම පරිපථයක් ගැන හොද දැනුමක් තිබුනොත් ඔබට ඔබේ වැඩ ඉක්මනින් හා පිළිවෙලට කරගන්න පුළුවන් වෙයි



3.      NO power අවස්තාවක්


ජවසපයුමේ සියලු ආරක්ෂක උපක්ක්රම පරික්ෂා කලත් කිසිදු දෝෂයක් හොයාගන්න බැරි උනා නුත් ,ජවය ලබා දීලා වෝල්ටීයතා පරික්ෂා කරනකොට power ic වෙත කිසිදු ව්ක්ක වෝල්ටීයතාවයක් නොලැබෙන බවත් දැනගන්න පුළුවන් උනා
එයත ධාරාව ලැබෙන මාර්ගය දිගේ පරික්ෂා කරගෙන යනකොට තමයි හොයාගන්න පුළුවන් උනේ strat up 
 ප්‍රතිරෝදකය .විවුර්ත පරිපත වෙලා කියලා .එක 160 k ප්‍රතිරෝදකයක් ,එය ප්‍රතිස්ථාපනය කලාම ගැටලුව විසදුනා
ඉතින් මෙම පර්තිරෝදකයේ ඇති වන dry joint නිසාත් මෙවන් ගැටළු ඇති වෙන්න පුළුවන්
සමහර විට short උන ic නිසාත් මෙවන් ගැටළු ඇති වෙන්න පුළුවන් ,ic එක short වෙලා නම් එකත් ඇදුරා ගන්න පුළුවන් ,ටික වෙලාවක් power on කරලා තිබ්බාහම ic එක හොදටම රත් වෙනවා නම් power එන්නෙත් නැත්නම් බොහෝ විට ලුහුපරිප්ත වීමක් වෙන්න පුළුවනි

4.      lcd මොනිටරයක ඇති වූ නො power අවස්තාවක්

මේ මොනිටරයේ ප්‍රධාන විලායකය පිලිස්සිලා තිබුනේ ,ඒ කියන්නේ smps පරිපථයේ කුමක් හෝ ගැටළුවක් තියෙන්න පුළුවන් කියන එකයි ,මෙවැනි ජව සැපයුමක් මිට කලින් අලුත්වැඩියා කරලා තිබුනේ නැති නිසා 15 මින් විතර ගතකරලා ප්‍රථමික ,දිවිතික උපකරණ සියල්ලම මම පරික්ෂා කළා
එක සෙනර් දයෝදයක් විතරක් පිලිස්සිලා තිබුනේ අනික් ඔක්කොම උපකරණ මල්ටිමිටරයට නම් හොදයි කියල තමා පෙනුවේ .ඒ වගේම මේ සෙනර් දයෝදයෙන් ධාරාව අරන් තිබුනේ power ic එක ඒ නිසා උපකරණ දෙකම මම රෙපලචේ කළා
මම කෙලින්ම ජවය ලබා දුන්නේ නෑ 100 w බල්බයක් හරහා තමා ලබා දුන්නේ කිසිගලටුවකින් තොරව ප්‍රතිධාරනයක් ලබා ගන්න පුළුවන් උන නිසා fuse එකක් දමා led මොනිටරය අලුත්වැඩියා කළා

මම කියන්නේ ඔබට වැඩිය හුරු නැති වර්ගයේ smps එකක් ලැබුනොත් වැඩේ අතාරින්න එපා සියලු උපකරණ පරික්ෂා කරන්න ඕක ඉගන ගත්තා කියල වැඩි වෙන්නේ නෑ , ඒ වගේම පොඩි note පොතකක එම අලුත් ජව සැපයුම ,උපකරණය ගැන සටහනකුත් තබන්න අමතක කරන්න එපා,ඔබ අන්තර්ජාලය බාවිතා කරනවා නම් එම අලුත් දේ ගැන එහි උනත් note එකක් දමන්න පුළුවන්නේ දැන්

ඔය power ic වගේම තමා opto ic එකෙත් ලුහුපරිපත වීම වෙනවා ,ගොඩාක් වෙලාවට c.,E අග්‍ර තමා මේකට ගොදුරු වෙන්නේ ,මෙම උපකරණයම උනත් කොසිදු අමාරුවකින් තොරව පරික්ෂා කරගන්න පුළුවනි , led එකට power 1ක් දුන්නම 3 v  ,C ,E අතර ධාරාව ගලා යන්න ඕනා එකටත් led එකක් යොදාගෙන පරික්ෂා කරගන්න පුළුවන් , ඒ වගේම C ,E කිසිම විටක ලුහු පරිපත වෙන්න පුළුවන් කමක් නෑ ,එක මල්ටි මීටරයේ x 10 පරාසයේ පරික්ෂා කර ගන්න පුළුවනි 

