ද්විතික වෝල්ටීයතා ප්‍රතිදාන පරිපථය(Secondary output Voltage Circuit)

ද්විතික වෝල්ටීයතා ප්‍රතිදාන පරිපථය(Secondary output Voltage Circuit)






මෙම පරිපථය  මගින් ජවසැපයුමෙන් ලබාදිය යුතු විවිද  (+ )හා (- ) වෝල්ටීයතාවයන් බැර පරිපථ වෙත බෙදා දීම සිදු කරයි.

මෙහිදී අධිසංඛ්‍යත වලට ඔරොත්තු දෙන ඩයෝඩ (Ultra-fast Recovery Diode)යොදාගැනෙන අතර ප්‍රේරක හා පෙරහන් ධාරිත්‍රක යෙදු පරිපතයක් මගින් හොද සුමට DC ධාරාවක් ලබා ගනී.
සෑම DC පරිපථයකටම වෙන් වෙන් වශයෙන් මෙම මුලික ඉලෙක්රොනික උපක්‍රමය යොදා තිබේ,

නිපදවන DC වෝල්ටීයතා ප්‍රමාණය ද්විතික දගරයේ වට ගණන මත රදා පවතින අතර,ගලා යා හැකි ධාරාව,SMT ට්‍රාන්ස්ෆොර්මරයේ ජව අගය(VA) මත රදා පවතී.
අධික ප්‍රතිධාන ධාරා ලබාගන්නා සමහර අවස්ථා වලදී පහත පරිපථයේ පරිදි D804, D805 විශේෂ දයෝද (schottky Diode)වර්ග යොදා ගනී මෙහි අරමුණ ජව සැපයුමේ කාර්යක්ෂමතව වැඩි කරගැනීමයි 



මෙම පරිපථයේ දී D804 මගින් වෝල්ටීයතාව ඍජුකරණය  කරගන්නා අතර,C813 , L804 ,C816 පෙරහන් ලෙස ක්‍රියා කරයි,දිවිතිකයේ ඇති වන වෝල්ටීයතා ස්ර්ජනයන් අවම කිරිමට C822 ,හා C809 පරිපථයට යොදා ගෙන තිබේ . 
මෙවන් පරිපථයක ඩයෝඩයක් හානි උනොත් හෝ ධාරිත්‍රකයක අධික ESR අගයක් ඈති වුනොත් එය ජවසැපයුම ක්‍රියා නොකිරීමට හේතුවක් වේ ,සමරවිට ස්ථාවර නොවන ප්‍රතිදාන වෝල්ටීයතාවක් ලැබේ. 

බොහෝ විට වෝල්ටීයතාවය අඩු වෙයි ,CRT TV එකක හීටර කොයිලයට සම්බන්ද ධාරිත්‍රකයට  හානි සිදු වූ විට එහි වෝල්ටීයතාව 12 V වල සිට 2.3 V දක්වා අඩු වෙයි , මෙය රුප නොපෙනී යාම අඩු ආලෝකයෙන් රුප පෙනිඉම DIM PICTURE වැනි ධෝෂ ඇති කරයි.

CRT TV විතරක් නෙමයි SMPS යොදාගන්නා ඕනෑම අවස්ථාවක මෙම දෝෂ ඇතිවිය හැකියි ලංකාවේ අපි වැඩිපුර දන්නේ CRT TV ගැන නිසා එකෙන් මේ දේවල් විස්තර කරනවා 



No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...