ශේණි ගතව යෙදු බල්බයක් මගින් SMPS පරික්ෂා කිරීම

ඔබ මේ වෙනකොටත් ට්විටර් රේඩියෝ ඇතුළු ඉලෙක්රොනික උපකරණ අලුත්වැඩියා කරන කෙනෙක් නම් මේක ඉතා වැදගත කාරණයක් .හිතන්න ඔබ අමාරුවෙන් මොකක් හරි ඉලෙක්රෝකින උපකරණයක් ප්‍රතිස්ථාපනය කරනවා ,මේකට ජවය දුන්න ගමන් අර උපකරණය නැවත පිලිස්සෙනනවා තව උපකරණ කිහිපයකුත් සමගම , පාඩුව කාටද ,අපිටම නේද , ඉතින් මේ වගේ වෙලාවට තම ශේණි ගත බල්බය අපේ පිහිටට එන්නේ
            මේ බල්බ් එකෙන් ඔබේ කාලය හා මුදල් දෙකම ඉතුරු කරගන්න පුළුවන් ,බල්බයක් යොදා ගතාහම වෙන්නේ ජව සැපයුම තුලින් යන ධාරාව අවම වීම ,එතකොට ප්රාතමිකයේ තියන උපකරණ පිලිස්සෙන්න කිසිම විදියක් නෑ ,මොකක්ද බල්බය නිසා ධාරාව අඩු උනා නේ , සමනය ජව සැපයුමක් සදහා නම් 100 w වගේ බල්බයක් යොදා ගන්න පුළුවන් ,එහෙම නැත්නම් ඊට වැඩ වැඩි ජවයක් ලබාදෙන smps එකක් නම් 100 w බල්බ දෙකක් 200 w  බල්බයක් උනත් යොදා ගන්න වෙයි
            ජව සැපයුම මුලින්ම පරිෂා කරන කොට උනත් මේ පරිශාව කරන්න පුළුවන් ඒ ප්‍රධාන විලායකය ගලවල ඒ වෙනුවට බල්බය යොදා ගන්න හරි සරලයි

මේ බල්බයේ අවස්ථා තුනක් අපිට දක්නට ලැබෙනවා 

1 බල්බය පතතු නොවීම

බල්බය හොදින් දැල්වී ,ක්‍රමක්ක්රමයෙන් නිවී ගිය හොත් smps ප්‍රථමිකය ඉතා හොදින් ක්‍රියා කරනවා යයි සලකයි ,මුලින්ම බල්බය දැල්වෙන්නේ පෙරහන් ධාරිතක ආරෝපණය වීමටයි එම අරෝපනයෙන් පසුව බල්බය නිවී යයි
නමුත් මෙයින් 100 % ම ජව සැපයුම හොදයි කියල කියන්න නම් බෑ


බල්බය පත්තු නොවීම තිබුනොත් නම් ඒ කියන්නේ ජව සැපයුමේ කොහේ හරි පරිපථය බිද වැටුන තැනක් තියනවා කියන එකයි , සේතුව ,ධාරිත්‍රක නැවත පරිෂා කරලා බලන්න වෙනවා
සැලකිය යුතුයි - සමහර smps වැඩ කරන්න MCU එකෙන් SIGNAL එකක් එන්නම ඕනා මේ වර්ගයේ ජව සැපයුම් වලට බල්බය හරහා ජවය ලබා දුන්නම වැඩ කරන්නේ නෑ , මොකද mcu වැඩ කරන්න ඕනා ධාරාව ලැබෙන්නේ නැති නිසා ජව සැපයුම off එකෙමයි තියෙන්නේ , එතකොට ඉතින් කරන්න තියෙන්නේ බල්බය අයින් කරලා ප්‍රධාන ජවයම දීල බලන එක තමයි
ඒ මෙන්ම සමහර අවස්ථා වල පර්හිපොෂණ පරිපථයේ දෝෂ නිසාත් මෙම බල්බ පරික්ෂාව වරදිනවා පර්තිපොෂණයට සම්බන්ද opto ic පරික්ෂා කරන්න මේ වගේ වෙලාවට 

2. බල්බය ඉතා දීප්තිමත්ව දැල්වීම


     
මේ කියන්නේ නම් එචර හොද සලකුණක් නෙමයි ,ජව සැපයුමේ ඇති උපකරණයක් හෝ කිහිපයක් ලුහු පරිපත වෙලා ,ටික වෙලාවක් මෙහෙම තියල ,ධාරිත්‍රක එහෙම විසර්ජනය කරලා ,දෝෂ හොයන්න පටන් ගන්න තමා තියෙන්නේ ,දයෝද සේතුව ,power ic ,power fet වගේ දෙයක් හරි ප්‍රථමික දගරය හරි ලුහු පරිපත වෙලා ඇති , දගරය නම් බලන්න වෙන්න blue ring ප්රික්ෂකයෙන් තමයි 

3 බල්බය නිවී නිවී පත්තු වීම


මේකටත් හේතු කිහිපයක් තියනවා පලවෙනි එක ජව සැපයුම හොදින් ක්‍රියා කරනවා නමුත් බල්බය නිසා එකට ඕනා ජවය ලැබෙන්නේ නෑ ,බල්බය ගලවලා ජවය ලබා දුන්නාම වැඩ කරයි
දෙවැනි කරණය තම බරපතල ජව සැපයුම on වෙනවා නමුත් මොකාක් හරි ආරක්ෂක පරිපථයක් නිසා නැවත off වෙනවා බොහෝ විට over Loard වෙලා වෙන්න පුළුවනි
කොහොම නමුත් බල්බය අයින් කරලා ජවය දෙන්න කලින් දිවිතිකයෙන් වොල්ටියතාවයල් ලැබෙනවද කියල කලින් පරිචේදයේ විස්තර කරපු විදියට පරික්ෂා කරන්න .වොල්ටියතාවයක් එනවා නම් ගැටළුවක් නෑ
සැ යු - බල්බය දැල්විලාම තිබුනොතින් කරන්න තියෙන්නේ ටික වෙලාවක් තියල ,වැඩියෙන් රත් වෙලා තියෙන්නේ මොනවද කියල අල්ලලා බලලා හොයා ගන්න එකයි ,එකත් සාර්ථක ක්‍රමයක් ,අල්ලන කලින් ජවය off කරන්න නම් අමතක කරන්න එපා 





No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...