5.      අඩු ප්‍රතිධාන වෝල්ටීයතාවය

ප්‍රතිධාන වොල්ටියතආවය තිබිය යුතු අගයට වඩා අඩකටත් වඩා අඩුවෙන් තමා මෙහිදී දකින්න ලැබුනේ ,මා දිවිතිකයේ දෝෂයක් කියලා හිතලා දිවිතිකයේ සියලු උපකරණ පරික්ෂා කලත් දෝෂය නම් හොයාගන්න බැරි උනා
ප්‍රතමිකයේ උපකරණ සියල්ලමත් පරෝක්ෂා කළා නමුත් තාම දෝෂය එලෙසමයි ,දැන් කරන්න තියෙන්නේ දිවිතික දයෝද එක පසකින් පන්නලා වෝල්ටීයතාවය ලැබෙනවද කියලා බලන එකයි

එකත් කළා වෝල්ටීයතාවය ලැබෙනවා ඒ කියන්නේ දෝෂය තියෙන්නේ දිවිතික දයෝද වලින් පසුව ,
ඉහත තියන පරිපත්ය තමා එතන තිබුනේ මේකේ නම් කරලා තියන ට්‍රාන්සිස්ටර C හා E අතර ලුහු පරිපත වෙලා නිසා තමා අඩු වෝල්ටීයතාවයක් පෙන්වන්නේ ,ඒ ටික replace කලාම ගැටලුව විසදුනා
මෙම ට්‍රාන්සිස්ටර යොදාගෙන තිබුනේ regulater විදියට ,අපිට පුළුවන ට්‍රාන්සිටර යොදාගෙන රේගුලටෝර්යක ගලායා හැකි ධාරාව වැඩි කරගන්න 


සංක්රින දිවිතික පරිපථයක තියන කුඩා උපකරණ උනත් smps වල විශාල දෝෂ ඇති කරනවා
Ø  දිවිතිකයේ පෙරහන් පරිපථයේ ධාරිත්‍රක මගින් තමා වැඩිපුරම ගැටළු අතින් වෙන්නේ
Ø  smt ප්‍රතමිකයේ දගරය ලුහු පරිපත උනාමත් දෝෂ ඇති වෙනවාමේ වගේ අවස්තාවක ප්‍රධාන විලායකය උවත් පිලිස්සී ගිය හැකි
Ø  power ic වෙත V cc ලබා දෙන පරිපථයේ නරක ධාරිත්‍රක ධාරිත්රකයක් නිසාත් මෙවැන්නක් සිදු විය හැකි
Ø  පතමිකයේ ධාරිහ්රකයේ ESR අගය වැඩිවීම නිසාත් මෙවන්න ක් සිදු විය හැකයි
Ø  opto ic හෝ tl 431 ic වල ලුහු පරිපත වීම ද අඩු වෝල්ටීයතා වලට බලපානවා
Ø  සමහරක් වෙලාවට නොදන්නා කෙනෙක් මේක අලුත්වැඩියා කරලා ප්‍රතිරෝදක වගේ දේවල් නිවැරදි අගයම යොදා නොගත් නිසාත් මෙවැන්නක් වීමට ඉඩකඩ තිබෙනවා

6.      තවත් නො power අවස්තාවක්

මේ අවස්ථාවේ සියලු පරික්ෂා කලත් smps එක බාරයෙන් ඉවත් කරලත් on කරගන්න බෑ ,එකට හේතුව හොයල බලනකොට MCU එකට ජවය ලබා දෙන 5 v වෝල්ටීයතාවය ලැබෙන්නේ නෑ
මෙම 5 v වෝල්ටීයතාවය නැතුව ජව සැපයුමේ හා උපකරණයේ තියන කිසිම ic එකක් ක්‍රියා කරන්නේ නෑ ,CRT tv හදන කෙනෙක් නම් මේක හොදට දන්නවා
ඉතින් මේකට හේතුව බලනකොට 7805 regulater ic ය open වෙලා , මේක short උනා නම් සමහර විට ජුපකරණයේ තිය්ටන සියලු ic පිලිස්සෙනත් ඉඩ තියනවා, නමුත් ආරක්ෂක පරිපථයක් තියනවා නම් ජව සැපයුම සුයන්ක්රියවම off වෙනවා
මේක open වෙලා තිබුනෙත් pcb එකේ 

