නියදුම් පරිපථය (Sampling Circuit)

භාරයේ වෙනස්කම් වලට අනුව SMPS ජවසැපයුමේ ප්‍රතිධාන වෝල්ටීයතාවය පාතන වුනොත් එය  අවාසියකි, මෙම ගැටළුව මගහරවා ගැනීමට ජවසැපුමේ ප්‍රධානම වෝල්ටීයතා ප්‍රතිධානයෙන් (B+ voltage) වලින් කොටසක් නියදුමක් ලෙස ලබා ගනී. මෙය (SENSING) පරිපථය ලෙසද හදුන්වනු ලබයි.




නියදුම් පරිපථයේ ප්‍රදාන කාර්යය නම් දෝෂ හදුනා ගැනීමේ හා ප්‍රතිපෝෂණ පරිපථයට අවශ්‍ය වෝල්ටීයතා සංඥා ලබා ගැනීමයි.

සාමාන්‍යයෙන් මෙම පරිපථය ප්‍රතිරෝධක කිහිපයකින් සමන්විත වන අතර,සමහරක් ජවසැපයුම් වල පෙර සැකසුම් ප්‍රතිරෝදකයක් (per - set) දක්නට ලැබෙයි.
මෙම පරිපථයේ ප්‍රතිරෝධකයකට හානි උනොත් අධික ප්‍රතිධාන වෝල්ටීයතාවක් නිසා ජව සැපයුම ස්වයංක්‍රියව ක්‍රියාවිරහිත වේ.


සටහන- සමහරක් SMPS වල මෙම නියදුම් වෝල්ටීයතාවය ප්‍රාතමිකයෙන්ම ලබාගෙන තිබෙයි ඒ සදහා ප්‍රතිපෝෂණ දගරයක් SMT ට්‍රාන්ස්ෆොර්මරයේ ඔතා තිබෙයි,පහත පරිපථය බලන්න 



මෙහි POWER IC (IC901) එකේ,පින් අංක 7 දෙස බලන්න  එහි F/B ලෙස සදහන්ව ඇත, ඒ යනු ප්‍රතිපොෂණයයි,මෙම අග්‍රයේ සිට පහලට අනුරෙකනය කරන්න එවිට හමුවන  T901 පින් අංක 7 න් ප්‍රතිපෝෂණ දගරය හදුනාගත හැක.







No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...