SMPS එකක විශාල උපකරණ ප්‍රමාණයකට හානි වී තිබුනොත් ගත යුතු ක්‍රියාමාර්ග

අකුණු සැර වදිමකදී smps උපකරණ වල පහත රුප සටහන් වල දැක්වෙන ආකාරයේ හානි සිදුවී තිබිය හැකිය
ඒ උපකරණ වල සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ හදුනා ගත නොහැකි ආකාරයටම පිලිස්සිලා තියෙන්න පුළුවනි
මේ වගේ වෙලාවක මුලින්ම කරන්න ඕනා අපේ පරිබෝගිකයාව දැනුවත් කරන එක උපකරණයට ඇත වෙලා තියන ඉරණමම ගැන .ඔහු කැමති නම් මෙම smps එක හදන්න යන වියදම දරන්න ඔබ හදන්න පටන්ගන්න ඒ වගේම පරිබෝගිකයා දනුඅත් කරන්න වෙලා තියන හානියේ තරමට මෙම උපකරණය වැඩ කරන්න තියන සම්භාවිතාවය අඩුයි කියන එකත්
දෙයක් තේරුම් ගන්න පුළුවන් පාරිබෝගිකයෙක් නම් කරන්නේ ඕක වෙනුවට ඒ සමාන වෙනත් smps එකක් යොදා ගන්න බැරිද අහන එක
එක ගොඩාක් හොද අදහසක් නමුත් මෙවන් විදියට ජව සැපයුම පිලිස්සිලා තියනවා නම් බොහෝ විට උපකරණයත් විශාල ලෙස හානි වෙලා තියෙන්න පුළුවනි එවන් අවස්තාව ගැනත් පරිබෝගිකයා සුහදව දැනුවත් කරන එක තමා වැදගත් වෙන්නේ


අපේ ක්ෂේතයේ රැදී ඉන්න නම් පරිබෝගිකයා අපි කෙරෙහි තියන විශ්වාසය ඉතා වටිනවා ,මොකද එයාලගෙන් තමා අපි හම්බකරගන්නෙ හැම වෙලේම මේ දේ හිතේ තියාගෙන වැඩ කටයුතු කරන
මේ වගේ එකකක් හදන්නම කියල කෙනෙක් බල කලොත් කරන්න තියෙන්න එයාව දැනුවත් කරන්න මේකට වැඩි කාලයක් ගත වෙනවා වැඩි මුදලක් ඕනා වෙනවා කියලා ඒ වගේම හාන්න යනකොට වෙන පාඩුත් ඔහුට දරාගන්න පුළුවන් නම් පමණක් වැඩේ බාරගන්න වගබලා ගන්න
හොදට අදුරන කෙනෙක් නම් මෙම ජව සැපයුම වෙනුවට අපි ලග තියන tempary ජව සැපයුමක් උනත් දෙන්න පුළුවන් නැවත ලබා ගන්න බලාගෙන
නමුත් කවදාවත් කියන්න එපා 100 % නිවැරදිව මේක හදල දෙන්න පුළුවන් කියලා , මොකද ඉලෙක්රොනික උපකරණ කාලයත් සමග ක්ෂය වෙලා යනවා ඒ වගේ දේවල් හදන එක කිසිම තේරුමක් නැති වැඩක් වෙන්නත් පුළුවනි

නමුත් ඔබටත් අසා නම් මේ පිලිබදව ඉගන ගන්න පරිබෝගිකයා සමග එකග තාවයකට ඇවිත් හදන එක තමා හොදම විසදුම 
1.       සංසන්දනය

අපි ලග තියනවා නම් ඒ හා සමාන උපකරණයක් අපිට පුළුවන් සන්සන්දයනය කරන්න ,lcd led මොනිටෝර් හදනවා නම් මේ ස්නාසන්දනය කරන ක්‍රමය ඉතා සාර්ථක වෙනවා

2.       බලය ලත් සේවා ස්ථානායක සහය පැතීම

ගොඩාක් උපකරණ තියනවා අපිට parts හොයා ගන්න බෑ බලය ලත් සේවා ස්ථාන වල විතරයි තියෙන්නේ ,ඒ වගේ අදුරන තැනක් තියනවා නම් සහය පතන්න එකේ වැරද්දක් නෑ නමුත් ඔබට පාඩුවක් වෙන විදියට නම් සේවා ලබා ගන්න එකේ තේරුමක් නෑ

3.       අන්තර්ජාල
ඉතා සාර්ථකම ක්‍රමයක් තමා අන්තර්ජාලය , අලුත්වැඩියා ක්ෂේතයේ ඉන්න මිතුරන් අන්තර්ජාලයෙන් ඇති කරගන්න ,ෆෝරම් වලට එකතු වෙන්න , facebook page,Group පවා තියනවා ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත්වැඩියාව ගැන තියන ඒවාට එකතු වෙන්න ,ඔබට තියන ගැටළු වලට සාමාන ගැටළු තියන අය ඒවගේ එන්න පුළුවන් ,ඔය ගැටලුව විසදපු අයත් ඉන්න පුළුවන් ඒ අයගෙන් සහය පතන්න
ඒ වගේ අන්තර්ජාලයෙන් සේවා මැනුවල , පරිපට්ත සටහන් ,pcb සටහන් පවා ලබා ගන්න පුළුවන්
මේවට මුදල් අය කරන වෙබ් අඩවිත් ඕනා තරම් තියනවා ඒ වගේම තියනවා මේ දැනුම නොමිලේ ලබා දෙන වෙබ් අඩවි ඒවගේ සහය ලබා ගන්න
තව තැනක් තියනවා ලංකාවේ කිසිම තැනක මිලදීගන්න බැරි ic පවා eby වගේ වෙබ් අඩවි වලින් ගෙන්න ගන්න පුළුවනි ඒවා පිලිබදව දස්නුවත් වෙන්න ,ඔබට ප්‍රයෝගිකව අන්තර්ජාල දැනුමක් නැත්නම් ඒ දැනුම තියන කෙනෙක් ගේ සහය පතන්න උනත් පුළුවන් නේ

4.       ක්ෂේත්‍රය අදාළ මිතුරන් ආසුරු කිරීම
අහල පහල සේවා ස්ථාන පවත්වාගෙන යන අය සමග සුහදකම් පවත්වා ගන්න ඔබට බැරි වැඩ ඔහුට පුළුවන් වෙන්නත් ,ඔහුට බැරි වැඩ ඔබට පුළුවන් වෙන්නත් පුළුවනි ,ඒ වගේ වෙලාවක සුහදව කටයුතු කළා නම් කොචර ලේසියෙන් වැඩ කරගන්න පුලුවන්ද
ඒ වගේම තමා උපකරණ විකුණන වෙළදසැල් සමගත් හොද මිතුරු කමක් පවත්වාගන්න එතකොට අලුත් උපකරණ අලුත් දැනුම ඔඋනට ලැබුනොත් ඔබට නොමිලේම ඒවා ලබා දෙයි ,මොකද වෙලදසලට ඕනා තමන්ගේ උපකරණ විකුනාගන්නනේ

No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...