ට්‍රච්ක් එකක් නිසා කරන්න තිබිනේ ඒ කොටසට jumper එකක් සම්බන්ද කරලා ,ජවසපයුම on කරගන්න එක
කිසිම දෝෂයක් උපකරණ වල හොයා ගන්න බැරි නම් කරුණාකරලා
තව ටික වෙලාවක් අරගෙන pcb එකත් පරික්ෂා කරලා බලන්න
pcb එකේ දෝෂ නිසාත් බොහෝ smps ක්‍රියා නොකර තියනවා

 7.      No power

මේ අවස්ථාවේ විලායකය දැවී ගිහින් තිබුනේ ,එත් එක පාරටම විලායකය ප්‍රතිස්ථාපනය කරන එක හොද වැඩක් නමයි ,එතින් ප්‍රතමිකයේ short වෙන්න පුළුවන් කියල සක කරන උපකරණ සියල්ලම මම පරික්ෂා කළා ,නමුත් කිසිදු ගැටළුවක් තිබුනේ නෑ ,smt ට්‍රාන්ස්ෆොර්මාරය fly back ටෙස්ට්‍රයෙන් පරික්ෂා කළා ,එහි කිසිම බල්බයක් දලුනේ නෑ ඒ කියන්නේ smt එක short වෙලා ,කෝකටත් කියලා smt එක ගලවලාම බැලුවා ,එය වෙනුවට ඊට සමනා වෙනත් ජව සැපයුම smt එකක යොදාගෙන ජව සැපයුම ක්‍රියා කරවා ගතා
හැම වෙලේම මතක තියා ගන්න fuse එකක කෙලින්ම ප්‍රතිස්ථාපනය කරන්න නම් එපා ,මොකද fuse එක යන්න හේතුවක් තියනවා එම හේතුව හොයන්නේ නැතිව විලායකය දැන්මා කියලා සිසිම වැඩක් වෙන්නේ නෑ


පහත මම දක්වලා තියනවා ප්‍රධාන විලායකය පිළිස්සෙන පුළුවන් හේතු කිහිපයක් ඒවා පරික්ෂා කරලා බලන්න

                    I.            දයෝද සේතුවේ ලුහුපරිපත වීම - එක දයෝදයක් පිලිස්සුනත් මෙහෙම වෙන්න පුළුවන්
                  II.            posistor යේ ලුහු පරිපත වීම - crt tv අලුත්වැඩියා කරනඅය නම් මේක දන්නවා colour patch ඉවත් කරන්න මෙම උපකරණය බාවිතා කරනවා නේ ,කුඩා කලුපාට පෙට්ටියක් වගේ උපකරණයක් මේක ,මේක මල්ටිමිටරයෙන් පරික්ෂා කරගන්න පුළුවන්
                III.            විශාල පෙරහන් ධාරිත්රකයේ බිදවැටීම - මෙම උපකරණයේ ESR අගය වැඩි උනොත් fuse එක දැවී යන්න පුළුවන් ,මේක esr මිටරයෙන් හෝ ධාරිත්‍රක මානයෙන් තමා පරික්ෂා කරගන්න වෙන්නේ
                IV.            power fet – fet short උන සැනකින් fuse එක දැවී යනවා
                  V.            power ic
                VI.            smt ට්‍රාන්ස්ෆොමරයේ ප්‍රථමික දගරය දැවී යාම’
දිවිතික දයෝද ලුහු පරිපත වීම

 8.      no power

මෙහිදීත් ඉතා කුඩා වෝල්ටීයතාවයක් ලැබුන ,නමුත් power led එක නම් පත්තු උනේ නෑ ,මේක opto ic එකක් තිබුන ජව සැපයුමක් ,opto එකේ led අනොදයට ස්නාන්නාවක් ලැබුනේ standby ic එක මගින් ,සමහර ඒවගේ දී මේක ලැබෙන්නේ MCU එකෙන් නේ ,ඒ කියන්නේ මෙහිදී standby ic එකට මුලින්ම 5ව් ලැබෙන්නේ ඕනා නැත්නම් smps වැඩ කරන්නේ නෑ

මම එම වෝල්ටීයතාවය පරික්ෂා කලාම 0 v පෙනුවේ ,ඒ ගැන තව දුරටත් පරික්ෂා කරනකොට දන ගන්න ලැබුනා r 712 6.8 K ප්‍රතිරෝදකය විවුර්ත පරිපත වී ති බව එක පත්ස්තාපනය කලාම ජව සැපයුම ක්‍රියා කළා

අලුත් smps වලදී නම් මෙම standby ic එක MCU එකේම තබා ගන්නා අවස්ථාත් තියනවා 

 ඒ වගේම තමා opto ic නැති ජව සපයුමකදී නම් ,වෝල්ටීයතාවය නොලැබීම ගැන දිවිතිකය පරික්ෂා කරලා තේරුමක් නැති බවත ඔබට තේරෙන්න ඕනා

9.      smps on වී off වීම

මෙහිදී power led එක පතතු වී නැවත off වෙනවා බලාගන්න පුලුවන්න් ,දිවිතිකයේ හෝ බාරයේ උපකරණයක ලුහු පරිපත වීමක් නිසා තමා මෙහෙම වෙන්නේ , මීක crt මොනිටරයක් b+ coil එක ගලවලා එතනට බල්බයක් සම්බන්ද කරලා බැලුවා බල්බය දැල්වෙනවා ඒ කියන්නේ භාර උපකරණයක තමා ලුහු පරිපථ වීම තියෙන්නේ
fly back ට්‍රාන්ස්ෆෝමරයයේ තමා ලුහු පරිපත වීම තිබුනේ එක ඇතුලේ තියන ධාරිත්රකය ලුහු පරිපත වෙලා අලුත් fly බක් එකක් දන්මාහම වැඩේ හරි ගියා 

මේ වගේ අවස්ථා පහත හේතු නිසාත් වෙන්න පුළුවනි
                                   I.            යෝක් දගරයේ ලුහු පරිපථ වීම

 මේකත් blue ring පරීක්ෂකයා මගින් පහසුවෙන් පරික්ෂා කර ගත හැකි


                                   I.            තිරස් පරිලෝකන ට්‍රාන්සිස්ටරයේ ලුහුපරිපත වීම

                                    III.            B + FET හෝ B+ දගරය ලුහු පරිපථ වීම 

                                   IV.            feed back පරිපථයේ දෝෂ - කලින් අපි සකචා කර ඇත 

10.       අධි ප්‍රතිධාන වෝල්ටීයතාවය

මෙහිදී වෙන්නේ ආදී වෝල්ටීයතාවය නිසා උපකරණය ක්‍රියාවිරහිත වීම ,මෙවන් අවස්තාවක වෙන් කිරීමේ ක්‍රමය යොදා ගංඉඅ තමා සුදුසුම මේ මොනිටරයේ b + 120 v 150 v අතර තිබිය යුතු වෙනවා නමුත මෙහිදී 190 v පමණ වෝල්ටීයතාවයක් පෙන්නුවා
මේකට හේතුව හොයනකොට තම දැනගන්න ලැබුනේ ප්‍රතිප්ෂණ පරිපථය ක්‍රියා කරන්නේ නැති බව ,එකට හේතුව opto ic එකේ දෝෂයක් එම උපකරණය ප්‍රතිස්ථාපනය කලාම ගැටලුව විසදුනා
මෙම වෝල්ටීයතාවය වැඩි උනාම h -ඔඋට් පරිපථයේ x රය ප්රොතෙක්තිඔන් ආරක්ෂක පරිපතයත් ක්‍රියා කරනවා

11.       power blink අවස්තාව

මේ වගේ අවස්තාවක කරන්න තියන හොදම වැඩේ තමා පෙර අපි විසතර කරපු isolation ක්‍රමය අනුගමනය කරන එක ,මේ අවස්ථාවේදී lord එක අයින් කරලා power on කලත් blink වෙන එක නැවතුනේ නෑ .ඉතින් දිවිතික උපකරණ පරික්ෂා කරනකොට feed back පරිපත්යට අදාළ පරතිරෝධයක ගැටළුවක් හමු උනා එක පරතිස්තාපනය කලාම ගැටලුව විසදුනා
සටහන - මේ අවගේ ගැටළු වෙනත් ගැටළුවක් නිරාකරණ කලාමත් ඇති වෙනවා ,power ic මාරු කලත් power blink වෙන අවතා දකින්න ලැබෙනවා
මේ වගේ වෙලාවට RLC උපක්‍රම පරික්ෂා කරන්න අනිවාර්යෙන්ම ඒවගේ දෝෂ නිසි එහෙම වෙන්න පුළුවන්
අගය වෙනස් උන ධාරා සංවේදක ප්‍රතිරෝද නිසා මෙවන් අවස්ථා ඇති වෙන්න පුළුවනි ,
එතකොට ic මාරු කළා කියල හරි යන්නේ නෑ අදාළ උපකරමයම මාරු කරන්න වෙනවා


සමහර වෙලාවට අපි ic එහෙම තොර ගන්නකොට අසන්න part number එකක් උනත් යොදා ගන්නවා digital වලදී මේක හැම තැනටම හරියන්නේ නෑ ,පුළුවන් තරම නිවැරදිම උපකරණව යොදා ගන්න කටයුතු කරන්න වෙනවා
          මේ ic දෙක බලන්න මේ දෙකේම ක්‍රියාවලින් එකයි
නමුත් එකක් වෙනුවට අනික යොදා ගතහොත් bink වෙනවා ,මේකට හේතුව තමා ක්‍රියාවලින් එක උනාට ඒවගේ අබ්යන්තර ප්‍රතිරෝද වෙනස් වීම
ඒ නිස්a සමාන part යෝදාගන්නකොට මේවා පිළිබද සැලකිලිමත් වෙන්නම වෙනවා
සමහර දයෝද තියනවා අදික ධාරාවක් යනකොට බිද වැටෙනවා එම ධාරාව අඩු උනාම සාමාන්‍ය ලෙස ක්‍රියා කරනවා මේ වගේ හේතු නිසාත් power blink වෙන්න පුළුවනි
බොහෝ වෙලාවට මේක වෙන්නේ run dc පරිපථයේ තියන දයෝදට,power blink වෙනවා නම් එක relape කරලා බලන්න අනික් සියලු දේවල් වල ගැටළුවක් නැත්නම්
අනික ගොඩාක් වෙලාවට power blink වෙන්නේ feed back පරිපථයේ තියන ගැටළු නිසි
90 % ම ෆෙද්ඩ් back පරිපත ගැටළු නිවැරදි කලාම දෝෂය නිරාකරනවා වෙනවා




සමහර අවස්ථා වල එක උපකරණයකට වඩා වැඩි උපකරණ ස්න්ක්යාවක් පිලිස්සී ගිහින් තියෙන්නේ පුළුවන් ,මේක tv එකේ වෙනවා h-ඔඋට් ට්‍රාන්සිස්ටරය short උනාම ඊට අදාළ වන අනෙක් උපකරණත් අදික ධාරාව නිසා පිලිස්සී යන්න පුළුවනි ,ඒ වගේ අවස්ථා ගැනත් සැලකිලි මත් උනොත් අලුත්වැඩියා කිරීම ලේසි වෙයි


ඉතින් හොද අලුත්වැඩියා කරුවෙක් උනාම මෙම පොදු දෝෂ ඉතා ඉක්ක්මනෛන් හදුනා ගන්න පුළුවන් වෙන්න ඕනා , ඒවා ගැන සටහන් තබා ගන්න එතකොට නැවත එවන් උපකරණයක් අවාම ලේසියෙන් අලුත්වැඩියා කරගන්න පුළුවන් වෙයි
මේක එක පරම කරන්න පුළුවන් දෙයක් නමයි කාලයක් තිස්සේ බාවිතා කරන්න ඕනා ,මෙම කරුණු පාඩම් කලාට වැඩක් වෙන්නේ නෑ ප්‍රයෝගොකව භාවිතා කළා ම තමා ඒවා මතක තියා ගන්න පුළුවන්
            ලංකාවේ කිදෙනෙක්ද ESR අගය පරික්ෂා කරන්නේ ,coil පරික්ෂා කරන්නේ .led .lcd tv වල උනාත් ඇති වන දෝෂ වලින් 90 % ම ඇති වෙන්නේ smps ජව සැපයුම නිසයි ,මේ smps අලුත්වැඩියාව පිලිබද්ද දැනුවත් නම් ගොඩාක් උපකරණ හදන්න පුළුවන් ,එතනින් එහාට යන්න නම් chip level දෝෂ හොයන එක ගැන අවබෝධය ඉතා වැදගත් ,ඒ වගේම ossilosecope එකක් වත් ඕනා වෙනවා නිවැරදි digital සන්නව ලැබෙනවද බලන්න
            ඒ නිසා ලංකාවේ ගොඩාක් දෙනා mother board අලුත්වැඩියා කරනවා අඩුයි ,හැබැයි smps නම් අලුත්වැඩියා නොකර ඉන්න එක අපරාධට්‍යක් .ඉහත කරුට්නු භාවිතා කරන හොද තක්ක්ෂණික ශිල්පියෙක් බිහි කරන එක තමා මගේ අරමුණ
            එකට අන්තර්ජාලයෙන් ලබා ගතා මේ තොරතුරු උපයෝගී කරගැනී කියලා මම බලාපොරොතු වෙනවා

 

No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...